කඩුගන්නාව රාජමහා විහාරයේ සෑ රදුන් වහන්සේ.
 ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

වෙසක් පුර අටවක

මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

 

 

ලෝකය ආලෝක කළ ප්‍රඥාවේ මහා ප්‍රදීපය

ආගමෙන් හා දර්ශනයෙන් පොදුවේ බලාපොරොත්තු වන ආධ්‍යාත්මික දියුණුවට මාර්ගය දර්ශනයෙහි ඇතුළත් බව සසඳා බැලීමෙන් නිගමනය කළ හැකි ය. එහෙත් ඒ දෙකෙන් ම දැක්වෙන්නේ ලෝකය හා සත්ත්වයා පිළිබඳ විවරණයයි. බුදුසමය ආගමක් හෝ දර්ශනයක් හෝ නොව ක්‍රියාමාර්ගයක් යැයි කියන්නෝ ද වෙති. මෙහිදී කිව යුත්තේ බුදුසමය ආගමක් යයි ද, දර්ශනයක් යයි ද, මාර්ගයක් යයි ද යන නිගමන සියල්ල ම සත්‍ය බවයි. සංසාර විමුක්තිය බලාපොරොත්තු වන්නා විසින් ගමන් කළ යුතු නියම මාර්ගය බුදුරජාණන් වහන්සේ සොයා ගත්හ. උන්වහන්සේ එයට පා තබා, සෙස්සන්ටත් එය අනුගමනය කිරීමට ඉගැන්වූ සේක. “තුම්හෙ හි කිච්චං ආතප්පං  - අක්ඛාතාරෝ තථාගතා” ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ දඹදිව දර්ශනවාද, මතවාද, පරිණත ව පැවති අවස්ථාවක ය. ශරීරයට නානා ප්‍රකාර වද හිංසා දීමෙන් සංසාර විමුක්තිය ලැබිය හැකි යැයි එකල දඹදිව පහළව සිටි ඇතැම් ආගමික ශාස්තෘවරු දෙසූහ. එය අත්තකිලමථානු යෝගය නම් විය. එහෙත් ඇතැම්හු ඒ අදහසට විරුද්ධ ව සංසාර විමුක්තිය ලබා ගැනීමට නම් කළ යුත්තේ ශරීරයට හැකිතාක් සැප දීම යැයි තර්ක කළහ. එය කාමසුඛල්ලිකානුයෝගය නම් විය. යමෙක් මළ පසු එය දිරා පොළොවට පස් වෙනවා මිස එය නැවත නූපදින්නාක් මෙන් මරණින් පසු පුලුස්සා දමනු ලබන ශරීරය නැවත නූපදී යයි තවත් කෙනෙක් පැවසූහ. මෙසේ එකල දඹදිව පැවති සකල දාර්ශනික මතවලට ම වෙනස් වූ මතයක් බුදුරජාණන් වහන්සේ ලොවට ප්‍රකාශ කළ සේක.

සම්බුදු සසුනේ පිහිට ලබන්න ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පුරුදු පුහුණු කරන්න

අපගේ ජීවිතයට ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ දහම්පද අසන්නට වාසනාව ලැබුණු නිසා උතුම් පිළිසරණක් මේ මනුස්ස ජීවිතයේ දී අපට ගොඩනඟා ගන්නට පුළුවන්කමක් ලැබුණා. හැබැයි ඒ සඳහා ලොකු වෙහෙසක්, මහන්සියක්, කැපවීමක් ඕනෑ. සම්බුදු සසුනේ පිළිසරණ උදෙසා මූලික ව අපට අවශ්‍ය වන කරුණු දෙකක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යි. කෙනකුට ශ්‍රද්ධාව සහ ප්‍රඥාව එකට ලැබුණෙත් ඒ ජීවිතයට පිළිසරණක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා රහතන් වහන්සේ උපමාවක් වදාළා. එක්තරා වඩුබාස් කෙනෙක් ලීයක් යතු ගාන්නට සිතා යත්ත කියන උපකරණයෙන් යතු ගානවා. යතු ගාන්න ඒ ශිල්පියාට අත හුරුවීමේ දක්ෂකම තිබෙන්න ඕනෑ. සමහර තැන් තිබෙනවා ළඟ ළඟ යතු ගාන්න ඕනෑ. සමහර තැන් ලීය දිගේ යතු ගාන්න ඕනෑ. එය කළ යුතු ආකාරය ඔහුට තේරෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ශ්‍රද්ධාවයි, ප්‍රඥාවයි. එලෙස උපමා කළේ රහතන් වහන්සේයි. ප්‍රඥාව යත්ත වගේ නම්, ශ්‍රද්ධාව අත වගේ. යත්ත තිබෙනවා, අත නැහැ. එවිට යතු ගාන්න බැහැ. තව කෙනකුට යත්ත නැහැ. අත තිබෙනවා. ඒත් යතු ගාන්න බැහැ. යතු ගානවා නම් යත්තත් ඕන. යතු ගාන ශිල්පියාට අතත් ඕනෑ. ඒ වගේ කෙනකුට ශ්‍රද්ධාව සමඟ ප්‍රඥාව තිබෙනවා නම්, මේ සම්බුදු සසුන මුණ ගැසුන මොහොතේ, ධර්මය ඇසුණ මොහොතේ අපේ ජීවිතයට පිළිසරණක් හදා ගන්න අපට අවස්ථාව තිබෙනවා.

කෙලෙස්මලින් ආතුර වූ සිතට...

“සුසුඛං වත ජීවාම - ආතුරෙසු අනාතුරා ...” “කෙලෙස්වලින් ආතුර වූ මිනිසුන් අතුරෙහි අපි කෙලෙස් ලෙඩ නැති ව සුව සේ වෙසෙමු.” පින්වතුනි, අද මම ඔබගේ ධර්ම ඥානය දියුණු කිරීමට උපකාර පිණිස විග්‍රහ කිරීමට සූදානම් වන්නේ ගාථා රත්නයක්. මෙය අන්තර්ගත වෙලා තියෙන්නේ “ධම්මපදය” නම් ග්‍රන්ථයෙහි ය. ඔබ දන්නව ද ධම්මපදය නම් පුස්තකයට කියන තවත් නමක්. “හස්ථසාර ග්‍රන්ථය” හස්ථසාර කියන කොට අපට නම් මතක් වන්නේ මිල මුදල් ධන ධාන්‍ය නේද? අපි හිතන්නෙ අපේ ජීවිතවල එකම සාර්ථකත්වය ධන ධාන්‍ය කියලනෙ ඒවා අපේ සියලු ප්‍රශ්න විසඳනව කියලා හිතන්නෙ. හැබැයි ඒ අතර ජීවිත අත්දැකීම්, අත්විඳීම් තුළින් නුවණ මෙහෙයවන්නේ නම්, එහෙම අනුවණ පටු දැක්මක නතර වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ජීවිතයේ සියලු සාර්ථකත්වය මුදල් මත සාර්ථක කර ගත හැකි යන අනුවණ දැක්ම. එම නිසා තුන් ලොවක් මහා කරුණා දයා මෛත්‍රී ගුණයෙන් සනසා වදාළබුදුහිමිගේ දහම ජීවිතවලට එකතු කර ගැනීමට වෙර වීරිය දරනවා. ඒ සඳහා මහෝපකාර වන ගාථා රාශියක් මෙම ධම්මපදය නම් ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. ඉන් සුඛ වග්ගයේ දෙවැනි ගාථා රත්නයයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ.මෙහි සිංහල තේරුම විමසමු. ‘පින්වතුනි කෙලෙස්වලින් ආතුර වූ මිනිසුන් අතුරෙහි අපි කෙලෙස් ලෙඩ නොමැති ව සුව සේ වෙසෙමු.’ මෙය විමසීමේ දී අපට ගම්‍ය කර ගත හැකි කාරණා 03කි. පුද්ගලයා කෙලෙස්වලින් යුක්ත වග, කෙලෙස් හඳුනාගත යුතු වග හා එම කෙලෙස් ඉවත් කොට සුව සේ සැහැල්ලුවන් විසිය හැකි බවයි. එනම්, සැනසීම උදාකර ගත හැකි බවයි. අප සිත් අවිද්‍යා, තෘෂ්ණා දෙකින් වැඩී ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඒ සමඟ ම ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් තුළින් නිරතුරුව ම පුද්ගලයා ක්‍රියාකරවයි.

අභිමානය උරුම පිරුණු ජීවිතයකට යි

ඔබ වැඩියෙන් ම ආදරේ කාට ද? කොසොල් රජතුමා දිනක් සවසක වීදි සංචාරයේ යෙදෙන අවස්ථාවක දී මහ මඟ දී දුටුවා මල් කඩමින් සිටි බොහොම ලස්සන ගැහැනු ළමයෙක්. කොසොල් රජතුමාගේ සිතට අදහසක් ආවා. මේ වගේ ලස්සන ගැහැනු ළමයෙක් මගේ අග මෙහෙසිය කර ගන්න ඇත්නම් කොපමණ හොඳ ද කියලා. ඒ ගැහැනු ළමයා සිටි ප්‍රදේශය හොඳින් මතකයේ තබා ගෙන, වීදි සංචාරයෙන් පසු ආපසු රජ මාලිගයට පැමිණියා. රජතුමා තමන්ගේ ඇමතිවරයෙක් කැඳවා අසවල් ප්‍රදේශයේ ගෙදරට ගිහින්, එම නිවසෙහි මවුපියන්ට මා හමුවන්නට එන්න යැයි පවසන්න කියා පැවසුවා. පණිවුඩය ලද මවුපියන්, දුප්පත් අප ගැන කවුරුන් හෝ රජතුමාට පැමිණිල්ලක් කරලා ද? නැතිනම් වෙනයම් හෝ දෙයක් දැ යි තැති ගත්තා. බිය වුණා. පසු දින එම මවුපියන් රජතුමා බැහැදකින්නට රජ මාළිගයට පැමිණියා. ඔවුන් පිළිගත් රජතුමා “ඔබගේ තරුණ දියණිය මගේ අගමෙහෙසිය කර ගන්න කැමැති යැයි තම අදහස ඉදිරිපත් කළා. දුප්පත් මවුපියන් රජතුමාගේ මේ ප්‍රකාශයෙන් පුදුමයට පත්වුණා. එය ඇත්තක් දැයි විශ්වාස කිරීමට පවා අපහසු වුණා. එසේ මල්ලිකා ව රජ මාලිගයට කැඳවා කොසොල් රජතුමාගේ අග මෙහෙසිය කර ගත්තා. කොසොල් රජතුමා මල්ලිකා දේවියට හරිම ආදරයෙන් සැලකුවා. දිනක් කොසොල් රජතුමා මල්ලිකා දේවිය සමඟ සුහද පිළිසඳරේ යෙදී සිටි අවස්ථාවක දී මෙසේ විමසුවා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]