ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නිකිණි අව අටවක පෝදා 2024 අගෝස්තු 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නුවර ඇඹිල්ල රාජමහා විහාරයේ වැඩසිටින සාමණේර ස්වාමින් වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
අගෝස්තු 26 සඳුදා පූ.භා 03.42 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.23 ගෙවේ. 26 සඳුදා සිල්
අව අටවක
අගෝස්තු 26
අමාවක
සැප්තැම්බර් 02
පුර අටවක
සැප්තැම්බර් 11
පසළොස්වක
සැප්තැම්බර් 17
දෙවියන්, මරුන්, බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු ලී සතුන් එක ම කටුවක සිර වී සිටින්නෝ ය. ඒ කටුව වූ කලි ‘අවිද්‍යාව‘ යි. තීක්ෂණ ප්‍රඥාව නම් වූ නිය සිළෙන් අවිද්‍යා කටුව සිඳගෙන, විද්‍යාව පහළ කර ගත්තේ අපගේ පරමෝත්තම ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ මහෝත්තමායාණෝ අවිද්‍යා කටුව සිඳලූ නිසාවෙන්, ඒ කටුව ගැනත් මනාව දන්නා සේක. ඒ කටුව සිඳිනා අයුරුත් මනාව දන්නා සේක. කටුව සිඳලූ පසු උදාවන ආලෝකය ගැනත් දන්නා සේක. ඒ පුළුල් අවබෝධය සහිත ව අපගේ සම්බුදු රජාණන් වහන්සේ අන්ත අසරණ ව සසර ගමනක පැටලුණු ලෝ සතුන් හට උතුම් පිළිසරණ දායාද කළ සේක. ඒ පිළිසරණ නම් උතුම් බුද්ධ රත්නයේ සරණ ය. අමෘතයක් බඳු වූ ධර්ම රත්නයේ සරණ ය. අනුත්තර පින්කෙත වූ ආර්ය සංඝරත්නයේ සරණ ය. සියලු දුක් නැසීමටත්, ක්ෂේම වූ නිවන අත්දැකීමටත්, උතුම් ම සරණ වූ තෙරුවන් සරණේ පිහිටීමටත් පරිපූර්ණ මඟපෙන්වීම කරන හෙයින් අප බුදුරජාණන් වහන්සේ සත්ථා හෙවත් ශාස්තෘ වන සේක. එසේ කරන ඒ මඟ පෙන්වීම නුවණැති දෙවියන්හටත්, නුවණැති මිනිසුන්හටත් ජීවිතාවබෝධය කිරීමට හේතු වන නිසා උන්වහන්සේ දෙවිමිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ නොහොත් සත්තා දේවමනුස්සානං වන සේක. ක්ලේෂ වසඟ ව සිට සම්බුදු රජාණන් වහන්සේගේ සරණ ලබා ජීවිත සුවපත් කර ගත් නුවණැති මිනිසුන් ගැන අප කොතෙකුත් අසා ඇත. මේ මනුලොවට වඩා අතිශයින් ම උසස් කාම සම්පත් විඳින දෙවියන් ද ඒ කාමයන්ට වසඟ ව ප්‍රමාදී ව සිට අසරණ වු කල්හී ඔවුනට ද එක ම පිළිසරණ වූයේ අපගේ සම්බුදුරජාණෝ ම ය. තව්තිසා දෙව්භවනේ නන්දන උයනේ පරසතු රුක එකල මල් පිපී බොහෝ මලින් ගැවසි ගත් කාලය යි. දෙව්ලොව දෙවියන් හට පරසතු රුකේ මල් පිපුණු සමය විශේෂ සැණකෙළි සමයකි. සුබ්‍රහ්ම නම් දිව්‍ය පුත්‍රයා තම පරිවාර පන්සියයක් දිව්‍ය අප්සරාවියන් පිරිවරා ගෙන මේ නන්දන වනයට පිවිසියේ ය.
තමා විසින් යහපත් ක්‍රියාවක් සිදුකිරීමෙන් රැස් කර ගන්නා වූ පින තවත් කෙනකුට අයිති කිරීම, පින් අනුමෝදන් කිරීම යනුවෙන් හඳුන්වයි. එය ප්‍රාප්ති දාන පින්කම ලෙස ද ව්‍යවහාර කෙරේ. අතින් අත ගෙන යම් ද්‍රව්‍යයක් දීමෙන් පින් ලැබෙනවා සේ ම, සිතකින් සිතකට තරංග මඟින් සිදුකෙරෙන පින් දීමෙන් ද පිනක් අත්වන්නේ ය. මෙය සිතින් සිතා වචනයෙන් කීමෙන් සිදුකෙරෙන ක්‍රියාවකි. මා සිදු කරගත් පින අසවලාට අනුමෝදන් වේවා’යි කිව යුතු ය. එසේම එම පින් ලබන අයගේ නම් කියා අනුමෝදන් කිරීම වඩාත් උචිත වන්නේ ය. මෙසේ පින් අනුමෝදන් කිරීමේ දී පින් බලාපොරොත්තුව සිටින සත්වයින් සතුටින් ඒවා ලබා ගනී. උදාහරණයක් ලෙස කිවහොත් කුසගින්නේ සිටින කෙනකුට ආහාරයක් ලැබීමෙන් සතුටු වන්නා සේ ය. ගිනි අව්වේ පිළිස්සෙන කෙනකුට සෙවණක් ලැබුණා සේ ය. නිතර දෙවේලේ පින් අනුමෝදන් කිරීම සිදු කළත් අප රැස් කර ගත්තා වූ පිනෙන් අල්ප මාත්‍රයකුදු අඩු නොවන්නේ ය. ලොවෙහි ඇති අනිකුත් සියලු දෙයක් ම, ඇඟිලි දෙකට අල්ලා යමක් දීමෙන් හෝ එක්තරා ප්‍රමාණයක් අඩු වන්නේ ය. එසේ කලක් නොකඩවා දීමෙන් සම්පූර්ණයෙන් ම වුව ද අඩුවිය හැකි ය. පින් දීමෙන් ඊට ප්‍රතිවිරුද්ධ දෙය ම වන්නේ ය. එනම් පින් තවත් කෙනෙකුට දෙන විට ලබන පුද්ගලයාට පින් ලැබෙනවා වගේ ම දෙන පුද්ගලයාට ද පින් දෙන වාරයක් පාසා පින් වැඩි වන්නේ ය. කල්පනා කර බලන විට මේ මහා පුදුම දෙයකි. එක් පහනකින් පහන් දාහක් පත්තු කළත් පළමු පහනේ ආලෝකය අඩු නොවන්නා සේ ම සෙසු පහන් එම අවට තැබීමෙන් තව තවත් ආලෝකය වැඩි වන්නා මෙනි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමී යන බුද්ධ වචනය අනුව කර්මයක් සිදුවන්නේ නියම ලෙස සම්පූර්ණ වීමෙනි. එසේ සම්පූර්ණ වූ චේතනාවන් පහළ වන හැම මොහොතක ම කර්ම රැස් කෙරෙයි. ඒ අනුව අසවලාට පින් අනුමෝදන් කරමි... යන සිත පහළවීම පුණ්‍ය චේතනාවකි. එසේ පහළවන හැම විට ම තමාට එකතු වන්නේ පින් සිතුවිලි ය. ඒවා මානසික ව සිදුකෙරෙන පින් ලෙස පසුව සැප විපාක සඳහා හේතු වන්නේ ය. මේ අනුව පින්දීම සෙසු දන්දීමක් හා සමාන වන්නේ ය. එහෙත් වෙනත් පරිත්‍යාගයන්ට වඩා පහසුවෙන් කළ හැකි මහා පින්කමකි.
වසරකට වතාවක් එළඹෙන මෙම පින්බර වස් සමය අප කාටත් පින් සිතුවිලි වඩවන කාල පරිච්ඡේදයක් ලෙස හැඳීන්විය හැකි ය. තෙමසක් තුළ පවතින එම කාල පරිච්ඡේදය තුළ ගිහි පැවිදි දෙපක්ෂයේ ම චර්යාමය වෙනසක් ඇති කරවනවා සේ ම ආධ්‍යාත්මික සුවය ද වඩවනු ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද අනුශාසනාවලට අනුව භික්ෂූන් වහන්සේ විනය ශික්ෂාපද ආරක්ෂා කරමින් වස් සමාදන් වීම හා වස් ශික්ෂාපද ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිද්ධ කරනු ඇත. විශේෂයෙන් මේ කාලය තුළ වත් පිළිවෙත් පිළිබඳ ගිහි පැවැති දෙපක්ෂයේ ම දැඩි අවධානයක් යොමු වේ.”වත්තං න පරි පූරෙන්තො - න සීලං පරි පූරති” වත්පිළිවෙත් සම්පූර්ණ නොකිරීම තුළින් සීලය පූර්ණය නොවන බව එයින් පැහැදිලි වේ. ඒ අනුව බැලීමේ දී පැවිදි පක්ෂය වෙනදාට වඩා වත්පිළිවෙත් සම්පූර්ණ කිරීමක් සිදු කරනු ඇත. පාන්දරින් අවදි වී මලු පෙත් මං හැමද මුළු දවස ම සිත, කය, වචනය සංවර කොට ගෙන ඒ ඒ කාර්යයන් තුළ නියැළෙනු ඇත. එම වත් පිළිවෙත් සිදු කරන්නේ ද ඉතා ඕනෑකමින් හා වගකීමෙන් ය. බෝධිය, චෛත්‍යය හා විහාරගෙය යන ත්‍රිවිධ චෛත්‍යය වෙත වැඳීම් පිදීම් හා පිරිසිදු කිරීම් කටයුතු සිද්ධ කිරීම් ඉතා ඉහළින් සිදු වනු ඇත. එතුළින් මානසික සුවය ද, නිරවුල් චෛතසික වර්ධනය ද සිදුවීම අනිවාර්යයෙන් සිදුවන්නකි. ගිහි පිරිස විසින් පැවදි පක්ෂය උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් උපස්ථාන කිරීමේ කටයුතු සිද්ධ කරනු ඇත. වෙනදාට වඩා ඉතා ඕනෑකමින් හා ශ්‍රද්ධා ගෞරවයෙන් එම කටයුතු සිදුකිරීමට දායක පක්ෂය ද වග බලා ගනු ඇත. පැවිදි පක්ෂය විසින් ද වෙනදාට වඩා වස් කාලය තුළ වැඩි සැලකිල්ලකින් ඔවුන් සදහා ධර්ම දානයෙන් සංග්‍රහ කිරීමට වග බලා ගනු ඇත. සමහර විහාරස්ථානවල නොකඩවා ම සවස් කාලය තුළ මල් පහන් පූජා, බෝධි පූජා සිදු කරති. එහිදී පුංචි ළමා ලපටින් කලින් ම විහාරස්ථානය වෙත පැමිණ කොසු ඉදල් ගෙන පිරිසුදු කිරීම් කරන අයුරු දක්නට ලැබේ. එය වැඩිමහල්ලන්ට සතුට වඩවන්නකි. ආගම ධර්මයට අනුව හැදෙන වැඩෙන දුව, දරුවන්ගේ සැබෑ ස්වභාවය වස් කාලය තුළින් මනාව දක්නට ලැබේ. විශේෂයෙන් අනාගතය බාර ගැනීමට සිටින කුඩා දූදරුවන් සඳහා වස් කාලයෙන් ලැබෙන චර්යාමය වෙනස ඉතා විශාල ය.
රිදී විහාරේ ඇසළ මහා පෙරහර - 2024
පලල්ලේ සරණජෝති නාහිමියෝ ගාලු දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයෙන් පිදුම් ලබති
ගල්කිස්ස බෞද්ධායතනයේ දහතුන්වැනි ශිෂ්‍යත්ව ප්රදානය
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ වස්සානයේ ධර්ම දේශනා
සූරිගම නාගර්ජුන මහ පිරිවෙන් නිකිණි මහා පෙරහර
පරමානන්ද පුරාණ විහාරයේ ඇසළ මහා පෙරහර
ඉතිරිය»
ජීවිතයට සැප සලසන පුණ්‍ය සිතිවිලි මඟහැර ගන්න එපා
අත්හැරීමේ සිතිවිල්ලෙන් ම දෙන්න
දුක - සැප උරුම ජීවිත වගතුග
දුක් ගින්දර නිවන ශ්‍රී සද්ධර්මයේ අසිරිය
සම්බුදු දහම ජීවිතයේ සැබෑ ස්වභාවය දැකීමටයි
අවවාදයට නැමීමේ අගය
සරණ
පින් කරන - හිත හදන රත්නපුර බෝධිරාජාරාම වෙහෙර බිම
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]