[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සසුන් කෙත ඒකාලෝක කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ

සසුන් කෙත ඒකාලෝක කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ

ප්‍රභාසම්පත්තියෙන් යුක්ත පූර්ණ චන්ද්‍ර මණ්ඩලය ගගන තලය ශෝභාවත් කරන්නේ යම් සේ ද, ඒ ආකාරයෙන් ම සීල සම්පත්තියෙන් පරිපූර්ණ භික්ෂුව තපෝවනය ශෝභාවත් කරන්නේ ය. යන උතුම් බුදු වදන පසක් කරමින් සීලයෙන්, ගුණයෙන් යුතුව සම්බුදු සසුන ශෝභාවත් කරමින් දෙස් විදෙස් සතහට දහම් මඟ විවරකර දෙන බත්තරමුල්ල සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.

අප නාහිමිපාණන් වහන්සේ දුටු දුටුවන්ගේ සිත්සතන් පහදවන පැවැත්මෙන් හා සීලයෙන් ද, ගුණයෙන් ද බහුශ්‍රැතභාවයෙන් ද, ධර්මඤාණයෙන් ද පිරිපුන් ය. උන්වහන්සේ බෞද්ධ උපදේශනය පිළිබඳ විශාරදයකු වශයෙන් ද, භාවනා ආචාර්යවරයකු වශයෙන් ද ජනාදරයට පත්ව සිටිති. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන කේන්ද්‍ර කර ගනිමින් ලක්වාසී, ලෝකවාසී සැමට තථාගත සම්බුදු දහම උන්වහන්සේගේ සුමිහිරි, සුගම්භීර හඬින් දේශනා කරන්නේ නිරපේක්ෂක මනසිනි.

තරුණ පරපුර දහමට යොමු කර ගුණ ගරුක බොදු සමාජයක් ගොඩනැඟීමට උන්වහන්සේ ඉමහත් වෙහෙසක් දරති.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොට පෙබරවාරි මස හතරවැනි සෙනසුරාදා දවස පුරා සදහම් සෙනසුනේ දී ලේ දන්දීමේ කඳවුරක්, වෛද්‍ය කඳවුරක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග කිරීම, අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් පාසල් පොත්පත් ලබාදීම, වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදු කරන අතර හා එදිනම රාත්‍රී 7 ට සෙත් ප්‍රාර්ථනා පින්කමක් ද සදහම් සෙනසුනේ දී සිදු කෙරේ.

අප නායක හිමිපාණන් වහන්සේට සසුනඹර දිදුලවන්නට කායික, මානසික ශක්තිය මෙන් ම නිදුක් නිරෝගි සුව ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]