ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් අමාවක පෝදා 2025 අප්‍රේල් 27 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොලොන්නරු සමයේ පළමුවැනි පරාක්‍රමබාහු, දඹදෙණි සමයේ දෙවැනි පරාක්‍රමබාහු මෙන්ම කුරුණෑගල සමයේ දී සතරවැනි පරාක්‍රමබාහු වැනි නරපතියන් විසින් ද දළදා වහන්සේට කළ පූජාවන් හා පෙරහර හා එහි විසිතුරු බව චූලවංසය මෙන් ම දළදා සිරිත වැනි කෘතිවලින් සනාථ වේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර හැරුණු කොට විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මඟින් ද දළදාවේ ඉතිහාසය පිළිබඳ ව තොරතුරු දැනගත හැකි ය. මෙම ග්‍රන්ථ අතරින් එක් ග්‍රන්ථයක් ලෙස ජිනකාලමාලි සඳහන් කළ හැකියි. මෙය පාළි වංශ කථාවකි. මෙය රචනා කොට ඇත්තේ තායිලන්තයේ චියැන්මායිහි රත්තවන විහාරයෙහි රතනපඤ්හ නමැති හිමි නමක් විසිනි. මෙම ග්‍රන්ථය පියවර තුනකින් නිමකොට ඇති අතර සම්පූර්ණ කර ඇත්තේ ක්‍රි.ව 1528 දී ය. කතුවරයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකාවට සහ අග්නිදිග ආසියාවට බෞද්ධාගම ව්‍යාප්ත වූ ආකාරය විස්තර කිරීමයි. මේ සඳහා ඔහු විවිධ මූලාශ්‍ර භාවිත කොට තිබේ. සිරිමේඝවණ්ණගේ නවවැනි රාජ්‍ය වර්ෂයෙහි ලංකාවට දළදා වහන්සේ වැඩම වීම පිළිබඳ ව මෙහි තොරතුරු දැක්වේ. මේ සඳහා පදනම් වී ඇත්තේ දාඨාවංසයෙහි සඳහන් වන තොරතුරු ය. නමුත් පසුකාලීන ව මෙයට අලුත් තොරතුරු ද ඇතුළත් වී තිබේ. නිදසුනක් ලෙස දාඨාවංසයට අනුව ගුහසීවගේ දියණිය වන්නේ හේමමාලාවන් ය. නමුත් ඇය මෙහි සඳහන් වන්නේ හේමජාලා යනුවෙනි. එමෙන්ම දාඨාවංසයෙහි සඳහන් නොවන මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන තවත් කරුණක් වන්නේ දළදාව ලංකාවට වැඩම කර වූ දෙදෙනා මුලින්ම හමු වන්නේ ශ්‍රී මේඝවණ්ණගේ බ්‍රාහ්මණ පුරෝහිතයෙක් ය යන්නයි. මේ හැරුණු කොට මෙම කෘතියෙහි ශ්‍රී ලංකාවට දන්ත ධාතුව වැඩම කළේ බුද්ධ වර්ෂ 840 දී බවත් දන්තධාතුවංසය රචනා කරන ලද්දේ බුද්ධදත්ත තෙරුන් විසින් බවත් එකිනෙකට නොගැලපෙන තොරතුරු සඳහන් වේ. මෙම තොරතුරු බොහෝවිටම පසුකාලීන ව ඇතුළත් වූ තොරතුරු බව සිතිය හැකියි. මෙහි ඇතුළත් වන ඉතා වැදගත් කරුණක් වන්නේ ක්‍රි.ව 1425දී තායි භික්ෂූන් වහන්සේ කැලණියේ දී සිංහල උපසම්පදාව ලබා ගෙන දළදා වන්දනය කළ බවයි. මූලාශ්‍රවලට අනුව මෙම කාලය තුළ දළදාව තිබුණේ හය වැනි පරාක්‍රමබාහුගේ කෝට්ටේ රාජධානියෙහි ය.
අප්‍රේල් 27 ඉරිදා පූ.භා 04.51 අමාවක ලබා 28 සඳුදා පූ.භා. 01.02න් ගෙවේ. 27 ඉරිදා සිල්.
අමාවක
අප්‍රේල් 27
පුර අටවක
මැයි 04
පසළොස්වක
මැයි 12
අව අටවක
මැයි 20
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]