[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

පහන් සිතක කවි

නවම් පෝදා

කෝලිත උපතිස්ස හොඳ මිතුරන් වූවා
සැරියුත් මුගලන් නාමෙන් අගසව් තනතුරු ලැබුවා
නවම් පෝය එනිසා වැදගත් වෙනවා
පුන් සඳ සමඟ පුන් පෝයක් උදා වුණා


උරුමය

තමා කළ කී දෙය
තමාගේ පිහිට කරගෙන
උරුමයේ තබා
ඒ පමණක් ගෙන
ඔහු මියගොස් තිබේ

ගෙවූ දිවියේ
ශේෂ විත්ති
පාංශුකූලයේ ද
චරිතාපදානයක සේ
ප්‍රදානය කොට දී තිබිණ

උපත හා විපත
සොහොන් කොතෙහි
අලංකාර අකුරිනි
සොහොන් කොත
සෑදු පිරිසගේ
මානය හා වෙනත් දෑ ද
දකින්නට නොලැබේ

හෘදය සාක්ෂිය
පින් මහිමය
පිනට ලද උද්දාමය
වෙනත් බොහෝ දෙය
කොහේදීවත් අහන්නවත්
දකින්නවත් නොතිබිණ


නිවැරැදි සුව

සම්බුදු හිමි දෙසූ පන්සිල් නිති රකිමු
මෙත් සිත් පෙරටුකර ලොව තුළ දිවි ගෙවමු
අටලෝ දහම අරි අට මඟ පිළිපදිමු
කෙටි ජීවිත ගමනෙ නිවැරැදි සුව ලබමු


සසරක හැටි

බැඳෙනවා සසරෙ අප සිත ඇඳුන වස්තුවල
රැඳෙනවා බැඳීමෙන් එහි මෙහෙයෙ ක්‍රියාවල
දැවෙනවා රැඳීමෙන් සිත් සතන් වැනසිල්ල
තැවෙනවා දැවීමෙන් සිත සසරෙ කැලෑවල


දැන සමරමු

වේළුවනය බුදු මහ සඟරුවන හට
පූජා කරයි බිම්සර රජු මනා කොට
පොහොදින වරුණ දැන සදහම් පසක් කොට
කුසල් වඩමු අප සසරින් මිදෙන්නට


නොබැඳෙමු

පලක් නැත බැඳී
මේ ලොවට
මියෙනතුරු
ගැටලු
සෙවු විසඳුම් ලැබූ
සහන නැත සිතට
මියැදී නැවතත් එයි
මේ කුණු ලොවට
යයි භවයේ දිගට
එකක් විසඳා ගත නොහැකි
ඔබට
නොසිතිය හැකි
නොමිණිය හැකි
ප්‍රමාණයකි විසඳුමට
නොගැටෙනු
නොබැඳෙනු
මේ ලොවට

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]