[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දඹදිව බුද්ධගයා විහාරය

දුරුතු අව අටවක

  ජනවාරි 21 අඟහරුවාදා අ.භා 12.41 අව අටවක ලබා 22 බදාදා අ.භා. 03.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 13

සම්බුදු දහමින් සුපෝෂිත ලාංකේය ජන ජීවිතය

බුදුරදුන්ගේ ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් රජතුමාට ඇත්දැයි දැන ගනු කැමැති ව මිහිඳු මහරහතන් වහන්සේ, අඹ ගස් ගැන ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය විමසීය. ප්‍රශ්න දෙකට ම බුද්ධිමත් පිළිතුර ලද බැවින් රජුගේ නැණ නුවණ තේරුම් ගත් මිහිඳු මහරහතන් වහන්සේ රජුට හා ඔහු සමඟ සිටි පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දම් දෙසූහ, භාරතයේ බිහි වූ බලවත් අධිරාජ්‍යයක් හැටියට මෞර්ය අධිරාජ්‍ය හැඳින්විය හැකි ය. මෙහි ආරම්භකයා වූයේ මෞර්ය නම් පෙළපතට අයත් වූ “චන්ද්‍රගුප්ත” නම් කුමාරයෙකි. ඔහුගේ පුරෝහිතයා වූයේ කෞටිල්‍ය නමින් හැඳින්වුණු චානක්‍ය බ්‍රාහ්මණයා ය. සිය පුරෝහිතයාගේ උපදෙස් අනුව චන්ද්‍රගුප්ත රජු විශාල මෞර්ය අධිරාජ්‍යය ගොඩනැඟුවේ ය. එහි අගනුවර වූයේ පාඨලීපුත්‍ර නගරය යි. ඔහුගේ අභාවයෙන් පසු ඔහු පුත් බින්දුසාර කුමරු රජකමට පත්විය. “සතුරන් නසන්නා” යන අර්ථ ඇති “අමිත්‍රඝාතක නම් වූ විරුදය දැරූ මේ රජු ද සිය පියා අනුව යමින් අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ නියැළුණේ ය. බින්දුසාර රජුගේ අභාවයෙන් පසු ක්‍රිස්තු පූර්ව 270 දී පමණ අශෝක කුමාරයා රජ පදවියට පත්විය. මෞර්ය අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතමයා වූ හෙතෙම සිය මුත්තණුවන්ගේ කාලයේ සිට ක්‍රියාත්මක කර ගෙන ආ අධිරාජ්‍යය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ...

අවබෝධයෙන් හඳුනාගත යුතු නිවනෙහි ස්වභාවය

නිවීයාමෙහි ආරම්භය සෝතාපන්න ඵලයයි. නමුත් එය රාග, ද්වේශ, මෝහ මුළුමනින් නිවීයාමක් නොවේ. අනුපිළිවෙළින් සකදාගාමී, අනාගාමී හා අරහත් යන ඵලයන්ට පත්වීමෙන් නිවීයාම සම්පූර්ණ වේ. පුද්ගලයකුගේ සිත තුළ ඇති වන රාග, ද්වේශ, මෝහ යන අකුසලයන්ගෙන් එම පුද්ගලයා සසර පුරාවට දවන, තවන බැවින් , රාග ද්වේශ මෝහයන්ගේ නිවීයාම “නිබ්බාන” හෙවත් නිවනයි. නිවීයාමෙහි ආරම්භය සෝතාපන්න ඵලයයි. නමුත් එය රාග, ද්වේශ, මෝහ මුළුමනින් නිවීයාමක් නොවේ. අනුපිළිවෙළින් සකදාගාමී, අනාගාමී හා අරහත් යන ඵලයන්ට පත්වීමෙන් නිවීයාම සම්පූර්ණ වේ. සෝතාපන්න ශ්‍රාවකයා කිසිම අයුරකින් දුගතියට නොයන අතර, ආත්මභව අටකට පෙර අර්හත්වයට පත්වේ. (නතේ භවං අට්ඨමං ආදියන්ති - රතනසුත්ත) සකදාගාමී පුද්ගලයාගේ රාග, ද්වේශ, මෝහ තනුක වී (ටිකක් අඩුවී) ඇති අතර එක් වරක් මිනිස් ලොව උපත ලබා දුක අවසන් කරයි. අනාගාමී ශ්‍රාවකයා මරණින් පසු සුද්ධාවාස බඹලොව උපත ලබා එහි දී ම අර්හත්වයට පත් වී සසර නිම කරයි. තෙල් හා වැටි අවසන් වීමෙන් පහනක් නිවී යන්නා සේ ම අනුපිළිවෙළින් කෙලෙස් (සිතෙහි ඇති කිලිටි) දුරුවීමෙන් සම්පූර්ණ නිවී යාම සිදුවන බව මෙයින් පැහැදිලි වේ. සෝතාපන්න, සකදාගාමී හා අනාගාමී ශ්‍රාවකයන්ගේ තවදුරටත් කෙලෙස් ඉතිරි ව තිබුණත් නිවීයාම ආරම්භ වී ඇති බව සඳහන් කළ හැකියි.

 

අනුන්ගේ දුක මඟ හැර නොයන්න සැප විපාක පසු පස ම එනවා

අතීත ලංකා ද්වීපයේ රුහුණු රටේ හැම ප්‍රදේශයක ම පාහේ පිරිවෙන්, විහාරස්ථාන පිහිටුවා තිබුණා. ඒ කාලේ ‘තිස්ස’ කියන පිරිවෙන් විහාරයට වැඩි වශයෙන් සාමණේර භික්ෂූන් වහන්සේ වැඩම කළේ ත්‍රිපිටක අධ්‍යාපනය හොඳින් ලබා දෙන නිසයි. මේ විහාරයට වැඩම කළා ‘තිස්ස’ නමින් ම සාමණේර හාමුදුරුවන් වහන්සේ නමක්. වත්පිළිවෙත් කරමින්, ගුරුවරුන්ට කීකරු ව හොඳීන් අධ්‍යාපන කටයුතුත් කළා. පිණ්ඩපාතයේ වැඩම කිරීම මේ පුංචි හාමුදුරුවන්ගේ පුරුද්දක් වුණා. හැමදා ම උදෙන් ම අවදිවෙලා කටයුතු සියල්ල අවසන් කර පාත්‍රා සිවුරු ගෙන සංවර ඉඳුරන්ගෙන් යුක්තව ගමට වැඩම කරනවා. දවසක් එහෙම සූදානම් ව වැඩම කළේ ‘පාණව’ කියන ගමට. වැඩම කරන්නේ වියගහක් තරම් දුර බලා ගෙන පමණයි. වටපිට බලන්නේ නැහැ. වෙනත් අය එක්ක කතා කර කර යන්නේ නැහැ. පුරාණ මහ තෙරවරුන් වැඩම කළ ආකාරයට වගේ ම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විදිහට ම සංසුන් ඉඳුරන් ඇතිව පිණ්ඩපාතයේ වැඩම කරනවා. පුංචි වයසේ දී එසේ වැඩම කිරීම ගැන මිනිසුන්ට පැහැදීමක් ඇති වුණා. උන්වහන්සේගේ ඉඳුරන් තවදුරටත් සංවර වුණා. ‘පාණව’ කියන ගමට ‘තිස්ස’ පොඩි හාමුදුරුවෝ පිණ්ඩපාතයේ වැඩම කරනවා කියලා අහපු ගමන් ගමේ හැමෝම බලන් ඉන්නවා පුංචි හාමුදුරුවන්ට දානය පිළිගන්වන්න.

 

තාවකාලික ජීවිතයට සදාකාලික හීන කුමට ද?

පෙර පාසල් යන සිඟිත්තාගේ පටන් ජීවිතයේ අග සිටින මහල්ලා දක්වා ම පෙළගැසෙන හැම ජීවිතයක ම විඩාව නො අඩුව තිබෙනවා. ඒ නිසා ඒ උදවිය හරිම නො ඉවසිලිමත්. ඒ මුහුණුවල සැහැල්ලුව, සතුට, ප්‍රබෝධය පිළිබිඹු වන්නේ බොහෝම අඩුවෙන්. හිමිදිරියේ අවදි වූ මොහොතේ සිට ගෙවා දමන ජීවිතය තුළ අපගේ නොසන්සුන්තාව තදින් ම ප්‍රකට වෙනවා. කලබලකාරී මනසින් වාහනයට ගොඩවන අප මාර්ග සංඥා පුවරුව ඉදිරියේ විනාඩි එකහමාරක් ගෙවා දමන්නේ කො තරම් කලබලයෙන් ද? රතුපාට සංඥාව ඉදිරියේ කොළපාට වැටෙන තුරු බලා සිටි වාහනය ඉදිරියට ගනිද්දී ඉදිරියෙන් ඇති වාහනය සෙලවෙන්නේ නැති ව එතැන ම තිබුණොත් අපට මොනවගේ සිතිවිලි හිතෙනවා ද? පිටුපස ඇති සියලු ම වාහන එක දිගට නලාව නාද කරමින් ‘මොකද ඔතැන කරන්නේ?’ කියා ඒ වාහන හිමිකරුගෙන් අහන එක ලේසියි. නමුත් දෝෂයකින් නතර වූ වාහනය පණ ගන්වන්න උදවු වුවමනා එළඹී ඇති බව තේරුම් ගන්න අපට අමාරුයි. මේ සිත මායාකාරි යි. ලෙහෙසි දේ කරන්නට ලෙහෙසියෙන් නැඹුරු වෙන, අමාරු දේ කරන්න වෑයම් නොකිරීම සිතේ ස්වභාවය යි. එනිසයි අපේ ජීවිතවල නො සන්සිඳෙන කලබලයක් ගොඩනැඟී තිබෙන්නේ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 







 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]