[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සසුන් කෙත අස්වද්දමු ව්‍යාපෘතියක්

සසුන් කෙත අස්වද්දමු ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “සසුන් කෙත අස්වද්දමු” ව්‍යාපෘතිය යටතේ සංඛ්‍යාත්මකව සාමණේර භික්ෂූන් වහන්සේ ගෞතම ශාසනයට දායාද කරනු පිණිස කුලදරුවන් සසුන්ගත කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කොට ඇත. එහි පළමු අදියර 2023 වෙසක් සතිය තුළ සිදු කිරීමට අපේක්ෂිත ය.

එහිදී පැවිදි පින්කම පොදු පූජනීය ස්ථානයක දී උත්තරීතර මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා පාර්ශවීය මහ නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් ජාතික පුණ්‍යෙීසවයක් වශයෙන් සිදු කරන අතර, පැවිදි වන කුල දරුවන් වෙනුවෙන් අවශ්‍ය වන පුදපරීෂ්කාර ආදිය සංඝ සභාව විසින් සපයනු ලැබේ. සෑම සාමණේරයන් වහන්සේ නමක් වෙනුවෙන්ම කැපකරු දායක අනුග්‍රාහකත්වයක් ද සොයා දෙනු ලැබේ.

පැවිදි කිරීමෙන් පසු ආචාර්යයන් වහන්සේ කැමැති වන්නේ නම්, නිශ්චිත එක් ස්ථානයක දී වර්ෂයක මූලික බණදහම් හා වත්පිළිවෙත් පුහුණුවක් ලබා දීමට අපේක්ෂිත යි. මූලික පුහුණුවෙන් පසු සංඝ සභාවේ අධීක්ෂණය යටතේ තෝරාගත් පිරිවෙන් ආයතනයන්හි නේවාසික කොට මූලික පිරිවෙන් අවසානය දක්වා අවුරුදු පහක පිරිවෙන් අධ්‍යාපනය ද, ඉන්පසු බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ තුන් අවුරුදු පණ්ඩිත උපාධිය හා ත්‍රිපිටකාචාර්ය ගෞරව උපාධිය සඳහා යෙමු කරනු ලබයි. අවුරුදු නවයක් සංඝ සභාවේ සෘජු අධීක්ෂණය යටතේ මූලික හා උසස් අධ්‍යාපනනය ලබා දී ප්‍රඥාවෙන් මෙන්ම ශ්‍රද්ධාවෙන් පිරිපුන් රාජකීය පණඩිතෝපධාරී භික්ෂු සමූහයක් අමරපුර වංශයටත්, පොදුවේ සම්බුද්ධ ශාසනයටත් දායාද කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාව යි.

ඒ පිළිබඳ වැඩිවිස්තර සහකාර ලේඛකාධිකාරී අහංගම මෛත්‍රීමූර්ති හිමි, ශ්‍රී ලංකා අමරපුර සංඝ සභා කාර්යාලය, නො. 70, ගාලුපාර, කොළඹ 06 යන ලිපිනයට එවීමෙන් උපදෙස් ලබාගත හැකි බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන් නිවේදනයක් නිකුත් කොට දන්වා ඇත.

බක් අමාවක

අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.28 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.46 න් ගෙවේ.
19 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]