[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මහර දහම් පාසල් ගුරු සංගමයෙන් දහම් පාසල් ගුරු උපහාර

මහර දහම් පාසල් ගුරු සංගමයෙන් දහම් පාසල් ගුරු උපහාර


උත්සවයට සහභාගි වූ මහා සංඝරත්නය ඇතුළු ආචාර්යවරුන්ගෙන් පිරිසක්

දහම් පාසල් ගුරුවරයා යනු කිසි විටෙක නම්බු නාම හෝ වරප්‍රසාද බලාපොරොත්තු වන්නෙක් නොවේ. ඔවුහු කිසිදු ඇගැයීමක් ද බලාපොරොත්තු නොවෙති. ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ දරුවන් සුමගට යොමු කිරීම පමණි. තම කාලය , ධනය, ශ්‍රමය වැය කරමින් එසේ නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කරන දහම් පාසල් ආචාර්යවරුන් ඇගැයීමකට ලක් කරන්නේ නම් එය මහත් වටිනා පින්කමක් ද වන්නේය.

එවන් මහඟු පුණ්‍යකර්මයක් කරන්නට පසුගියදා මහර දහම් පාසල් ගුරු සංගමය විසින් කටයුතු කරන ලදී. ඒ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් ආචාර්යවරුන් උදෙසා ය. ඒ උපහාරය සිදු කිරීමේ මූලිකත්වය ගත්තේ මහර දහම් පාසල් ගුරු සංගමය විසිනි. මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ (1 කලාපයේ) දහම් පාසල්හි 2019 වසරේ සිට වසර 3කට වඩා අඛණ්ඩ සේවා කාලයක් හිමි ආචාර්ය භවතුන්ට එසේ උපහාර පිදීම සිදු කෙරුණේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ඕනෑගම නන්දරතන, සභාපති පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මමෝරථ, උප සභාපතිවරුන් වන කැන්දලියැද්දපාලුවේ සිරිනන්ද, පොතුවිල චන්දසිරි හා නියෝජ්‍ය ලේඛකාධිකාරි කිරිමැටියාගාරේ සිරිධම්ම ඇතුළු නාහිමිවරුන්ගේ උපදේශකත්වයෙනි.

එම උපහාර උලෙළට ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර එහිදී වසර 3කට වඩා සේවා කාලයක් සැපිරූ ආචාර්යවරුන් 271 දෙනකුට උපහාර හා සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු කර තිබුණි.

සියලු ආචාර්ය භවතුන්ට වටිනා විශේෂිත වූ තිළිණය සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක, මැලේසියාවේ සෙන්තුල් බෞද්ධ විහාරාධිපති මහා කරුණා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් බූටාවත්තේ සරණකංර නා හිමියන් විසිනි.

බක් අමාවක

අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.28 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.46 න් ගෙවේ.
19 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]