ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2024 ජනවාරි 25 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ජනවාරි 24 බදාදා අ.භා. 09.54 පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජනවාරි 25
අව අටවක
පෙබරවාරි 02
අමාවක
පෙබරවාරි 09
පුර අටවක
පෙබරවාරි 16
ඓතිහාසික වශයෙන් මෙන් ම පූජනීයත්වය අතින් ද කැලණි පුරවරයට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. ලක්දිව පුරාතනම නගරයක් වන කැලණියෙහි ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයෙනුත් ඔබ්බට දිව යයි. ජිවිත කාලයෙන් එක්වරක් හෝ සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් ජීවිතය පුරා සිදුකළ සියලු පව් දුරලන උසස් ම පින්කමක් ලෙස සිරිලක ජනයා අතර ඉතිහාසය පුරාම පිළිගත් සැදැහැය වඩන අදහසක් බවට පත් වූයේ ඒ නිසාම විය යුතු ය. බුදුරජාණන් වහන්සේ තෙවන ලංකාගමනේ දී කැලණියට වැඩම කළහ. එහිදී උන්වහන්සේ වැඩ සිටි ධර්මාසනය වූ “මැණික් පුටුව“ නිධන් කොට තැනූ සෑය “කැලණි චෛත්‍යය” යි. කැලණි දුරුතු මහා පෙරහර ලංකාවේ පැවැත්වෙන පෙරහර අතුරෙන් දෙවැනි වන්නේ සෙංකඩගලපුර ඓතිහාසික දළදා පෙරහරට පමණෙකි. මෙම කැලණි දුරුතු මහා පෙරහර ආරම්භ වූයේ වර්ෂ 1925 දුරුතු මස පුර පසළොස්වක පොහෝදා ය. එය “ධාතු පෙරහර” නමින් හැඳින්විණ.
කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර
ඇස්සැද්දුම දුරුතු පෙරහරේ ආරම්භය හා ඉතිහාසය ඉතා කෙටියෙන් වුව ද මෙහි දී මතක් කිරීම වැදගත් වේ. එහෙත් ඒ සඳහා විහාරස්ථානයේ මූලාරම්භය සිදු වූ හැටි ද මතකයෙන් ගිලිහී යන්නට දෙනු නරක ය. 1921ට පෙර මේ ප්‍රදේශයේ ජනයාට පෝය දිනයකටවත් භික්ෂූන් වහන්සේ නමකගෙන් බණක්, දහමක් අසන්නට අවස්ථාවක් නොවීය. එබැවින් ඒ වන විට කුලියාපිටිය නගරය හා අවට ද පවුල් කිහිපයක් පමණක් පදිංචි වී සිටි අතර ඒ අවට වල් බිහි වී තිබුණි. දැනට සාරානාත් විදුහල පිහිටි භූමි භාගයේ එවකට පාසලක් පිහිටි අතර එම භූමියට වරින් වර පිටත ප්‍රදේශවලින් භික්ෂූන් වහන්සේ වැඩම කරවා බණ අසන්නට ප්‍රදේශයේ හා අවට බෞද්ධ පිරිස එකතු වී කටයුතු කළහ. ඒ අනුව දිනක් බණ ඇසීමට බෞද්ධයන් එන මඟ අයිනක සැඟවී සිටි පොලිස් නිලධාරියෙක් වේවැලක් තබාගෙන එන එන අයට ඉන් පහර දී ආපසු හරවා යවන්නට උත්සාහ කළේය. එහිදී එක් උපාසක අම්මා කෙනකුට පහර දෙන විට ඇති වූ කෝලාහලයක් දුරදිග ගිය අතර පාසලේ විදුහල්පතිවරයා පොලිසියට බියෙන් ඉන් පසු බණ කීම සඳහා පාසල් භූමියේ ඉඩදීම නැවැත්වීය. එහි දී එකතු වූ පිරිස අතර සිටි කිහිපදෙනා එක් රැස් වී අස්සැද්දුම විහාරය ආරම්භ කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත. දුරුතු පුර පසළොස්වක පොහොය වරුණ මිය ගිය ඥාතී ප්‍රේතයන්ට තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මාසයේ දී ය පින්බර දුරුත්තෙහි පෙරදිග අහසින් දුරුතු පුර පසළොස්වක පුන්සඳ උදාවනවිට ආගමික ශාසනික ඓතිහාසික පුරාවෘත්තයන් අපට සිහිපත් වන්නේ තුනුරුවන කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරවමිනි. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහෝ දින උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නම් වූ තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිසට ලොව්තුරු දහම් මාර්ගයේ පහස ස්පර්ශය ලබා දීමෙන් අනතුරුව ප්‍රථම වරට ලංකාවට වැඩම කර එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන් කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ දහසක් සමඟ රජගහ නුවරට වැඩමවීම, ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍ය අසල දී රජ බවට පත්වීම, ආදී ආගමික සිදුවීම් රාශියක් සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. බෝධිතො නවමේ මාසෙ - ඵුස්ස දුණ්ණමියං ජිනො, ලංකාදීපං විසොධෙතුං - ලංකාදීප මුපාගමි දුරුතු පුර පසළොස්වක පොහෝ දා මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළ ඓතිහාසික සිදුවීම් මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි ඒ ආකාරයෙන් සඳහන් ව ඇත.
මිය ගිය ඥාතී ප්‍රේතයන්ට තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මාසයේ දී ය පින්බර දුරුත්තෙහි පෙරදිග අහසින් දුරුතු පුර පසළොස්වක පුන්සඳ උදාවනවිට ආගමික ශාසනික ඓතිහාසික පුරාවෘත්තයන් අපට සිහිපත් වන්නේ තුනුරුවන කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරවමිනි. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහෝ දින උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නම් වූ තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිසට ලොව්තුරු දහම් මාර්ගයේ පහස ස්පර්ශය ලබා දීමෙන් අනතුරුව ප්‍රථම වරට ලංකාවට වැඩම කර එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන් කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ දහසක් සමඟ රජගහ නුවරට වැඩමවීම, ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍ය අසල දී රජ බවට පත්වීම, ආදී ආගමික සිදුවීම් රාශියක් සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. බෝධිතො නවමේ මාසෙ - ඵුස්ස දුණ්ණමියං ජිනො, ලංකාදීපං විසොධෙතුං - ලංකාදීප මුපාගමි දුරුතු පුර පසළොස්වක පොහෝ දා මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළ ඓතිහාසික සිදුවීම් මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි ඒ ආකාරයෙන් සඳහන් ව ඇත.
බුදුරජාණන් වහන්සේ වදාළ විමුක්ති ප්‍රතිපදාවට අයත් ආධ්‍යාත්මික දියුණුවේ අටවැදෑරුම් සන්ධිස්ථාන (මාර්ග-ඵල) අතුරෙන් පළමු අවස්ථාව සෝවාන් හෙවත් සෝතාපන්න යනුවෙන් හැඳීන්වේ. වරක් භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ අමතා වදාළ පරිදි සෝත යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. බුදුරදුන් වදාළ පරිදි සෝත හා සෝතාපන්න යනුවෙන් අදහස් වන්නේ විමුක්ති මාර්ගය හා එයට අවතීරණය වීමයි. සැඩ පහර හැඳීන්වීමට සෝත යන්න යෙදේ. එයට හසුවන පුද්ගලයා මුහුදට ගසාගෙන යන්නාක් මෙන් ආර්ය මාර්ගයේ ආරම්භක පියවර තැබූ සෝතාපන්න පුද්ගලයා නියත වශයෙන් එම ගමන නිමා කොට විමුක්තිය සාක්‍ෂාත් කරයි. ඒ හෙයින් එම තැනැත්තා ආර්ය මාර්ගයෙන් නොගිලිහෙන ස්වභාවය ඇත්තේ නියත වශයෙන් ම විමුක්තිය සාක්‍ෂාත් කරන්නකු වේ. එහෙත් නියත සම්බෝධිපරායන වීම කෙනකු හිතන තරම් පහසු කාර්යයක් නොවේ. ඇතැම් පුද්ගලයන් සෝත හා සෝතාපන්න යන්නෙහි ධර්මානුකූල අරුත් නො සලකා තම සිතැගි පරිදි විවරණය කිරීමට යෑමෙන් ඒ සම්බන්ධයෙන් වැරැදි අදහස් රැසක් සමාජ ගතකර තිබෙන අතර ම පෙළ දහම ගැන අවබෝධයක් නොමැති අය එම විවරණ අදානග්‍රාහීව ගැනීමෙන් වැරැදි ආකල්ප හා නිගමනවල පිහිටා කටයුතු කරනු දක්නට ලැබේ. නිතර සජ්ඣායනා කරනු ලබන රතන සූත්‍රයෙහි දැක්වෙන පරිදි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණ තුනකි. එනම් දස සංයෝජන ධර්ම අතුරින් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා හා සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම බැහැර කොට තිබීම පළමු ලක්‍ෂණය යි .
හිඳව දේවානන්ද නාහිමියෝ උපප්‍රධාන සංඝනායක පදවි ලබති
සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස දී පින්කම් මාලාවක්
මණිඅක්ඛිත මහ සෑ රජාණන් වහන්සේගේ කොත පැලඳවීම
ශිෂ්‍යත්වය අසමත් බොදු දරුවන් සමත් කරවන අගය කළ යුතු වෑයමක්
නෙල්ලධුර ශ්‍රී ඛෙත්තාරාම මහා පෙරහර
ඉතිරිය»
සියලු දුක් අවසන් කරන්නට අවිද්‍යාව පරදවා විද්‍යාව උපදවා ගමු
අනුන් රැවටීම ජාතියෙන් ජාතියට බරපතළ විපාක ගෙන එන පාපයකි
සුවපත් මනසක් සුවබර දිවියක් - 10 කොටස: භාවනාවේ දියුණූව අවබෝධ ශක්තිය හා ආධ්‍යාත්මික හැකියාව මතයි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 161 වැනි නිකාය සංවත්සර සැමරුම ලබන 29 වැනි දා
භික්ෂූන් වහන්සේගේ නිරෝගි බවට ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍යයි
ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවි ලද අක්මීමන පියරතන නා හිමි
දෙස් විදෙස්හි කිතුගොස පතළ ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි
බදුල්ල විහාරගොඩ විද්‍යොත්තංස පිරිවෙන් නූතන ඉතිහාසයේ නියමුවාණෝ දික්කාපිටියේ පඤ්ඤාලෝක නා හිමි
වැලිගම සිරි ඤාණරතනාභිධාන මහා නාහිමි
සම්බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි දීඝවාපි පුදබිම
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]