[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

එගොඩමුල්ලේ අමරමෝලි මහ නා හිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ උපසභාපති ධුරයට පත්වෙති

එගොඩමුල්ලේ අමරමෝලි මහ නා හිමියෝ

ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ උපසභාපති ධුරයට පත්වෙති

කුරුණෑගල රම්බඩගල්ල රිදීගම විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික නිකායේ මහානායක ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති ධුරයකින් පිදුම්ලැබූහ.

මුන්වහන්සේ කිරිමැටියාවේ පඤ්ඤාසාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්‍යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්ව ඇත. මූලික පැවිදි අධ්‍යයන කටයුතු කුරුණෑගල සිද්ධාර්ථ පිරුවෙනින් ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට සමත් වූහ. අනතුරුව ස්වකීය විහාරස්ථානය වෙත වැඩම කළ උන්වහන්සේ වර්‍ෂ 1988දී විහාරාධිපතීන් වහන්සේ ලෙස තේරී පත් වූහ.

අමරපුර අරියවංස සද්ධම්මයුක්තික නිකායට නායකත්වය දෙමින් ක්‍රියාකරනු ලබන අමරමෝලි මහ නාහිමියන්ට ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ උපසභාපති ධූරයක් පිරිනැමීම උන්වහන්සේ ඉටුකළ මෙහෙයට දැක්වූ කෘතගුණ උපහාරයක් ලෙස සඳහන් කළ හැකි ය.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]