ඌව පරණගම - කිරිවානාගම ශ්‍රී සුමන පුෂ්පාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
 (ඡායාරූපය - නිශ්ශංක විජේරත්න)

බක් අව අටවක

මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

 

 

සිත් සුපහන් වී පින්බර සිතුවිලි වැඩේවා

වසරක් තුළ උදාවන දොළොස් පොහොය අතරින් සුවිශේෂ ම පොහොය ලෙස සලකනු ලබන්නේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. සිදුහත් කුමරුගේ උපත, සිදුහත් බෝසතුන්ගේ බුද්ධත්වය හා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවීම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී සිදු වූ නිසා බොදු ජනතාව එය සමරනුයේ මහත් වූ බුද්ධාලම්භන පී‍්‍රතියකින් යුක්ත වූ උත්සවශ්‍රීයකිනි. ක්‍රි.පූර්ව 623 දී සුද්ධෝදන රජතුමාටත්, මහාමායා දේවියටත් දාව සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූයේ ලුම්බිණි සල් උයනේ දී ය. සැප සම්පත්වලින් සපිරි දිවියක් ගත කළ සිදුහත් කුමරු විසිනව වැනි වියේ දී තම බිසව වූ යශෝධරා දේවිය හා පුතු වන රාහුල කුමරු හැර දමා මහාභිනිෂ්ක්‍රමණය කර නොයෙක් ගුරුවරුන්ගෙන් ශාස්ත්‍රයන් හැදෑරුව ද ඒවා සඵල නොවන කල්හි තමන් විසින් ම නිවන අවබෝධ කර ගැනීම උදෙසා මැදුම් පිළිවෙත අනුගමනය කරමින් සිත දිරිමත් කර ගත්තේ ය. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක දී බෝසතාණන් වහන්සේ සේනානිගම නුගරුක මුල වැඩ සිටියදී උන්වහන්සේගේ පැතුම ඉටුවේවා'යි ප්‍රාර්ථනා කරමින් සුජාතා සිටුදුව කිරිබත් තලියක් පූජා කළා ය. එම කිරිබත් වැළඳූ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල වැඩහිඳ බුද්ධත්වය නොලබා මෙතැනින් නොනැඟිටිමි යැයි අධිෂ්ඨන කළහ. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී බුද්ධත්වයට පත් උන්වහන්සේ හතළිස් පස් වසරක් ම සියලු ලෝවැසියන් වෙත, දහම් දෙසමින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් කැපවූහ. බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයක දී රජගහ නුවර සිට කුසිනාරා නුවර තෙක් පාගමනින් වැඩම කොට මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පිරිනිවන් පෑ සේක.

ශ්‍රද්ධාව ස්ථාවර වන තුරු අවදානම මඟ නොහැරේ

සද්ධාව යනු පාරිභාෂික වචනයකි. එහි තේරුම විශ්වාසය යන්නයි. ඕනෑම අයකු යමක් පිළිබඳ විශ්වාසය ඇති කර ගනී නම්, එය ඔහුගේ ඒ පිළිබඳ සද්ධාවයි. යමෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය ඇති කර ගනී නම්, එය බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධාවයි. එවිට ඔහු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි ම සද්ධාව (විශ්වාසය) ඇති කර ගත්තා වෙයි. එයට හේතුව නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ලෝකයට හෙළිවන්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙනි. එමෙන් ම ඒ ධර්මය අනුව පිළිපැදීමෙන් සංඝරත්නය උතුම් මාර්ගඵලයන්ට පැමිණ ඇත. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ සද්ධාව, තෙරුවන් කෙරෙහි ඇති කර ගත් සද්ධාව වේ. අමූලිකා සද්ධා, අකාරවතී සද්ධා වශයෙන්, සද්ධාවෙහි මූලික ආකාර දෙකක් ධර්මයෙහි සඳහන් වේ. අමූලිකා සද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව, අරහං, සම්මා සම්බුද්ධ, ආදී වශයෙන් ඒ ගුණ පිළිබඳ ඇති විශ්වාසයයි. නමුත් එම විශ්වාසය ප්‍රඥාවෙන් තේරුම් ගෙන නැත. එම නිසා ධර්මයෙහි ‘මුල් බැස’ නැති සද්ධාව අමූලිකා සද්ධාව ලෙස හැඳින්වේ. අකාරවතී සද්ධාව යනු ධර්මය තුළ මුල් බැස ඇති, හෙවත් ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන ඇති කෙනාගේ සද්ධාවයි. වීමංසක සූත්‍රයෙහි (ම.නි. 1 ) අකාරවතී සද්ධාව විස්තර වන්නේ, හොඳින් මුල් බැස ඇත. (මූලජාතා හෝති පතිට්ඨිතා) ලෝකයේ කිසිදු ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට හෝ මාරයකුට හෝ බ්‍රහ්මයකුට හෝ වෙනස් කළ නොහැකි සද්ධාව ලෙසයි.

සසර මඟ මිදෙන මඟ ...

සුනිල දිය දහර පිරි විලක් සුපැහැදිලි ය. දක්ෂ කේවට්ටයෙක් හෝ කේවට්ටයකුගේ අතවැසියෙක් හෝ සියුම් සිදුරු ඇති දැලකින් යුක්ත ව මද දිය ඇති විලකට බැසගත් කල්හි ඔහුට මෙසේ සිත් වේ. මේ දිය විලෙහි යම්කිසි මහත් ප්‍රාණීහු වෙද්ද ඒ සියල්ලෝ දැල ඇතුළත කරන ලද්දාහු ,එහි බැඳුණාහු, කිඳෙන්නාහු, ඉල්පෙන්නාහු ය. එයින් නික්ම වූවාහු ජලාභ්‍යන්තරයේ ගත වුවන් කිදෙන්නාහු, ඉල්පෙන්නාහු ය. එලෙසින් ම යම් ශ්‍රමණ කෙනකු හෝ බ්‍රාහ්මණ කෙනෙකු නා නා විධ දෘෂ්ටි ප්‍රකාශ කරන්නාහු ද ඒ සියල්ලෝ ම දෙසැටක් වස්තුවෙන් දැලෙහි ඇතුළත කීඳෙන්නා හා ඉලිප්පෙන්නා වූවන් බඳු ය .බුදුන් වහන්සේ වනාහි මේ දෙසැටක් වස්තූන්ගෙන් මිදුණාහු ය. සිඳීනා ලද බව තෘෂ්ණාවෙන් යුත් කයෙන් යුක්ත වූහ. යම්තාක් කය පවතී ද ඒතාක් තථාගතයාණන් වහන්සේ දෙව් මිනිස්සු දකිති. ප්‍රතිසන්ධියක් නොමැති වූ විට දෙව් මිනිසුන් තථාගතයාණන් වහන්සේ නොදකිති. පෘථග්ජන ඔබ අප ඉහත දක්වන ලද සුපැහැදිලි විලෙහි කිඳෙන්නා වූ ඉල්පෙන්නාවූ මහත් ප්‍රාණීන් බඳු ය. දෙසැටක් බ්‍රහ්මජාලා තුළ කිඳීම හේතුවෙන් බව තෘෂ්ණාව උපද්දවන්නවුන් ය. ජාලයන්හි පැටලි පැටලී සංසාර ගමනේ සැරිසරන්නෝ ය. බ්‍රහ්මජාල සූත්‍රයේ දී මෙසේ වදාළහ. යමෙක් බුදුන් වහන්සේගේ ගුණ කියයි. යමෙක් අගුණ කියයි. එවන් මොහොතක බුද්ධ දේශිතය වූයේ එසේ කියනා ගුණ හෝ අගුණ තමාට අදාළ නොමැති බව ය. එය අල්පමාත්‍ර, හීනමාත්‍ර, ආචාරමාත්‍ර වුවක් බවත් ය. එසේ කියන ගුණ අතරින් ගෞතමයෝ ප්‍රාණඝාතයෙන් වැළකුණහ. ප්‍රාණඝාතයට බිය හා ලජ්ජා වූහ. පණ ඇති සියලු සතුන්ට හිතානුකම්පා විය .තවද දුන් දෙය පමණක් ගත්තාහ.

කායික චෛතසික වීර්යයෙන් යුතු ජීවිතය ම උතුම් ය

අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ බුදුසසුනේ පහන් සිතින් කුල පුත්‍රයෙක් පැවිදි බිමට පත්විය. පසුව නිසි වයස් ව අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ උන්වහන්සේ සසුනේ කලකිරී ගිහිවීමට වඩා මියයාම උතුම් ය යැයි සිතා උපායක් විමසමින් සිටියේ ය. මේ අතර ගිනිහල් ගෙයක සිටි නාගයෙක් අල්වා කළයක දමාගෙන බැහැරට ගෙන යන භික්ෂූන් වහන්සේ නමක් දැක මෙසේ පැවැසීය. මම ඌ ඉවත දමන්නේ යැයි කළය ලබා ගත්තේ ය. උකටලී භික්ෂුවගේ අභිප්‍රාය වූයේ නාගයා අල්වා දෂ්ට කරවා ගෙන මිය යෑමයි. ඒ අදහස සපුරා ගැනීම වස් සර්පයා මිරිකමින් වෙහෙසුණ ද, ඌ ගැඩවිල් පණුවකු සේ නිහඬ වූවා මිස සූ සූ හඬක්වත් නොකළේ ය. සිය ප්‍රයත්නය නිෂ්ඵල වූ නියාව දැන උන්වහන්සේ භික්ෂූන් කරා පැමිණ තමන්ට දී ඇත්තේ නාගයකු නොවන බවත් තමා කොපමණ උත්සාහ දැරුවත් ඌ ලවා දෂ්ට කරවා ගැනීමට ගත් උත්සාහ සියල්ල අසාර්ථක වූ බවත් පැවැසීය. මේ අතර දිනක් කරණවෑමියෙක් දැළි පිහියා දෙකක් ගෙන විහාරයට පැමිණ එකක් බිම තබා අනෙකෙන් භික්ෂුවගේ හිස් කෙස් බා ගන්නට පටන් ගත්තේ ය. උකටලී භික්ෂුව ප්‍රමාදයක් බලා, බිම තිබුණු දැළි පිහිය ගෙන උපසම්පදා ශීල පාරිශුද්ධිය ආවර්ජනා කරන්නේ බලවත් පි‍්‍රතියට පැමිණ විදර්ශනා වඩා අරහත් ඵලයට පත් ව කළය හැරගෙන විහාරයට වැඩම කළහ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]