සදහම් දැනුම

 

| 2007 | 2008 | 2009 | 2010 |2011 |2012 |2013 |2014 |2015 |

   |2016 |
  • සදහම් දැනුම
    ප්‍රශ්නය – සිල්වත්කම මිනිසාට සම්පතකි. (පංච ආනිසංසා සීලවතො සීලසම්පදාය) මෙලොව හා පරලොව සිල්වතෙකු ලබන සම්පත් පහකි. ඒ මොනවාද?
    (බුදුසරණ 2016.12.28)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – ඉතා උසස් යැ’යි සම්මත බ්‍රාහ්මණ කුලය මෙන්ම ක්ෂත්‍රිය වෛශ්‍ය, ශුද්‍ර යැ’යි කුමන නාමයකින් හැඳින්වුවත් පස්පව් දස අකුසල් සිදුකරන පුද්ගලයෝ ‘පාපකාරී පුද්ගලයෝමය. යම් කෙනෙකු උසස් හෝ පහත් වන්නේ ඒ අයගේ කුසල් අකුසල් ක්‍රියාවන් අනුව මිස මවාගත් සිත නිසා නොවේ . බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කරන්න
    (බුදුසරණ 2016.12.07)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුදු දහමට අනුව සමාජශීලී පුද්ගල නිර්මාණය විය යුත්තේ සමාජයීය මාධ්‍යයක් තුළදීමය. ඒ නිසාම පුද්ගල ජීවිත පැවැත්ම අන් අයගේ අගය වටිනාකම පිළිබඳ නිරතුරුවම සැළකිලිමත් විය යුතු යි. තම පෞරුෂයේ වටිනාකම නැතිනම් අගය පිළිබඳ හැඟීම උද්භව වන්නේ තමා වටා සිටින හා පවතින පරිසරය ඇසුරෙනි. කෙනෙකුගේ පෞරුෂය යන්න. බොහෝ දුරට ඔහු අවට ඇති පරිසරයේ ප්‍රතිඵලයකි. එම පරිසරයේම කොටසකි. සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුන්වහන්සේ අවධාරණය කරන යුතුකම් හා අයිතිවාසිකම් ප්‍රවණතාව හා ඉහත සඳහන් අදහස කෙතෙක් දුරට සමගාමී වන්නක්ද යන්න පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2016.11.21)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරිපුරයට වැඩම වූ කල එක්තරා ගෘහපති ,ගෘහපතිනි දෙපළක් බුදුරදුන් දුටු විගස “පුතා ඔබ අප හැර මෙතෙක් දා හැසුරුණේ කොහිදැ’යි හඬන්නට වූහ.” මේ අඹු සැමි යුවළ කවුරුන්ද? අවස්ථාව කුමක්ද?
    (බුදුසරණ 2016.11.07)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – තථාගතයන් වහන්සේ ගොඩනැගූ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජය නම් සංඝ සංස්ථාවයි. බෞද්ධ ආරාමික සංස්ථා සියල්ලක්ම මේ ලක්ෂණ මත පදනම් වී ඇති බව විනය පිටකය විමර්ශනය කිරීමෙන් පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු පැහැදිලි කරමින් විමසීමට ලක් කරන්න
    (බුදුසරණ 2016.10.30)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – මහා ධර්මපාල ජාතක දේශනාව අසා අනාගාමී ඵලයට පත්වූ ශ්‍රේෂඨ පුද්ගලයා කවුද?
    (බුදුසරණ 2016.10.22)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – 01. බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමඟ කළ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසකි මේ. සුනක්ඛත්ත එන්න මා උදෙසා වාසය කරන්න කියා මම ඔබට කීයෙම්ද ? නැත, ස්වාමීනි,
    සුනක්ඛත්ත මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමි” යි කියා ඔබ මීට කියෙහිද?
    නැත , ස්වාමීනී,
    සුනක්ඛත්ත මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේ නම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කෙතරම් අඥාන සාවද්‍ය කියමනක්ද?
    මෙම පුවත අදාළ අවස්ථාව කුමක්ද?
    (බුදුසරණ 2016.10.09)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – ජනපද චාරිකාවෙහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිව්වන වස්කාලය ගත කළේ කොහිදීද? එහිදී සිදුවුන සුවිශේෂී සිදුවීම් මොනවාද?
    (බුදුසරණ 2016.09.23)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – පරම විමුක්තිය කැමැති පුද්ගලයෙකු විසින් එකසේ වැඩිය යුතු ගුණධර්ම දෙකක් ධර්මයෙහි උගන්වනු ලබයි. ඒ ගුණධර්ම දෙක මොනවාද?
    (බුදුසරණ 2016.09.09)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – සසර යහපතින් ජීවත්වීම සැමගේ ඒකායන අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් ප්‍රාර්ථනාවෙන් කෙනෙකුට ලබාගත නොහැකිවන අතර පිළිවෙතින් සරුබවටම හේතුවෙයි. දන්දීම දස කුසල්හි නිරතවීම හේතුවෙන් ම මේ සම්පත් ලබාගත හැකිය. ඒ සම්පත් මොනවාද?
    (බුදුසරණ 2016.08.31)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – අං.නි. සත්ත භරියා සූත්‍ර දේශනාවට අනුව ගෘහ ජීවිතය අතිශයින් වගකීම් සහිත වූවකි. පවුල යනු සමාජයට නව සාමාජිකයන් එක් කරන ආයතනයයි. එම නව සාමාජිකයන් නිරෝගී මානසික තත්ත්වයකින් යුතුව සමාජයට එවීමේ මූලික වගකීම මව්පියන් වෙත පැවරෙයි. එබැවින් ඔවුන්ගේ (අඹු+සැමි) අන්‍යෝන්‍ය ගෞරව පූර්වක පැවැත්ම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි. ඒ ගෞරවය වෙනුවට එකිනෙකා (විතුදන්තා) හෙළා දැකගන්නා පවුල් තුළින් සමාජයට පිවිසෙන දරුවෝ විෂමාචාර පැවැත්මක් ඇති අයහපත් පුරවැසියෝ වෙති. ළදරු කාලයේ වැටෙන පදනම මුලු ජීවිතයෙහිම සමාජ හිතවාදී පදනම වෙයි. මෙහිදී බිරිඳකගේ වගකීම අතිමහත්ය . බුදුරජාණන් වහන්සේ මෙම පවුල් සමාජ ඒකකය පිළිබඳව දැක්වූ ආකල්පය “සත්ත භරියා” සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වර්ගීකරණයෙහිදී උන්වහන්සේ පළමුවෙන්ම වධක භාර්යාව පිළිබඳව කළ විවරණය කුමක්ද?
    (බුදුසරණ 2016.08.25)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – අනුරාධපුර පූජනීය පෙදෙසේ පිහිටි ථූපාරාම ස්තූපයේ ඓතිහාසිකත්වය පිළිබඳව හැඳින්වීමක් කරන්න.
    (බුදුසරණ 2016.08.10)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන “සම්මා දිට්ඨි” මාර්ග අංගය ධර්මානුකූලව පැහැදිලි කරන්න
    (බුදුසරණ 2016.08.02)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – විචාර පූර්වක බවින් යුතු සත්යේෂණ ක්‍රමයක් මගින් බුදුබව ලබාගත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගේ චින්තන නිදහසට ද ගරු කළහ. සිතීමෙන් හා විමසීමෙන් යුතුව කටයුතු කරන්නට තම අනුගාමිකයන්ටද නිදහස දුන්හ. එය උන්වහන්සේ ආදර්ශයෙන් ද පෙන්වා දුන්හ. බුදු සිරිත ඇසුරෙන් පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2016.07.26)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – සසර යහතින් ජීවත්වීම සැමගේ ඒකායන අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් ප්‍රාර්ථනාවන් කෙනෙකුට ලබාගත නොහැකිවන අතර පිළිවෙතින් සරුවටම හේතු වෙයි. දන්දීම දස කුසල්හි නිරත වීම හේතුවෙන්ම මේ සම්පත් ලබාගත හැකිය ඒ සම්පත් මොනවාද?
    (බුදුසරණ 2016.07.11)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – පුරා පන්සාළිස් වසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ඉටු කළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය පරාර්ථයයි. ඒ සඳහා උන්වහන්සේ වෙත තමා විසින් ප්‍රගුණ කළ , භාවිත බහුලී කෘත කරුණා මෛත්‍රි පිරී පැවැතුණි. සූත්‍රාගත දේශනා අනුව බුදුරජාණන් වහන්සේ ගේ පරමාදර්ශී ලෝක චර්යාව පිළිබඳව හැඳින්වීමක් කරන්න.
    (බුදුසරණ 2016.07.04)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – ‘සත්ථා දෙව මනුස්සානං’ දෙවි මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ශාස්තෘ වන්නේය. උන්වහන්සේගේ ශාස්තෘත්වය (මග පෙන්වීම) කුමක් සඳහාද? පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2016.06.12)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බෞද්ධ පවුල් ඒකකයක් තුළ බිරිඳගේ (භූමිකාව) පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමුවූ ආකාරය පැහැදිලි කරන්න
    (බුදුසරණ 2016.05.29)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – විදර්ශනා භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
    (බුදුසරණ 2016.05.06)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – රූප– අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා බව පෙළදහමට අනුව විවරණය වී නම් රූප ධර්ම යන්නෙහි පැහැදිලිවන ධර්මතාවය කුමක්ද
    (බුදුසරණ 2016.04.30)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ විශාලතම ස්තූපය ජේතවනාරාමය කරවන ලද්දේ කවුරුන් විසින්ද
    (බුදුසරණ 2016.04.14)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බෞද්ධ ශ්‍රාවක සෑම කෙනෙකුම (සිව්වණක් පිරිස) නිතර මෙනෙහි කළ යුතු ධර්ම කරුණු පහක් බුද්ධ දේශනාවන්හිදී සඳහන් කොට ඇත. වර්තමානයෙහි වුවද මෙබඳු සිහිගැන්වීම් කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම නිතර සිහිගන්ව ගත යුතු ධර්ම මොනවාද
    (බුදුසරණ 2016.04.07)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – අසූ මහා ශ්‍රාවක චරිත අතර අග සව් තනතුරු හෙබවූයේ සැරියුත් හා මුගලන් තෙරවරුන්ය. මීළඟට බුද්ධ ශාසන වංශ කතාවේ උසස් ම තනතුර හෙවත් තුන්වැනි අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ කවුද
    (බුදුසරණ 2016.03.31)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – පරිසරය දූෂණය නොකිරීමත් පිරිසුදුකම ආරක්ෂා කරගැනීමත් පමණක් නොව පරිසරය අලංකාර කිරීම හා වැඩි දියුණු කිරීමත් යන බුදුසමය අවධාරණය සූත්‍රාගත දේශනා මගින් පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2016.03.15)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ ගොඩ නැගූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය සංඝ සංවිධානයයි. බෞද්ධ ආරාමික සංස්ථා සියල්ලක්ම මේ ලක්ෂණ මත පදනම් වී ඇති බව විනය පිටකය විමර්ශනය කිරීමෙන් පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු පැහැදිලි කරමින් පැරැණි දඹදිව පැවැති අනෙකුත් ආගමික සංවිධාන වලින් විශේෂයෙන් හඳුනාගත හැකි ලක්ෂණ පැහැදිලි කරන්න.


  • (බුදුසරණ 2016.03.08)
  • සදහම් දැනුම
    ප්‍රශ්නය – අංගුත්තර නිකායේ පත්ත කම්ම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනේපිඬු සිටුවරයාටයි. මේ සූත්‍රයෙහි දැක්වෙන පරිදි ලෝකයෙහි දුර්ලභ කරුණු සතරෙකි. ඒ මොනවාද


  • (බුදුසරණ 2016.03.01)
  • සදහම් දැනුම
    බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසගේ ගෞරවය හා ශක්තිය සඳහා මෙන් ම ජනතා අප්‍රසාදයට හේතුවන්නා වූ සුළු හෝ ඉඩක් නොතැබීම සඳහා මනා සුසික්ඛිත බව ම අවධාරණය කළහ. විශේෂයෙන් භික්ෂු සංඝයාගේ පැවැත්මට මූලික සිද්ධාන්තය වශයෙන් ‘අප්පසන් නානං පාසාදාය –පසන්නානං භිය්‍යෝ භාවාය’ නොපැහැදුනවුන්ගේ පැහැදීම සඳහාත් පැහැදුනවුත්ගේ පැහැදීම වැඩිවීම සඳහාත් පිළිපැදිය යුතු බව අවධාරණය කළහ.මෙහිදී දේශපාලකයන් සහ ස්ත්‍රීන් හමුවෙහි හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් එහිදී සැකය හා අවිශ්වාසයට යොමුගත අවස්ථාවලින් වැළකී සිටින ලෙසත්, එහි ආදීනවත් පහදා දුන්හ. පෙළ දහමෙහි එන නිදසුන් පැහැදිලි කරමින් ද විමසීමක් කරන්න.
    (බුදුසරණ 2016.02.15)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – දාන පාරමිතාව බෝසත් ගුණයකි. දාන වස්තුව – ප්‍රතිග්‍රාහක අරමුණ හා දීමෙහි මහත්ඵල මහානිශංස ලැබීම පිළිබඳවද පෙළ දහම් පොත්පත් වල විචිත්‍ර වූ පිළිවෙත් දක්නට ලැබෙයි. ප්‍රතිගාහක (ලබන්නා) පිළිබඳව බුදුදහමේ අවධාරිත දේශනයන් කිහිපයක් පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2016.02.08)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයේ පණිවිඩය වැඩි පිරිසකට කඩිනමින් ලබාදීම සඳහා එක් සැටනමක් වූ රහතන් වහන්සේලා ප්‍රථම ඇමතීම කුමක්ද?
    (බුදුසරණ 2016.01.09)

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - ජිගච්ඡා පරමා රොගා
    සංඛාරා පරමා දුඛා
    එතං ඤත්වා යථාභූතං
    නිබ්බානං පරමං සුඛං

    පරමාර්ථ වශයෙන් ගත්කළ සියල්ල දුක් වුවද සම්මුති සුවයක් නැතැයි බුදුන් වහන්සේ නොවදාළහ. එබඳු ‘සුඛ’ වර්ග රාශියක් ඇතිබව බුදුහු වදාළහ. උත්සාහ විය යුත්තේ හීන සැප හැකි තරමින් දුරුකරමින් උතුම් සැප ළඟා කරගැනීමටය. පැහැදිලි කරන්න.

    (බුදුසරණ 2016.01.02)