ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඇසළ අමාවක පෝදා 2024 අගෝස්තු 03 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කැලණිය රණවන විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ. 03 සෙනසුරාදා සිල්
අමාවක
අගෝස්තු 03
පුර අටවක
අගෝස්තු 12
පසළොස්වක
අගෝස්තු 19
අව අටවක
අගෝස්තු 26
මෛත්‍රී බුදු සමිඳුන් ලොව පහළ වන්නේ මිනිස් ආයුෂ වර්ෂ අසූදහස දක්වා වර්ධනය වූ කාලයක බව අපගේ ගෞතම බුදු සමිඳුන් ඉතා පැහැදිලි ලෙස චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී දේශනා කොට වදාරා තිබේ. එසේ නම් ඒ සා දීර්ඝ කාලයක් තුළ ඔබට අපා දුකක නොවැටී, සුගතියේ ම රැඳී සිටිමින් දෙව් මිනිස් දෙගතියෙහි පමණක් සැරිසරමින්, මෛත්‍රී බුදු සමිඳුන් මුණ ගැසෙනා තුරා සුව සේ සිටිය හැකි යැයි සිතිය හැකි සහතිකය කුමක් ද? වගකීම කුමක් ද?. ඔබ ශ්‍රද්ධාවට පැමිණිය යුත්තේ ගෞතම බුදුපියාණන් වහන්සේ ගැන ය. ගෞතම බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය ගැන ය. ගෞතම බුදු සසුන තුළ මාර්ගඵල ලැබු උතුම් ශ්‍රාවක සඟරුවන ගැන ය. ඔබ තවමත් මේ තුනුරුවන් හඳුනාගෙන නැත්නම්, ඔබ කොතෙත් වාරයක් වචනවලින් තෙරුවන් සරණ ගිය ද, ඔබේ හදවත තුළ තිසරණය නොපිහිටයි. එවිට ඔබට රැකවරණයක් නැත. මෛත්‍රී බුදු සමිඳුන් ලොව පහළ වන්නේ මිනිස් ආයුෂ වර්ෂ අසූදහස දක්වා වර්ධනය වූ කාලයක බව අපගේ ගෞතම බුදු සමිඳුන් ඉතා පැහැදිලි ලෙස චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී දේශනා කොට වදාරා තිබේ. එසේ නම් ඒ සා දීර්ඝ කාලයක් තුළ ඔබට අපා දුකක නොවැටී, සුගතියේ ම රැඳී සිටිමින් දෙව් මිනිස් දෙගතියෙහි පමණක් සැරිසරමින්, මෛත්‍රී බුදු සමිඳුන් මුණ ගැසෙනා තුරා සුව සේ සිටිය හැකි යැයි සිතිය හැකි සහතිකය කුමක්ද? වගකීම කුමක්ද? එබඳු ආරක්ෂාවක් ගැන කියැවෙන බුද්ධ දේශනාවක් නැත.
මේ සෑම තැන්හි දී ම කර්මය සමඟ ළඟින් ම සිටින්නේ චේතනාව ය. චේතනාවෙන් තොරව කර්මය ගැන කතා කළ නොහැකි ය. චේතනාව කර්මය උසුලා සිටී යන්න ඉතා නිරවද්‍ය වන්නේ එම හේතුවෙනි. කර්මය වනාහි ක්‍රියාව ය. සියලු සත්ත්වයින් කර්මය තුළින් ඉදිරියට ගමන් කරන්නාහ. එසේ නොමැති වුවහොත් අජීවි වස්තූන් බවට පත් වෙති. එම කර්මයන් පුද්ගල අවශ්‍යතා මත සිදුවෙති. නමුදු බුදු දහම තුළ දක්වා ඇති පරිදි අප බාහිර වශයෙන් දකින කර්මය හුදකලා වූවක් නොවේ. එයට හේතු ව එය චේතනාවක් සමඟ සාපේක්ෂ ව පවතින්නක් බැවිනි. චේතනාවට කර්මය බව කීවොත් එය ඉතා නිවැරැදි ය. ඒ පිළිබඳ පැහැදිලි කොට ඇත්තේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා....” යනුවෙනි. කර්මය නම් වූ පුද්ගල ක්‍රියාව සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ජාතිය නොහොත් ඉපදීමේ දී කස්සක, සිප්පික, වාණිජ, බ්‍රාහ්මණ, වසල ආදී නම් භාවිත කළ ද ක්‍රියාව අනුව ම සමාජ මට්ටම නිර්ණය වන බවයි. ඒ පිළිබඳ තවත් විග්‍රහාත්මකව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ කර්මය යනු චේතනා චෛතසිකය ම බවයි. සිත, කය, වචනය තුළින් සිදුවන ක්‍රියාවට චේතනාව මුල් වේ. ඒ බව ධම්ම පදය තුළ සඳහන් පළමු වග්ගය වූ යමක වග්ගයේ පළමු හා දෙවැනි ගාථා ද්වය නිදසුන් සපයනු ඇත. ඒ අනුව වේදනා, සංඥා, සංකාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධර්ම සංඛ්‍යාත චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය. සිතින් ම උපදනාහ.
ජීවිතයේ අස්ථිර බව හඳුනාගත්, දානයේ විපාක හොඳීන් වටහා ගත් මේ තරුණිය සුදුසු දෙයක් ම කළා. එහි විපාක මෙලොවත්, පරලොවත් අඩුවක් නැතිව ලැබුවා. එමනිසා සීල ගුණයෙන් යුක්ත ආර්ය මහා සංඝයාට දන් දීම මහත් වූ පුණ්‍ය රාශියක් හිමි වන දෙයක් ලෙස අපට මේ කථා පුවත පැහැදිලි කර දෙනවා. අතීතයේ එක්තරා කාලයක දී ලංකාවේ ආහාර දුර්භික්ෂයක් පැවතියා. ඇති හැකි අය නැව් නැඟී විදේශ රටවලට ගියා. කිසිත් වත්කමක් නැති, බලයක් නැති දුප්පත් ජනයා ලංකාවේ ම රැඳී සිටිමින් ජීවත් වුණා. මේ කාලයේ සුරූපී තරුණියක් ඒ ගමේ ජීවත් වුණා. ඇගේ දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් දුර්භික්ෂයෙන් ම රෝග පීඩා හැදී මිය ගියා. දෙමාපියන්ගේ මරණින් පස්සේ නිවසේ ඉතුරු වුණේ හාල් නැළියක් විතරයි. ඇය එයින් තුන් කාලක් ම උයා අනුභව කළා. එක් කාලක් කලින් කල අව්වේ වේලා ආරක්ෂා කර ගත්තා. කොපමණ බාධා ආවත් කුසගිනි ආවත් ඒ හාල් නැළි කාල නම් අනුභවයට පිස ගත්තේ ම නෑ. කුසගින්න තවත් ඉවසන්න බැරි නිසා ඇය ආහාර සොයාගෙන තෙත් බිම් ඇති කඳුරට පෙදෙසට ගියා. එහි තිබුණු පලා වර්ග, ගෙඩි වර්ග, පොතු වර්ග අනුභව කරමින් ජීවත් වුණා. දවසක් ඇයට දකින්න ලැබුණා සිල්වත් තෙරුන් වහන්සේ නමක්. ඇය තෙරුන් වහන්සේගේ සංවර ගමනට, වදන්වලට බොහෝම පැහැදුණා.
සසර කියලා කියන්නේ මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයටයි. එතකොට මේ ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයේ අනතුර මොකක්ද? සත්වයාගේ ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයේ තියෙන අනතුර තමයි මේ සත්වයා උපදින්නේ කර්මානුරූපවයි. තම තමන් විසින් කරන ලද කර්මයන්ට අනුවයි. අනතුර තමයි සත්වයා කර්මානුරූප ව උපදින කොට එක ජීවිතයක මනුස්සයා වෙලා ඉපදිච්ච කෙනා ඊළඟ ජීවිතයේ නිරයේ යනවා. ඊළඟ ජීවිතයේ එක්කෝ තිරිසන් ලෝකයේ උපදිනවා. එක්කො පෙරේත ලෝකයේ උපදිනවා. සතර අපායේ වැටෙනවා. සමහර විට මනුස්සයා වෙලා ඉපදිච්ච කෙනා බැරිවෙලාවත් පේ‍්‍රතයෙක් වෙලා උපන්නොත්, ආයෙ එයාට පින් කරන්න අවස්ථාවක් නෑ. බැරිවෙලාවත් තිරිසන් සතෙක් වෙලා උපන්නොත්, එයාට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් නෑ. බැරිවෙලාවත් එයාගෙ කුමක් හෝ කර්ම විපාකයක් දරණුවට ඇවිල්ලා නිරයේ ගියොත් කල්ප ගණනකට ගැලවීමක් නෑ. මනුස්ස ලෝකෙට ආවත් අපිට කියන්න බෑ එයාට ඒ අවස්ථාව ලැබේවි කියලා. මොකද හේතුව...? මනුස්ස ලෝකයේ හිටපු කෙනෙක් මිය ගිහින් ආයෙ මනුස්සයෙක් වුණත්, එයාට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා කියන්න බෑ.
වාර්ෂික පිණ්ඩපාත චාරිකාව
ඉතිරිය»
වීර්යය ඇති තැන කායික මානසික සුවය දුර නැත
කුසලය ශක්තිමත් කරන කඨින චීවර පූජාව
ධර්මය නිවැරැදි ව දකින්න
සම්බුදු දහම උපත නවතාලීමට මිස මරණය නැති කිරීමට නොවේ
ඉසිපතනේ මිගදායේ දම්සක් පැවතුම් සුතුරට පළමුව ...
මඟ නොමඟ නොහඳුනන ලොවක මං මුළා නොවීමට...
සාර්ථක යුග දිවියක් උදෙසා සත්පුරුෂ ධර්මයේ සුන්දර මඟ පෙන්වීම
සසුනඹරට පෑයූ සුපුන් සඳ: දිමියාවේ අමරවංස අනු නාහිමිපාණන් වහන්සේ
රුවන් මඟ
පහන් සිතක කවි
පින් කරන - හිත හදන රත්නපුර බෝධිරාජාරාම වෙහෙර බිම
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]