[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පින් වැඩෙන පින් කරමු

එදිනෙදා අපේ ජීවිත ගත කරද්දී අකුසල් බැහැර කරමින් පින් රැස් කර ගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී පින ගැන වැඩිය නො හිතන නිසා, ඇතැම් දෘෂ්ඨි නිසා, සමහර මතවාද නිසා, නැතිනම් අපේ ජීවිතවල තිබෙන අලස බව ආදී මේ නොයෙක් කරුණු නිසා අපට මහා සැප සම්පත් උදාවන පින් කර ගැනීම මඟ හැරෙනවා. බොහෝ විට අපගේ ජීවිතවල තිබෙන ප්‍රශ්නවලින් අඩක් ම මඟ හරිමින් කර්මවලින් බේරෙන්න පාරක් අපට මේ ශාසනයේ මුණ ගැහෙනවා. ඒ ජීවිතයට පින් රැස් කිරීමෙන්. අපි පින ගැන වැඩියෙන් කල්පනා නො කරන නිසාත්, නො හිතන නිසාත් අපට පින් කර ගන්නට තිබෙන අවස්ථා ගිලිහී යනවා. එනිසා අපට පිනක් රැස් කර ගන්න තිබෙන අවස්ථාවේ දී හොඳින් පින් කර ගන්න ක්‍රම සොයන්න ඕන. එදිනෙදා අපට ජීවිතයේ පින් කර ගත හැකි ක්‍රම තිබෙනවා. ඒ ක්‍රම සොයා ගැනීම ශ්‍රාවක අපේ වගකීම යි. භාග්‍යවතුන් වහන්සේ බොහෝවිට දහම් දෙසීමට පෙර එතැන සිටින හැම දෙනා දෙසම බුදු නෙතින් බලනවා. එතැන සිටින පිරිසගේ හිත්වල ස්වභාවය විමසමින් කාගේ සිත ද ධර්ම අවබෝධය සඳහා මෝරා තිබෙන්නේ කියා එක එක පුද්ගලයා දෙස බුදු සිත යොමු කර ඉන්ද්‍රිය පරෝපරියත්න ඥානයෙන් බලනවා. ශාස්තෘන් වහන්සේ අවබෝධය මත පිහිටලයි එසේ අපේ දෙස බලන්නේ. අංගුලිමාලට කිවයුතු වචනය මේකයි. ආලවක යක්ෂයාට කිවයුත්තේ මේ දේයි. විශාඛාවට කිව යුත්තේ මෙයයි කියා භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් ම දන්නවා. අපත් යම් පිනක් රැස් කර ගන්න යද්දී ඒ ඒ තැනදී ඒ ඒ, ආකාරයට කටයුතු නො කරන නිසා පින් රැස් කර ගන්න අපට අපහසු වෙනවා. සකසා පින් රැස් කර ගත් කෙනෙක් ගැන එක්තරා පේ‍්‍රත වස්තුවක මෙසේ සඳහන් වෙනවා.


නිකිණි අව අටවක

සැප්තැමිබර් 06 බදාදා
අ.භා. 03.45 න් අව අටවක ලබා
07 බ්‍රහස්පතින්දා
අ.භා. 04.20 න් ගෙවේ.
06 බදාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]