[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

තිසරණය ලොව පවතින්නේ ත්‍රිවිධ රත්නය ලොව පහළ වූ කල පමණි

යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ - න තෙ ගමිස්සන්ති අපායං - පහාය මානුසං දෙහං - දෙවකායං පරිපූරෙස්සන්ති , ඡත්ත මානවක බුදුරජාණන් වහන්සේ විසින් සරණ ගන්වන ලදුව, ‘ යො වදතං පවරො මනුජෙසු’ යනුවෙන් තෙරුවන් සරණ ගිය ආකාරයත්, සොර මුළකට හසු ව මරණයට පත් ව දෙව්ලොව උපන් ආකාරයත් ප්‍රකට ය. තෙරුවන් සරණ ගිය පුද්ගලයා මරණින් මතු දෙව්ලොව උපන් කල්හි සෙසු දෙවියන්ට වඩා ආයුෂ වර්ණ ආදියෙන් බබළයි. සැප විඳීයි. මනුෂ්‍ය ලෝකයෙහි උපන් කල්හි මහත් වූ භවභෝග සම්පත් හා රූප සම්පත් ලබයි. උපනුපන් ජාතියෙහි මහ නුවණ ඇත්තේ වෙයි.මෙසේ සැකෙවින් සරණාගමනයෙහි ලෞකික ඵල හෝ ආනිශංස දක්වන ලදී. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති, මෙලොව දී ම නිවන් ප්‍රත්‍යක්‍ෂ කිරීමට තරම් ඤාණය සම්පූර්ණ වූ යම්කිසි කෙනෙක් තිසරණයෙහි පිහිටා නිවැරැදි ප්‍රතිපත්ති අනුගමනය කෙළේ නම් ඔහු නොවරදවා ම සමථයානික හෝ විපස්සනායානික ව මාර්‍ග ඵලාධිගම ලබන්නේ ය. එයින් ආර්‍ය පුද්ගල භාවයට පත් වීමෙන් තමා අතින් මත්තෙහි ආනන්තරී‍ය කර්මයන් සිදුවීම ද, ලොවුතුරා බුදුන් හැර අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට සෙවීම ද අවුරන්නේ ය. එ මෙන් ම සෝවාන් වූවහුගේ සතර අපායෝත්පත්තියෙන් මිදීම හා අටවන භවයෙන් එපිට සසර භව සිඳලීමත් , සකෘදාගාමී වූවහුගේ කාම භුමියෙහි එක් වරක් පමණක් ඉපදීමත්, අනාගාමී වූවහුගේ කාම භවයට නැවත නො ඒමත් ලෝකෝත්තර සරණාගමනයෙහි විපාක ඵල වෙයි.


බක් අමාවක

අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.28 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.46 න් ගෙවේ.
19 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]