[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දස පෙරුම් දම් පුරා නිමක් නැති සසරින්

පසක් කර උතුම් වූ සම්බෝධි
නුවණින්

තුන්ලොව ම එකලු කළ වෙසක් සඳ
කිරණින්

මුනිඳු සිරිපා කමල් වඳිමු හද
බැතියෙන්

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

ශ්‍රී බු.ව. 2568 වැනි රාජ්‍ය වෙසක් පුණ්‍ය මහොත්සවය

තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් හා ආශීර්වාදයෙන් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ද සහාය ඇතිව ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්ව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය, උකුවෙල අනුරුද අරණ ඇතුළු විහාරස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් උත්කර්ෂවත් අන්දමින් සැමරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයත් කටයුතු සංවිධානය කර ඇත. මෙවර රාජ්‍ය වෙසක් මහොත්සවයේ විශේෂත්වය බෞද්ධ ජනතාව පමණක් නොව හින්දු ඉස්ලාම්, කතෝලික ආගමිකයන් ද සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ද සහාය ඇතිව මේ වෙසක් මහෝත්සවය සිදු කිරීමයි. එහිදී සියලු ආගමිකයන් එක්ව එක ම වේදිකාවක දී භක්ති ගීත ගායනයට එක් වීම ද සුවිශේෂී ය.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කෙරෙන “බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යය 2024” විවිධාංග රාශියකින් යුක්තව මෙම මස 23, 24, 25, 26 යන දිනවල දී දහසයවැනි වරටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. පොහොය දින උදෑසන සිට ශීල සමාදානය, ධර්ම දේශනා, භාවනා වැඩසටහන් ඇතුළු ප්‍රතිපත්ති පූජාමය පින්කම් පැවැත්වෙන අතර සර්වඥ ධාතු ප්‍රදර්ශනය, දාර්ශනික පහන් කූඩු, වෙසක් තොරණ, දන්සල්, නූර්ති හා බෞද්ධ ජාතක කතා ඇතුළත් වීදි නාට්‍ය, ටවර්හෝල්, නූර්ති ගී හා ළමයින්ට වෙසක් වැඩසටහන් අතර වේ. ප්‍රධාන වේදිකාව මත දිනපතා රාත්‍රී 7.00 සිට 2.30 දක්වා ත්‍රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික තරුණ සේවා සභාව, සංස්කෘතික අමාත්‍යාංශය විසින් සංස්කෘතික නර්තන ප්‍රසංග ඉදිරිපත් කෙරේ.

සම්මා සම්බුදු සමිඳු සිත් නෙතින් දැක ගනිමු

හිරු බබළන්නේ දිවා කල පමණි. සඳු බබළන්නේ රාත්‍රියේ පමණි. තාරකා රූප, විදුලි එළි, ගිනිදැල් ආදියෙන් නැඟෙන ආලෝක ද ඉතා සීමිත ය. ඒ සියලු ආලෝක ප්‍රභවයන් පරිච්ඡින්න වූ භූමි සීමා හා කාල සීමා සහිත ය. එහෙත් කාල භූමි සීමා අතික්‍රමණය කොට, සදාකාලික ව දිදුලන, හැම අතින් ම බබළන රන් හිරු මඬලත්, රිදී සඳ මඬලත් මිහිමත පහළ විය. ඒ අපගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. දුලභ දෑ විරල ය. විරල දෑ දුලභ ය. කෙතෙක් දුලභ වුව, විරල වුව විදුරු, මිණි, රන් රිදී ආදිය සෑම කල්පයක ම මෙදියත විද්‍යමාන ය. දිස්සමාන ය. එහෙත් මහා කල්ප අසංඛ්‍යෙය ගණනකින් පවා හමු නොවන අතිශයින් දුලභ විරල උත්පාදය ශ්‍රීමත් සම්බුද්ධෝත්පාදය ම පමණි. සිත ඇසිල්ලකින් වෙනස් ව යයි. එවන් සිත සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් අවම වශයෙන් එකම අරමුණක, අදිටනක පිහිටුවා නිම් හිම් නොතකා ඇස්, ඉස්, මස්, රුහිරු ධාරා, අඹුදරු සිහසුන් දනට පුදා පුරන දාන පාරමිතාවෙන් ද, සීලාදී සෙසු පාරමී අනුහසින් ද ලබන්නා වූ සම්බුදු පදවිය අනන්ත සක්වාතල අතර අසමසම විජයග්‍රහණයයි.සකල සත්ත්ව ප්‍රජාවගේ ම පූජනීය වසන්තයයි.  යම් උපතක් සියැසින් ම දැක ගැනීම පිණිස අනන්ත සක්වළ දෙව් බඹුන් සමුළු වෙමින් අපමණ පුද පෙළහරින් මේ මහා මඟුල් සක්වළට පැමිණියේ නම් ඒ මහාසත්, සිරිමත් සිරි සිදුහත් කුමරුගේ උත්පත්ති මංගල්‍යය දැක ගැනීම පිණිස ය.

විනය ශාසනයේ ආයුෂය යි

මර්ධනය හා දමනය යන වචන ද්වය ව්‍යවහාරයේ නිති භාවිත වේ. මින් මර්දනය යනු ස්වයං පාලනයකින් තොර ව අන්‍යයකුගේ හෝ බොහෝ පිරිසකගේ ඕනෑ එපාකම් අනුව මෙහෙයවීමකි. දමනය නම් තමන් විසින් ම අවබෝධයෙන් යුතු ව පාලනය වීමයි. බුදු දහම මර්ධනයට වඩා දමනය අගය කරයි. ආලවක දමනය, අංගුලිමාල දමනය, සච්චක දමනය, හා නාලාගිරි දමනය මීට නිදසුන් කොට දැක්විය හැකි ය. මර්දනය වනාහී දණ්ඩනය, තර්ජනය, බියගැන්වීම, ආක්‍රොෂ පරිභවය හෝ ආහාරපාන නොදීම වැනි ක්‍රියා මත සිදු කෙරෙන්නෙකි. එහෙත් දමනය, අවබෝධ කර දීම, ආදරය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය හා පෝෂණය මත සිදු කෙරේ. බුද්ධ දේශනාවෙහි විනය හා ශික්‍ෂා දමනයට උපයුක්ත කර ගනී. “විනයෝ නාම සාසනස්ස ආයු” විනය ශාසනයේ ආයුෂයි. වැනි අදහස් සමාජගත වීමෙන් යම් සංස්ථාවක විනයට ඇති ස්ථානය පිළිබිඹු කරයි. එහෙත් විනය පිණිස නීතිය උපකාරී කර ගනී.නීතිය ක්‍රියාත්මක කිරීමට විටෙක දණ්ඩනය හෝ වෙනත් මර්ධන ක්‍රියා භාවිත වන බව සමාජය දෙස බැලීමේ දී පෙනේ. බුදුසසුනට අනුව සංඝ සමාජය පාලනය කිරීමට විනය නීති පනවා තිබුණද ඒවා දණ්ඩනයෙන් තොර හෙවත් හිංසනයෙන් තොර ශික්ෂා මාර්ගයකි. බුදුදහමේ ත්‍රිවිධ ශික්‍ෂාවකි. එනම්, සීල, සමාධි, ප්‍රඥා නම් වේ. බුදුන් වහන්සේ වදාළ නිවන් මඟ මෙම ත්‍රිවිධ ශික්‍ෂා හොබවයි.

මේ ජීවිතයේ දී ම මාර්ගඵල අවබෝධය ලබමු

ශීලය යනු හික්මීමයි. සිත සංවරයට පත් කිරීමයි. එවැනි සීලයක පිහිටා කටයුතු කිරීමෙන් සිත ප්‍රමෝදයට පත්වෙයි. චිත්තප්‍රමෝදය ප්‍රීතිය උපද්දවයි. සිතේ උපදින්නා වූ නිරාමිස ප්‍රීතිය පස්සද්ධිය පිණිස හේතු වෙයි. මෙසේ සිත, කය සංසිදීම සමාධියට හේතු වන අතර, චිත්ත සමාධිය ලෝකය පිළිබඳ ව සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට හේතු වෙයි. එනම්, යථාභූත ඥාන දර්ශනය පිණිස හේතු වේ. මෙසේ සංවර වන තැනැත්තාගේ සන්තානගත ව ඇතිවන්නා වූ චිත්ත සමාධිය, විදර්ශනා ඥාන සඳහා නිවැරැදි ආකාරයට යොමු නොවුවහොත් එම යෝගී තැනැත්තා චිත්ත සමාධියෙහි සුවය විඳීමින් තාවකාලික සැනසීමට පත් වීම හැරෙන්නට සත්‍යය අවබෝධය නොකරයි. එමෙන් ම කෙටි කාලයක දී එම සමාධිය පිරිහී නැවත පහත් මානසික තත්ත්වයකට වැටීමට ද පුළුවන. එය සංසාරික ජීවිතයේ ඉතා දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියක් මඟහැරී යාමකි. මේ සියලු ම දුර්ලභ කාරණා පහළ වී ඇති වර්තමානයෙහි චිත්ත සමාධියක් භුක්ති විඳින පින්වන්ත පිරිස් එම සමාධිය විදර්ශනා ඥානයන්ට ගෝචර වන්නේ ද යන්න සොයා බැලීම කළ යුතු ම වේ.

ධම්මපදය කියන්නේ ජීවිතයේ හැම ප්‍රශ්නයකට ම උත්තරයක් තිබෙන තැනක්

දෙස් විදෙස් නායකත්ව පුහුණුකරුවකු ලෙස කීර්තිධර දීපාල් සූරියආරච්චි කෘතහස්ත ලේඛකයෙකි. බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය ලෙසින් සම්භාවනාවට පාත්‍ර වූ “ධම්මපදය” ඔහු විසින් ගී බසින් පෙළගස්වනු ලැබ ඉතා ආස්වාදනීය ලෙස “ළමා අපට ධම්මපදය” අගනා ධර්ම පුස්තකයක් ලෙස අපේ ළමා පරපුරට තිළිණ කොට තිබේ. මෙහි අලංකාර සිතුවම් නිර්මාණයෙන් දායක වී තිබෙන්නේ ලෝක පූජිත ළමා ගත් කතුවරියක වන සිබිල් වෙත්තසිංහයෝ ය. මේ ලිපිය ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි - සරල සුගම බස්වහරින් ළමයාට අමතමින් ජීවිතයේ පාඩම ධම්මපදය තුළින් ලබාදීමේ වටිනාකම හඳුනාගත්තේ කොහොමද? මගේ පළමු වැටුපෙන් මම ගත්ත පොත තමයි ධම්මපදය. ඒ 1980 දී පමණ. මට හරි ආශාවක් තිබුණා මේ ධම්මපදයේ ගාථා සියල්ල කටපාඩම් කරගන්න ඕනෑ කියලා. ජීවිතයේ හැම කාලයට ම ප්‍රයෝජන ගත හැකි දහම් උපදෙස්වලින් මේ පොත පිරී තිබෙනවා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]