[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මේ උතුම් වස්සානය යි

බුද්ධ ශ්‍රාවකයන් ආගමික වශයෙන් අත්විඳින ආගමික නිදහස අසාමාන වූවකි. අදට යෙදී ඇති ඇසළ පුර පොහොය දිනයෙහි සිදු කෙරෙන ඉතා වැදගත් ආගමික චාරිත්‍ර ධර්මයක් ද මතු නොව මහා පින්කමක් ද වන වස්විසීමට අදාළව වූ වස්සූපනායික ශික්ෂා පදය පැනවීම තථාගතයන් වහන්සේගේ මහජන මතයට ගරු කිරීමේ උතුම් ගුණය ප්‍රකට වන අවස්ථාවකි. බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වූ භාරතයෙහි තත්කාලීනව ආගමික ඉගැන්වීම් දෙසැටක් පමණ වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කරනු ලැබේ. මෙම ආගම් හා ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක් වූ බුදු දහම මූලික වශයෙන් ම තරුණ පිරිසක් ඒකරාශී කොට ගෙන ව්‍යාප්ත වූවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මඟක් ගත් දහමක් විය. ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස, හික්මීම පිණිස, ශාන්තභාවය පිණිස, කෙලෙස් මල දුරු කිරීම පිණිස තම ධර්මය දේශනා කරන බව පමණක් නොව “පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති” යනුවෙන් සියලු කෙලෙස් මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය ළඟා කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය දේශනා කරන ලදහ. බුදු දහම පහළවීමෙන් එළැඹි මුල් කාලපරිච්ඡේදය වන මෙම වකවානුවෙහි පැවති විවිධ ආගමික මතවාද පිළිබඳ අපි මුලින් සඳහන් කළෙමු. මෙම ඉගැන්වීම් බහුල වශයෙන් ම නිර්මාණවාදී ඉගැන්වීම් වූ අතර, ඇතැම් ඉගැන්වීම් කර්මවාදී මෙන්ම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් විය. තත්කාලීන භාරතීය ජනතාව මෙම විවිධ ආගමික මතවාද නිසා ද දැඩි පීඩනයකට ලක්ව සිටියහ. ගිම්හාන සෘතුවේ ඇතිවන දැඩි නියඟය ආදී විවිධ පාරිසරික පීඩාවන්ගෙන් ද මහත් සේ පීඩාවට ලක් වූහ. වර්තමාන ඉන්දීය සමාජය තුළ ද මේ තත්ත්වයන් අඩු වැඩි වශයෙන් පවත්නා බව බොහෝ දෙනා දන්නා කරුණකි. වස්සාන සාමය එළැඹෙත් ම දැඩි නියඟය ආදී පීඩාවන්ගේ මිදී ගස් වැල් තෘණලතාදිය මතු නොව සතා සීපාවද කිසියම් ප්‍රබෝධයකට පත්වීම ආරම්භ කෙරෙති. කෙසේ නමුත් භාරතයෙහි මෙම වර්ෂා සමය ද එක්තරා ප්‍රමාණයකට පීඩාකාරී කාලයක් විය. තම වාසස්ථාන තුළම රැඳී සිටීම හැර මෙම කාල වකවානුවෙහි වෙනත් කළ හැක්කක් නොමැත.


ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]