UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මල්වතු මහා විහාරයේ කඨින පින්කම

මහනුවර මල්වතු මහා විහාරයීය කඨින මහා පින්කම නොවැම්බර් මස 4 වෙනි දින මල්වතු මහා විහාරස්ථානයේ දී පැවැත් වේ.

මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් 63 වැනි වරටත් සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, එම කාන්තා සමිතිය, සංඝරාජ දහම් පාසල සම්බන්ධ කරගෙන පැවැත්වෙන කඨින පින්කම අවසානයේ දී කඨින චීවර තුනක් මල්වතු මහා විහාරය, පෝයමලුව විහාරය, මාහිමි නිල ආරාමය වෙනුවෙන් පූජා කෙරේ. තුම්පනේ, උඩපේරාදෙණිය, කුළුගම්මන, මහනුවර යන ප්‍රදේශයන්හි දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන කඨින චීවර පූජාවත් සමග දවල් මල්වතු මහා නාහිමි, අනුනාහිමි ප්‍රධාන අර්ධ ශතාධික මහා සංඝ රත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]