[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

අපවත්වී වදාළ සිතුල්පව්ව නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්

ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මඟුල් මහාවිහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, ගාල්ල හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක , උපාධ්‍යාය ධුරන්ධර, ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර, අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ දෙසැම්බර් මස පළමු වන දින කොළඹ දී අපවත් වී වදාළහ. අපවත් වන විට අසූතුන් වැනි වියේ පසු වූ නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව දෙසැම්බර් මස 05 වැනි දා යටගල රාජමහා විහාරස්ථ ආදාහන මළුවේ දී සිදු කෙරුණි. අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය දෙසැම්බර් 02 වන දින පෙරවරුවේ රථ පෙරහරකින් යටගල රාජමහා විහාරය දක්වා රැගෙන ගිය අතර 03 වැනි දා සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය වෙත රැගෙන ගොස් අවසන් ගෞරව දක්වා නැවතත් 04 වන දින යටගල රාජමහා විහාරය වෙත රැගෙන එන ලදී. මඟ දෙපස රැස්ව සිටි ජනතාව නාහිමිපාණන් වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වූහ.

උඳුවප් පුර පසළොස්වක පොහොය වරුණ

ක්‍රිස්තු පූර්ව 236 වැනි වර්ෂයේ උඳුවප් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට වැඩම කරවීමත්, ශ්‍රී ලංකා ධරණී තලයෙහි භික්ෂූණී ශාසනය ආරම්භ වීමත් ලංකා ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිද්ධීන් වේ. මහ වංශයේ 18 සහ 19 වන පරිච්ඡේදයන්හි බෝධි ආගමනය පිළිබඳ විස්තර ඇතුළත් ය. ඒ අනුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවාගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා පවරන ලද්දේ තමන්ගේ බෑණනුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා වෙතත්ය. අරිට්ඨ අමාත්‍යතුමා මහින්ද මහරහතන් වහන්සේගේ දේවානම්පියතිස්ස මහරජතුමාගේත් හසුන්පත රැගෙන වප් මස දෙවැනි දිනයේ දී දඹකොළපටුනෙන් පිටත්ව එක්දිනක් තුළ පැළලුප් නුවරට පැමිණියේ මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බව මහවංශය සඳහන් කරයි. ලංකාගමනය - මිහිඳු මහරහතන් වහන්සේ්ගෙන් බණ අසා පළමුව මාර්ග ඵලාවබෝධය ලබන ලද්දේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පක්ෂයයි. ඔවුහු සසුන්හි පැවිදි වන්නට අවශ්‍ය බව දෙවනපෑතිස් නිරිඳුන්ගේ මාර්ගයෙන් අනුබුදු මිහිඳු මාහිමියන්ට දැන්වූහ.

 

පින් කරන්නේ අවිද්‍යාව නිසා ද?

හැකි තරම් ජිවත් වන කාලය තුළ කාමභෝගි සැප සම්පත් විඳීම ඔවුන්ගේ එකම අරමුණ බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ කියන ත්‍රිවිධ තෘෂ්ණාවම නැවත සත්වයාගේ හට ගැනීමට හේතු කාරක වෙනවා. ඒ විදිහට බලන කොට මේ තෘෂ්ණාව තමා නැවත ඉපදීමක් අපට ලබා දෙන්නේ මේ ලෝකයේ ජීවත් වන අප හැමදෙනාම මේ සසර ගමන තුළ කෙළවරක් නැති ගමන්මඟක නියැළී සිටිින්නේ අවිද්‍යාව හා තෘෂ්ණාව මුල් කර ගෙන සිදු කරන කර්ම නිසයි. ඒ කර්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙනවා. එහි දී අපේ ඊළඟ භවය ඇති වීමට මේ පින් පව් දෙකම හේතු වෙනවා. ඉතින් ලෝක තත්වය හැබෑ ලෙස ම නො දැනීම අවිද්‍යාව කියලයි ධර්මයේ පෙන්වා දෙන්නේ. අර්හත් මාර්ග ඵලයට එහෙමත් නැත්නම් සසර කෙළවර කරන නිවන් මඟ සාක්ෂාත් කර ගන්නේ දස සංයෝජනයන් අතුරෙන් අවසාන වශයෙන් මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ කෙලෙස් තුන ප්‍රහීණ කිරීම තුළිනු යි. යම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සෝවාන් ආදි මාර්ගඵල හතරෙන් අවසාන වශයෙන් අනාගාමි තත්වයට පත් වුවත් අවිද්‍යාව කියන කෙලෙස් ගතිය අවසාන වන්නේ නැහැ. රහත් ඵලයට පත් වූ පසුවයි මේ සංයෝජනය අවසාන වශයෙන් ක්ෂය වන්නේ. ඉතින් මේ කියන අවිද්‍යාව නිසා රැස් කරන කර්ම නිසා භව ගමන දිගු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක සංසාර ගමනේ ශීර්ෂය විදිහටයි පෙන්වා දී තිබෙන්නේ...

 

කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි. එය ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වාම පවතියි. චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් පවත්වා සිරිපා වන්දනා සමය ආරම්භ කරන අතර පැල්මඩුල්ලේ ගල්පොත්තාවල පන්සල, රත්නපුර මහසමන් දේවාලය සහ සිරිපා කන්ද යන ස්ථානවල අනුපිළිවෙළින් සිදුකරන වතාවත් ඒ අතර ප්‍රමුඛත්වය ගනියි. භාරහාර - සිරිපා වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් දුරාතීතයේ පටන්ම හිමිව පැවතිණ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතර වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය ශ්‍රී පාදස්ථානය වීම එයට ප්‍රධාන හේතුවයි. පුරාතනයේ ඇතැමුන් මෙම වන්දනා ගමනට සහභාගි වූයේ තම ඉඩකඩම් පවා ඤාතීන්ට පවරා දීමෙන් පසුවයි. ගමනාරම්භයට පෙර තෙරුවන් නමදින වන්දනාකරුවන් ඊළඟට සිදු කරනුයේ සමන් දෙවියන්ට භාරහාර වීමයි. පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී සිරිපා තරණය කරන අතර ගමන් මාර්ගයේ දී ඇතිවන ගමන් විඩාව සංසිඳුවා ගන්නේ කවි හා වාගාලාප ගායනා කරමිනි. මෙහිදී ‘තුන්සරණය’ නමැති ජන කාව්‍යයේ එන කවි මෙන්ම ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද වාගාලාප බොහෝ සෙයින් ගායනා කෙරෙයි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]