ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් අව අටවක පෝදා 2024 නොවැම්බර් 23 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දඩගමුව රාජමහා විහාරයීය සාමණේර ස්වාමීන් වහන්සේ
නොවැම්බර් 22 සිකුරාදා අ.භා. 06.14 අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 08.02 ගෙවේ. 23 සෙනසුරාදා සිල්
අව අටවක
නොවැම්බර් 23
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
පසළොස්වක
දෙසැම්බර් 14
වර්ෂයකට එක් වරක් පමණක් එක් විහාරස්ථානයක පැවැත්විය හැකි පූජාව කඨින චීවර පූජාව යි. එය සෑම බෞද්ධයකු විසින් ම ඉමහත් සැදැහැයෙන් සහ ගෞරවයෙන් සිදු කරනු ලබන සුවිශේෂ පින්කමකි. අට මහා කුසල්වලින් මුල් තැන හිමි වන්නේ ද කඨින චීවර පූජාවට යි. මේ නිසා අන් පින්කම්ලට වඩා කඨින පින්කම් කිරීමට, ඊට සහභාගි වීමට බෞද්ධයෝ වඩාත් රුචි කරති. උත්සුක වෙති. මේ පින්කම් අප රටේ පමණක් නොව බෞද්ධාගම අදහන ජනයා සිටින ලොව බොහෝ රටවල ඉතා කැපවීමෙන් හා බැතියෙන් පවත්වනු ලැබේ. මෙම පින්කමට සහභාගි වන දෙස් විදෙස් බොදු පිරිස් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් එම පින්කම්වලට සහභාගි වීම ද සුවිශේෂ ලක්ෂණයකි. කඨින පින්කම් ඇරඹෙන්නේ සෑම වසරක ම ඔක්තෝබර් හෙවත් වප් මස උදා වන පුර පෝයත් සමඟ ය. ඇසළ හෙවත් ජූලි පුර පසළොස්වක පොහෝ දින පොහොය සීමාවට රැස් වන භික්ෂූන් වහන්සේ ඇවැත් දෙසීමාදී විනය කර්ම කොට වස් සමාදන් වී මාස තුනක් යන තෙක් එය ආරක්ෂා කළ යුතු ය. මේ තෙමස තුළ ගිහි පැවිදි දෙපිරිස ම ඔවුනොවුනට යුතුකම් ඉටු කරති. මේ නිසා මේ කාලය තුළ ගමත්, පන්සලත් අතර බැඳියාව දින දින වැඩි වෙයි. වස්කාල සීමාවේ දී ඕනෑම කෙනකු තුළ යහපත් සිරිත් ඇතිවීම අපේක්ෂිත ය. භික්ෂූන් ද දිනපතා සිල් සිහිපත් කිරීම, භාවනා වැඩීම හා වෙනත් ආගමික කටයුතුවල නියැළෙන නිසා ඔවුන්ගේ ජීවිතය ද ආධ්‍යාත්මික වශයෙන් වර්ධනය වෙයි. මේ නිසා වස් කාලය බොදු ජනයාටත්, භික්ෂූන් වහන්සේටත් කාර්යබහුල වකවානුවකි. කඨින චීවර පූජාව යනු විශේෂ චීවර දානයකි. එය ලබා ගැනීමට හිමිකම ඇත්තේ පෙරවස් වසා පවාරණය කළ භික්ෂූන්ට පමණි. වප් මස හෙවත් ඔක්තෝබර් මස අව පෑළවිය දින සිට ඉල් මස හෙවත් නොවැම්බර් පුර පසළොස්වක දිනය තෙක් වන මාසයක කාලය කඨින චීවර පූජා කළ හැකි කාලයයි. මේ කාලයට චීවර මාසය යැයි කියනු ලැබේ.
භාග්‍යවතුන් වහන්සේගේ සීලය, සමාධිය, ප්‍රඥාව, ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ජීවන පැවැත්ම කිසිදු දෙවියකුට, බ්‍රහ්මයකුට හෝ මිනිසකුට සම කරන්නට බැහැ. එනිසයි උන්වහන්සේට අසම කියන නාමයක් භාවිත කරන්නේ. මිනිසුන් අතර ම ඉපදිලා, හැදිලා වැඩිලා, මේ ජීවිතයේ සැබෑ අරුත වටහා ගෙන, මේ විඳින දුකෙන් එතෙර වුණා ද, සසර සැඩ පහර තරණය කළා ද, එසේ කළේ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේගේ උපත, ජීවිත පැවැත්ම, පිරිනිවීම, අසිරිමත්. බෝසතාණන් වහන්සේගේ උපත ලෝ සතුන්ට යහපත උදා කරවන්නක්. මේ ලෝකයේ දෙවි මිනිසුන්ට හිත සුව පිණිසයි, සැපය පිණිසයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වන්නේ. එය ඒකාන්ත සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා සුගති සැප සලසා ගත්තා. සසරින් එතෙර වන මාර්ගය අවබෝධ කළා. සසරින් නිදහස් වුණා. අතීතයේ සිටි බුද්ධිමත් දෙව් මිනිසුන් තමන්ගේ ශාස්තෘන් වහන්සේ නිසා එතරම් රැකවරණයක් සලසා ගත්තා නම් වර්තමානයේ ජීවත් වන අපටත් ඒ රැකවරණය සලසා ගන්නට බැරි ඇයි? එයට වුවමනා වන්නේ තෙරුවන කෙරෙහි පැහැදීම ඇති කර ගෙන සරණ යාමයි. ශ්‍රද්ධාව උපදවා ගැනීමයි. ශ්‍රද්ධාව කියන්නේ අපගේ ශාස්තෘන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි. එසේ පැහැදීම ඇති කර ගැනීමට උතුම් සූත්‍ර දේශනා නිතර නිතර පරිශීලනය කළ යුතු වෙනවා.
සමස්ත සම්බුදු දහම, එහි ක්‍රියාකාරීත්වය සහ අභිප්‍රාය නියෝජනය කරන දාර්ශනික සාධකය ලෙස ත්‍රිවිධ ශාසනය හැඳීන්විය හැකි ය. ත්‍රිවිධ ශාසනය ගැන මූලික පෙළ දහමට වඩා එම දහම විවරණය කළ අටුවා සාහිත්‍ය තුළ සාකච්ඡා කර ඇත. මහා අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ මාහිමියන් විශුද්ධිමග්ගයේ මෙන්ම සංයුත්ත නිකාය අටුවා වූ සාරත්ථප්පකාසිනියේ මේ ගැන සාකච්ඡා කර ඇත. ත්‍රිවිධ ශාසනය යනු පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේධ ශාසනය යි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන් සහිත සමස්ත ලෝකවාසීන්ට වදාළ ධර්මය පරියාප්ති ශාසනය නම් වේ. එය සංඛ්‍යාත්මක වශයෙන් අසූහාරදහසක් ධර්මස්කන්ධවලින් සමන්විත වේ. බුදුරජාණන් වහන්සේ පහළ වූ මුල්ම කාලයේ එය ධම්ම - විනය වශයෙන් ද්වීවිධ වූ අතර, පසුව නවංග සත්ථු ශාසන වශයෙන් අංග නමයකට බෙදා ව්‍යවහාර කරන ලදී. අටුවාචාරීහු පවසන අන්දමට අසූහාරදහසක් ධර්මස්කන්ධ අතුරින් අසූ දෙදහසක් බුද්ධ භාෂිත ලෙස ද. දෙදහසක් ශ්‍රාවක භාෂිත ලෙස ද හැඳීන්වේ. නවංග සත්තු ශාසනය තුළ ද විවිධ ධර්ම කොටස් විස්තර වේ. සූත්‍ර ගාථා, ව්‍යාකරණ හෙවත් විවරණ, උදාන, සොම්නස් දේශනා, ජාතක කතා වස්තු, ආශ්චර්යජනක විසිතුරු තොරතුරු නවාංග සත්තු ශාසනය වශයෙන් සම්බුදු දහම වර්ගීකරණයේ දී හඳුනාගෙන ඇත.
ජීවිතය පාලනය කරන්නේ සිතයි කාලයක සිට සිතෙහි පවතින ද්වේෂය හෝ කේන්තිය හෝ එම පුද්ගලයා විනාශයට පත් කරයි. එය ශරීර සෞඛ්‍යයට හානි පමුණුවන විෂබීජයක් බඳු ය. ද්වේෂය දිගින් දිගගට ම සිතෙහි පැවතීමට ඉඩ හැරීම තමන් විසින් ම තමන්ට ම කර ගන්නා හානියකි. බොහෝ විට එහි මුල ආත්මාර්ථකාමී බව ම ය. මේ නිසා තමන් ගැන පමණක් නොව අනුන් ගැන ද සිතන්නට, අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නට ද සිත සකසා ගත යුතු ය. එවිට තමන්ගේ සුභ සිද්ධිය ඉබේ ම සැකසෙනු ඇත. තමන්ගේ දියුණුව, සුභ සිද්ධිය ම අපේක්ෂා කළ ද, තමන් ගැන පමණක් සිතන කෙනකුගේ එම ආත්මාර්ථකාමීත්වය ම ඔහුගේ පෞරුෂත්වයත්, ආධ්‍යාත්මික දියුණුවත් වනසයි. එම පුද්ගලයා ජීවත් වන්නේ ඔහු සඳහා ම පමණි. අන්‍යයන්ට ආදරය ගෞරවය කිරීමක් ගැන ඔහුට හැඟීමක් නැත. බොහෝ විට සුළු දේට පවා ඉක්මන් වන පුද්ගලයාගේ මුළු ජීවිතය ම දුකින් පිරී පවතින්නේ ය. තමන්ගේ එදිරිවාදිකාරයින් සේ සැක කරන පුද්ගලයන්ගේ දියුණුව, සාර්ථකත්වය කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. අනුන් සතු දේට යමෙක් ලොබ බඳියි. අනුන්ගේ සැපත, සතුට විඳ දරා සිටින්ට නොහැකි වෙයි. අවසානයේ මුළුමනින් ම සිත දූෂ්‍ය කර ගන්නා අතර මුළු සමාජයට ම අනතුරුදායක අයකු බවට පත්වන්නේ ය. දුප්පත් වුව ද, පොහොසත් වුව ද ආත්මාර්ථකාමියා මෙහෙයවන්නේ තෘෂ්ණාවෙනි.
සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ සසුන් දිවියේ 54 වැනි වසර සපුරති
නාන්දුව ශ්‍රී සුධර්මාරාම සෑ රදුන් වහන්සේ විවෘත කෙරේ
දාස්පෙතියා මල් ලක්ෂයක් පිදීමේ අසිරිමත් පින්කමක්
ඉතිරිය»
සම්බුදු සිරුර විසිතුරු කළ අසූවක් අනුව්‍යඤ්ජන
හැම මොහොතකට ම ඔබින මරණානුස්සතිය
සම්බුදු මඟ යන ආර්ය මහා සංඝරත්නය
සීලය
රට දැය සමය බස පිළිබඳ ඇති ව පෙම - කටයුතු කරමි ජීවත් වන තුරු ම මම
ශාසනමාමක ධර්ම විනයධර අතිපූජ්‍ය මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණෝ
හොඳම තෑග්ග
නුවණැති දිවි මඟ
පලුගස්වැව ගමට ආලෝකයක් වූ ආලෝක විහාරය
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]