සදහම් දැනුම

 

| 2007 | 2008 | 2009 | 2010 |2011 |2012 |2013 |2014 |2015 |

   |2016 | 2017 | 2018 |
  • සදහම් දැනුම
    ප්‍රශ්නය - සංවාදය නිරවුල් චින්තනයට පාදකයෙකි. විවාදය අවුලට මුලකි. සමගියට බාධාවකි. විවාදාපන්න කරුණු හයක් සූත්‍ර දේශනාවලදී හමුවෙයි. වර්තමානික ජන සංවාදවල දී මෙම පරිහානි ලක්ෂණ බෙහෙවින් දක්නට ලැබෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2018.07.12)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - සාමණේරයන් වහන්සේ බිසොවුන්ගේ බස් අසා, දාන සම්භාර බලා සතුටු වී රජව උපනහොත් බුද්ධ ශාසනයට උපකාරීව බොහෝ පින්කොට ගත හැක්කැයි සිතා එළඹ සිටියාවූ දිව්‍යලෝක සම්පත්තිය හැර බිසොවුන්ගේ ආරාධනාව පිළිගත් සේක. (සං.ලං. 431 පිටුව)
    (බුදුසරණ 2018.06.13)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමඟ මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා විදේශීය නාමය අතහැර ආර්ය සිංහල නාමයක් භාවිත කරමින්, බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගමින් ගමට සංචාරය කළේ ය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින් ව්‍යවහාරයට පත්කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවු ද?
    (බුදුසරණ 2018.05.22)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක්ද? යන්න ලොව හමුවෙහි තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.
    (බුදුසරණ 2018.04.22)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන්කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය කුමක් ද?
    (බුදුසරණ 2018.03.17)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතනයෙහි පැවැත් වු ප්‍රථම ධර්ම දේශනාව අවසානයෙහිදී ම දහම් ඇස පාදාගත් (ධම්ම චක්ඛුං උදපාදි) කොණ්ඩඤ්ඤ තව්සාණන්ට ‘එහි භික්ෂු’ භාවයෙන් ‘පැවිදි උපසම්පදාව‘ ප්‍රදානය කළ බුදුරජාණන් වහන්සේ බෞද්ධ ශ්‍රාවක ප්‍රථම භික්ෂු සංස්ථාව පිහිටු වූහ. මෙහි සඳහන් වන ‘එහි භික්ෂු’ භාව පැවිදි උපසම්පදාව යනුවෙන් සඳහන් කරන සංඝ කර්මය කුමක් ද?
    (බුදුසරණ 2018.02.15)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - ශාසනික ඉතිහාසයේ ප්‍රථම සංගීතිය ඉතාමත් වැදගත් වූවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති ප්‍රථම සංගීතියෙහි ඓතිහාසිකත්වයට හානියක් නොවුණත් මෙම සංගීතියෙහි ප්‍රතිඵල පිළිබඳව විවිධ මතභේද මූලාශ්‍රවල දක්නට ලැබේ. මෙම සංගායනාවෙහි ධර්ම විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම සංගෘහිත කළ ආකාරය පිළිබඳව විවරණයක් කරන්න.
    (බුදුසරණ 2018.01.16)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී “දරුව මෙහි එව, තථාගතයන් දෙස බලව, රාහුගෙන් සඳ මිදුණාක් මෙන් මම නුඹ මුදා ගන්නෙමි” යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවු ද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2018.01.08)