UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාචාර්ය හේන්පිටගෙදර

ඤාණාවාස නා හිමි ගුණ සැමරේ

දිවුලපිටියේ හේන්පිටගෙදර සකලසූරිය පවුලේ උපත ලබා ඇති ඤාණාවාස නා හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායකව වැඩ සිටි හිස්සැල්ලේ ඤාණෝදය මහනාහිමියන් අතින් බලගල්ල සරස්වතී පිරිවෙනේ දී පැවිදි දිවියට ඇතුළත් විය. මූලික අධ්‍යාපන කටයුතු බලගල්ල සරස්වතී මහ පිරිවෙනෙන් හා රත්නපුර – මුද්දූව ශ්‍රී සුමන පිරිවෙනෙන් ද ලබා ගත් අතර, උසස් අධ්‍යාපනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් ලබා ඇත.

රත්නපුර ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී සුමන විද්‍යාලය හා සුමන බාලිකා උසස් විද්‍යාලය ආරම්භ කිරීමේ දී මූලිකව කටයුතු කළ අතර, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ මහාචාර්ය වරයෙකු වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කෙළේ ය. පසුව ශ්‍රී සුමන මහ පිරිවෙනෙන් හා බලගල්ල සරස්වතී මහ පිරිවෙනේ අධිපති ධූරයද හෙබවූ අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ නායක පදවිය ද ඉසුලූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ව්‍යවස්ථාව සකස් කිරීම, දසපණත බෞද්ධ කොමිෂන් සභා වාර්තාව, බෞද්ධ හා පාලි වීශ්වවිද්‍යාලය පිහිටුවීමේ ව්‍යවස්ථාව සකස් කිරීමේ දී හේන්පිට ගෙදර ඤාණසීහ නාහිමියන් සමඟ මුල් වී කටයුතු කෙළේ ය. 1986 නොවැම්බර් මස 02 දින අපවත් වී වදාළ අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණවාස නාහිමියන් ඉටු කළ සේවාවන් අගය කිරීමක් වශයෙන් රත්නපුර ශ්‍රී සුමන විහාරාධිපති මහාචාර්ය කෝන්ගස්තුන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධීකාරී බුළුගහපිටියේ සුමංගල හිමියන් හා විහාරස්ථ දායක සභාව විසින් නොවැම්බර් මස 3, 4 දෙදින තුළ ගුණ සමරු පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]