[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රනීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම, 5.30 ට සිල් අෂ්ටාංග උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදූවේ සුමනවංස නාහිමි, 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙ.ව. 7.45 සිට 8.45 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මාදූවේ කෝලිත හිමි, පෙ.ව. 9.00 සිට 10.45 ධර්ම සාකච්ඡාව, පෙ.ව. 10.45 ට මුල්තැන බුද්ධ පූජා පූජා කිරීම, ප.ව. 12.00 සිට 12.30 සක්මන් භාවනාව, ප.ව. 01.30 සිට 02.30 කාව්‍ය ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී රංවල සරණසිරි හිමි, ප.ව. 02.45 සිට 03.45 ධර්ම දේශනාව ආඬිඅම්බලම මහා විදුහලේ ආචාර්ය, ශාස්ත්‍රවේදී ගල්වලයායේ සුගතරංසි හිමි, ප.ව. 4.00 සිට 5.00 විශේෂ ධර්ම සාකච්ඡාව වෛද්‍ය කීර්ති බණ්ඩාර රත්නායක මහතා ප.ව. 5.30 ට සැමට ආශිර්වාද පතා අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම හා පිරිත් දේශනා.

මීගස්වෙල බෝධිමළු විහාරය ඇහැලියගොඩ

පෙ.ව.6.00 ට කිරි ආහර පූජාව පැවැත්වීම හා අෂ්ඨාංගශීලය සමාදන් කරවීම, පෙ.ව. 8.00 ට ධර්මදේශනය ඇහැලියගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරි ශාස්ත්‍රවේදී කුරුවිට සුනීත හිමි. පෙ.ව. 9.00 ට භාවනා වැඩසටහන පෙ.ව. 10.30ට දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව ප.ව.1.00 ට ශීල සමිතිය ප.ව. 2.00 ට ධර්ම සාකච්ඡාව, ප.ව. 3.00 ට ධර්ම දේශනය ශ්‍රී සුමන පිරිවෙනේ ආචාර්ය දර්ශනපති වටිනාපහ දේවානන්ද හිමි. ප.ව. 5.00 ට භාවනා වැඩසටහන ප.ව.6.00ට අටවිසි බුද්ධ වන්දනාව හා බෝධි පූජාව මෙහෙයවීම විහාරාධිපති වළාඳුරේ ඥානානන්ද හිමි.

සිරි වජිරඤාණ ධර්මායතනය – මහරගම

තරුණසීල සමාදානය

පෙ.ව. 6.00 -7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රවේදී පණ්ඩිත දිගාමඩුල්ලේ විමලානන්ද නාහිමි, 08.00 9.00 භාවනාව කොත්මලේ ඤාණවංස හිමි, 09.00 -10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වල්ගම සුමන හිමි, 10.00 -11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු – 12.30 -1.00 පිරිත් හා තෙරුවන්ගුණ – අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව – ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 -3.00 වෙසෙසි දෙසුම මහාචාර්ය නිමල් හෙට්ටිආරච්චි මහතා 3.00 - 4.00 ධර්ම දේශනාව පණ්ඩිත රත්මලානේ රතනසිරි හිමි, 4.15 - 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්මදේශනාව – දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නාහිමි.

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙ.ව. 06.00 - 06.30 සීල සමාදානය ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 06.30 -7.00 උදෑසන බුද්ධ පූජාව රන්දිලිගම මහින්ද හිමි, 08.00 - 9.00 භාවනා අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 09.00 -11.00 පෙරවරු ධර්ම දේශනාව ශාස්ත්‍රපති නෙළුවාකන්දේ ඥානානන්ද හිමි, 10.00 -11.00 ධම්මපදයෙන් බිඳක්, අධ්‍යාපනපති, කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව, ඇතිමලේ සීලානන්ද හිමි, 02.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය 03.00 -4.00 ධර්ම දේශනාව පණ්ඩිත බණ්ඩාරවෙල සාරද හිමි, 04.00 - 5.00 ධර්ම දේශනාව පණ්ඩිත නීලම්මහර චතුරශාන්ත හිමි, 05.00 -06.00 භාවනා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි.06.00 - 7.00 ගිලන්පස බුද්ධපූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි

මාතර නාවිමන ගිරිකන්දරාරාමය

පෙ.ව.6.00 - පෙ.ව.7.00 - සීල සමාදාන,මල් පහන්,ගිලන්පස උදෑසන කිරි ආහාර බුද්ධ පූජාව හා අනුශාසනාව ශාස්ත්‍රපති, යටලමත්තේ විපස්සි හිමි, පෙ.ව. 8.00 - පෙ.ව.9.00 - ධර්ම දේශනය, ශාස්ත්‍රපති කොහුලියද්දේ දේවානන්ද හිමි. පෙ.ව 9.45 - පෙ.ව.10.45 - භාවනා වැඩ සටහන - ශාස්ත්‍රපති යටලමත්තේ විපස්සි හිමි. ප.ව.1.00 - ප.ව.1.30 - සෙත් පිරිත් සජ්ඣායනය විහාරස්ථානයේ පොඩිහාමුදුරුවන් වහන්සේ ප.ව.2.00 - ප.ව.3.00 - ධර්ම දේශනාව ශාස්ත්‍රපති සුමනකිත්ති හිමි. ප.ව.4.00 - ප.ව.5.00 - ශාස්ත්‍රපති පණ්ඩිත හතර ලියද්දේ මංගල හිමි. ප.ව.7.00 - ප.ව.8.00 - බෝධිපූජා පිංකම මෙහෙයවීම - ශාස්ත්‍රපති පැලවත්තේ කුසල ධම්ම හිමි.

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

පෙ.ව. 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි පෙ.ව. 08.00-09.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය හක්මණ සුමනසිරි නාහිමි, පෙ.ව. 09.00-10.00 ධර්ම දේශනාව - කොත්මලේ ඤාණාලෝක හිමි, පෙ.ව. 10.00-11.00 සූත්‍ර දේශනාව- රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පාණදුර පසන්න හිමි පෙ.ව. 11.00-11.15

බුද්ධ පූජාව - කන්දකැටියේ සුනීත හිමි, බණ්ඩාරගම ධම්මවිජය හිමි ප.ව. 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ - තලංගල්ලේ ධම්මරතන හිමි, වැලිගෙපොල සුගතවංස හිමි ප.ව. 01.00-02.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රවේදී පණ්ඩිත දිගාමඬුල්ලේ විමලානන්ද නා හිමි, ප.ව. 02.00-03.00 ධර්ම දේශනය - විද්‍යාවේදී පූජාපිටියේ සන්තුසිත හිමි, ප.ව. 03.00-03.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි. ප.ව. 04.00-05.00 ධර්ම දේශනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. ප.ව. 05.00-06.00 ධම්ම පදය- ශාස්ත්‍රපති පණ්ඩිත වතුරගම ධම්මජීව හිමි. ප.ව. 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූමහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා කරනු ලබන ප්‍රණීත ක්ෂීරපායාස පූජාව, පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8.00 - 9.00 ධර්ම දේශනාව වල්ගම සුමන හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව බදුල්ලේ ආරියදස්සනා සිල් මාතාව, 10.30 - 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 - 2.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 2.00 - 3.00 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, 4.00 - 5.00 ධර්ම දේශනාව ඉද්දමල්ගොඩ වජිරඥාන හිමි, 6.00 අටවිසි බුදුරජාණන් වහන්සේ, අසූමහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා පුදනු ලබන ගිලන්පස පූජාව.

හම්බන්තොට සිංහගිරි විහාරය

උදේ 6.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විතාරන්දෙණියේ වජිර හිමි, උදේ 7.00 බුද්ධ පූජාව හම්බන්තොට සමාධි හිමි, 8.00 ධර්ම දේශනාව මයුරපුර සීලවිමල හිමි, 9.00 භාවනාව ගල්වැව අභයධම්ම හිමි, 10.00 ට බුදුගුණ කවි, සූරියවැව සාරධ හිමි, 11.00 දහවල් බුද්ධ පූජාව නුගේකන්දේ මංගල හිමි, පස්වරු 1.00 අභිධර්ම දේශනාව ධර්මාචාර්ය නිමේෂ බණ්ඩාර මහතා, 2.30 ධර්ම සාකච්ඡාව, 4.00 විශේෂ දේශනය, 5.00 කවිබණ, ඕපනායක සුජාත හිමි, රාත්‍රී 7.00 අටවිසි බෝධි පූජාව මාමඩලේ මුදිත හිමි, 8.00 රතන සූත්‍රය විතාරන්දෙණියේ වජිර හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව 11.00 - 11.30 තෙරුවන් වන්දනාව, උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනාව සෝමපුර සිරි සුධම්ම හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව දොළොස්වල උදිතධීර හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ගොම්බද්දල දමිත හිමි.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]