ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු අමාවක පෝදා 2025 ජනවාරි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ. 29 බදාදා සිල්
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
සත්පුරුෂයා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකි. සිල්වත් වූ කල්‍යාණ ධර්ම ඇත්තෙකි. බොහෝ අයට උපකාර ඇත්තෙකි. හේ සත්පුරුෂ ඇසුරට ම පි‍්‍රය කරයි. ධර්ම ශ්‍රවණයට ආසා කරයි. ඔහු සෑම විට ම ධර්මයට ම සත්කාර කරමින්, ගරු කරමින් ධර්මය ම පුදයි. මහා මේඝය යම් සේ පරිසරය සුවපත් කරන්නේ ද එසේම, දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතය සුවපත් කරන්නේ ද, අවිදු අඳුර දුරලන්නේ ද, ආලෝකය ලබා දෙන්නේ ද අන් කිසිවකුත් නොව, ඒ මේ ලොව පහළ වන ශාන්ත සත්පුරුෂයෝ ම ය. මෙත් කරුණා ගුණ පෙරදැරි ව යහපත - අයහපත, කුසල් - අකුසල්, ධර්මය - අධර්මය, විනය - අවිනය, සත් පුරුෂබව - අසත් පුරුෂ බව තෝරා බේරා දී අභය, අවෛරය ලොවට දන් දී මේ මුළු මහත් ලෝකය ම සුවපත් කරන්නෝ ඒ සත්පුරුෂයන් වහන්සේ ම ය. සියලු ලොව අවබෝධ කර ගත් ඒ බුදුරජාණෝ වැසි දිය දහරත්, සත්පුරුෂයාත් එකිනෙකා සසඳමින් මෙසේ දේශනා කොට වදාළ සේක. “මහණෙනි, එය මෙබඳු දෙයකි. මහ වැස්ස සියලු ගොවිබිම් සරු කරන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස වෙයි ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂයා යම් පවුලක උපදින්නේ, බොහෝ දෙනාට යහපත, හිතසුව පිණිස ම වේ. මවුපියන් හට යහපත, හිතසුව පිණිස වේ. අඹු දරුවන් හට යහපත ම, හිත සුව පිණිස වේ. දාස කම්කරු පුරුෂයන් හට යහපත, හිත සුව පිණිස වේ. යහළු මිත්‍රයින් හට යහපත, හිතසුව පිණිස වේ. මිය පරලොව ගිය ඥාතීන්ට යහපත හිතසුව පිණිස වේ. රජු හට යහපත, හිතසුව පිණිස වේ. දෙවියන් හට යහපත, හිතසුව පිණිස වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට යහපත, හිතසුව පිණිස වේ.” සත්පුරුෂයා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකි. සිල්වත් වූ කල්‍යාණ ධර්ම ඇත්තෙකි. බොහෝ අයට උපකාර ඇත්තෙකි. හේ සත්පුරුෂ ඇසුරට ම පි‍්‍රය කරයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙන් ලැබිය හැකි අග්‍රඵලය වන්නේ දහම් අවබෝධය හෙවත් නිවන යි. එම දහම් අවබෝධයෙහි පළමු පියවර සෝතාපන්න ඵලයයි. “සෝත” යනු සැඩ පහරයි. මෙම දහම් සැඩ පහරට හසු වූ කෙනා කිසිදු අනතුරකට පත් නොවී නිවනින් සැනසීම ලබයි. සූත්‍ර දේශනාවල සෝතාපන්න ඵලයට පත්වීම විවිධ අයුරින් විස්තර කර ඇත. සංයෝජන දුරුවීමක් වශයෙන් සෝතාපන්න ඵලය විස්තර කිරීමේ දී සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත. පරාමාස යන සංයෝජන තුන දුරු වීම සෝතාපන්න ඵලයයි. සක්කායදිට්ඨිය දුරුවීම නිසා ම ඉතිරි සංයෝජන දෙක ද දුරු වන බව ඉතා වැදගත් කරුණකි. මෙම සංයෝජන වෙන් වෙන් වශයෙන් ප්‍රහාණය (දුරුකිරීම) කළ නො හැකි බව තේරුම් ගත යුතු ය. බොහෝ විට සීලබ්බත පරාමාස වශයෙන් විස්තර කරන්නේ අතීතයේ පැවැති “අජවෘත” (එළුවන් සේ හැසිරීම) “ගෝවෘත” (ගවයන් සේ හැසිරීම) ආදී සීල ව්‍රත පමණි. නමුත් තමන් සමාදන් වූ සීලය ද මමත්වයෙන් දැඩි ව අල්ලා ගැනීම සීලබ්බත පරාමාස බව දැන සිටිය යුතු ය. සීලය මුල්කොට තමා හුවා දැක්වීමත්, අන්අය හෙළා දැකීමත් එහි ම ලක්ෂණයකි. අතීතයේ මම සිටියෙම් ද? අනාගතයේ මම සිටින්නෙම් ද? වර්තමානයේ මම කොහි සිටි පැමිණියෙම් ද? ආදී වශයෙන් තමා පිළිබඳ සැක කිරීම විචිකිච්ඡාවයි. මේ නිසා විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන දෙක ද මමත්වය මුල් කොට පැනනඟින බව පැහැදිලි වේ. එබැවින් මමත්වය හෙවත් සක්කාය දිට්ඨිය දුරු වීමෙන් එම සංයෝජන දෙක ද දුරු වී යයි. “කාය” යන වචනයෙහි සමූහය (ගොඩ) යන අර්ථය ඇත. මේ නිසා සමූහයක් ඇත යන වැරැදි අදහස සක්කාය දිට්ඨිය යි. මෙය “ස්වකාය” (තමාගේ කය) දිට්ඨිය ලෙස හඳුන්වා දෙන අවස්ථා ද ඇත.
මවුපිය උපස්ථානය.... දරුවනට මවුපියන් තරම් ශ්‍රේෂ්ඨ පුද්ගල කොටසක් ලෝකයේ වෙනත් නොවේ. ගෙදර සිටින බුදුන් හැටියට සාමාන්‍ය ලෝකයා හඳුන්වනුයේ මවුපිය දෙදෙනා ය. බුදුරජාණන් වහන්සේ විසින් මවුපියන් මහාබ්‍රහ්ම, පුබ්බ දේව, පුබ්බචරිය, ආහුන්‍යෙය යන ගුණපදවලින් හඳුන්වා තිබේ. “බ්‍රහ්මාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. පුබ්බා චරියාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. පුබ්බ දෙවාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. ආහුනෙය්‍යාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. තං කිස්ස හෙතු? බහුකාරාභික්ඛවෙ මාතාපිතරො පුත්තානං ආපාදකා පෙයකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරොති.” (අං.නි.චතුක්ක නිපාතය) “මහණෙනි, පූර්ව මවුපියනට ‘බ්‍රහ්ම යන මේ නමකි. මහණෙනි, මවුපියනට ‘පූර්වාචාර්ය’ යන මේ නමකි. මහණෙනි, මවුපියනට ‘පූර්වදේව් යන මේ නමකි. මහණෙනි, මවුපියනට ‘ආහුනෙය්‍ය’ යන මේ නමකි. ඒ කවර හෙයින්ද යත්? මහණෙනි, මවුපියෝ දරුවනට බොහෝ උපකාරයහ. හදා වඩා මෙලොව එළිය දක්වන්නෝ වෙති. යනු එහි අදහස ය. බ්‍රහ්ම..... ‘බ්‍රහ්ම’ යනු මවුපියනට කියන නමකි. ‘බ්‍රහ්ම’ යනු ලෝකයාගේ ගෞරව නමස්කාරයට පත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණයන්ගෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූවකි. මේ ධර්ම සතර බ්‍රහ්මයා ලෝකවාසී සත්ත්වයන් විෂයයෙහි පවත්වයි. එමෙන් ම මවුපියෝ ද ස්වකීය දරුවන් විෂයයෙහි මේ ධර්ම සතර පතුරුවති. එබැවින් මවුපියෝ දරුවන්ගේ මහා බ්‍රහ්මයෝ වෙති. දරුවා මවුකුස වසන කාලයේ සිට ම අපගේ දරුවා නීරෝගී සම්පන්න පිරිපුන් අඟ පසඟ ඇති ව කවදා දකිමු දැයි මවුපියනට මෙත් සිත උපදී. උපන් දරුවා මැසි මදුරු ආදී සතුන්ගෙන් පීඩා ලැබ හෝ ආහාරපානාදිය නොලැබීමෙන් හෝ හඬන කල්හි ඒ හඬ ඇසුණු මවුපියනට කරුණාව පහළ වෙයි.
තල්පේ අරියජෝති හිමිපාණන් වහන්සේ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති
දඹාන ආදිවාසී ජනඋරුම මහාවිහාර කර්මාන්ත මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය
ගඩලාදෙණිය රාජ මහා විහාරයට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්
මිරිස්සේ ධම්මික නාහිමියන්ගේ ජන්ම දිනයට පින්කම්
බෞද්ධයා රූපවාහිනී නාළිකාව සම්මාන ලබයි
පිහිට පතයි
ඉතිරිය»
සසර මඟ කෙටි කර ගන්නට ඉන්ද්රිය භාවනාව
සෘණාත්මක චිත්තවේග කළමනාකරණයට බෞද්ධ ආකල්ප රෝපණය කරමු
පසුතැවීම දුරු කරන්නා වළාවෙන් මිදුන පුන්සඳ සේ බබළනවා
සසුන් පිළිවෙත් සුරකින ආදර්ශවත් සඟරුවන මීරිගම ගෝතම නාහිමියෝ
වරදට සමාව දීම මානසික සහනයට උපකාරී ය
රන් කළයක් මතු වූ ජය භූමියේ ඉදි කළ ලංකාතිලක රාජමහා විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]