[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මිනිසත්කමට උදාරත්වයක් දෙන්න මෙත් සිත පුරුදු කරන්න

මිනිසත්කමට උදාරත්වයක් දෙන්න මෙත් සිත පුරුදු කරන්න

සම්බුද්ධ දේශනාවට අනුව මෛත්‍රිය අපගේ තෘෂ්ණා සහගත සිතිවිලි, ආත්මාර්ථකාමී සිතිවිලි මුදුන් පමුණුවා ගැනීමට ඇති කර ගන්නා සිතිවිල්ලක් නොවේ. මෛත්‍රිය නම්, ආත්මාර්ථකාමී බව නැතිකර දමන, කරුණා ගුණයෙන් සමන්විත සියලුම සත්වයින් වෙත නිරායාශයෙන් මෙන් ම නිරතුරුව ම ගලා යන ප්‍රබල හැඟීමකි. මෛත්‍රී සිතිවිල්ල පිළිබඳ කරණීය මෙත්ත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ දක්වා ඇත.

යම් කෙනෙක් තවත් කෙනකු රැවටිය යුතු නැත. තවත් අයකු තලා පෙළා දැමිය යුතු නැත. ද්වේෂයෙන්, වෛරයෙන් යම් කෙනෙක් තවත් කෙනෙකුගේ විනාශය අපේක්ෂා කළ යුතු නැත. මවක් තම ප්‍රාණය හා සමව සිය එකම පුතු රකින්නේ යම් සේ ද? එමෙන් ම සියලු සත්වයින් වෙත අපිරිමිත වූ මෙත් සිත පැතිරවිය යුතු ය.

අන්‍යයන් කෙරෙහි සීමා මායිම් නො පමුණුවා, ඔවුන්ගේ දියුණුවට වැටකඩොලු නොබැඳ, ඔවුන්ගේ දියුණුවට අත දෙන, ඒ වෙනුවෙන් උදව් උපකාර කරන ගුණය මෛත්‍රියයි. මෛත්‍රිය ගුණය මනුෂ්‍යත්වයට උදාර බවක්, උතුම් බවක් ගෙනදෙයි. ඒ උතුම් බව ලබන්න කිසිදු වැය කිරීමක් අවශ්‍ය නැත. ඒ වගේ ම මෛත්‍රිය තෝරා බේරා කරනු ලබන දෙයක් නොවේ. ඒ වගේම ‘ලබන’ දෙයක් ද නොවේ. ‘පුදන’ දෙයක් ම ය.

මෛත්‍රිය, දයාව නම් වූ ගුණ අපගේම නිවසින් ම ඇරඹිය යුතු ය. යම් නිවසක මවත් පියාත් අතර පවතින ආදරය, මෙත් සිත, සුහදබව ඒ පවුලේ දූ දරුවන් අතර ද එබඳු ආදරය, මෙත් සිත අවධි කිරීමට හේතුවන යහපත් පරිසරයක්, වාතාවරණයක් ඇති කරයි. සැමියා හා බිරිඳ එකිනෙකාට ගෞරවය, ආදරය භක්තිය දැක්විය යුත්තේ ඒ නිසා ය.

ඒ වගේම දරුවන් උදෙසා ඉටු කළ යුතු යුතුකම් වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතු ය.

සියලු වැරැදි ක්‍රියාවන්ගෙන් දුරස්ව දරුවන්ට ආදර්ශයක් සැපයෙන අයුරින් ජීවත්විය යුතුයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සිට විවාහය, දේපළ පැවරීම දක්වා වූ සියලු වගකීම් මව්පියන් විසින් බුද්ධිමත් ව ඉටු කිරීමට වග බලාගත යුතුයි. ඒ වගේ ම දරුවන් ද මව්පියන්ට ගරු කිරීම, සැලකීම යුතුකමක් කොට ගනී. මව්පියන් ජීවත්ව සිටිය දී මෙන්ම මිය පරලොව ගිය විට ද සිදු කළ යුතු යුතුකම් ද අතපසු නොකළ යුතු යි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද නොපිරිහෙළා පිළිපදින්නේ නම්, නිවසක සතුට - සාමය රජයනු ඇත. සිත් දිනා ගනු ලබන්නේත්, සිත් ඇඳ බැඳ ගන්නේත් මේ යුතුකම් හා වගකීම් ශක්තිමත් වන තරමට ය. ඒ වගේ ම ඔවුනොවුන් අතර මුවගට සතුටු සිනා නංවන, මෙත් - දයා ගුණයෙන් පිරෙන්නේ මෙවන් වූ සුහද කතාබහ, කැප කිරීම්වලිනි.

කරුණාව, දයාව, මෙත් සිත පැතිරවීම යනු තෑගි බෝග ආදිය පිරිනැමීම නොවේ. එකිනෙකාට මෘදුවීමයි. මේ දයා ගුණය අන්ධ පුද්ගලයකුට දකින්නට හැකි, බිහිරි පුද්ගලයකුට අසන්නට හැකි අපූර්වතම වූ ගුණයකි.

අපගේ මෘදු පි‍්‍රය වචනයෙන් සැනසිය හැකි, දැකීමෙන් ප්‍රබෝධයට සතුටට පත් කළ හැකි, සුළු හෝ ක්‍රියාවකින් අපගෙන් පිහිටක් ලැබිය හැකි වෙනත් අයකු සිටී නම්, එයින් අවධාරණය වන්නේ, මේ උතුම් මිනිසත් බවට අප ද වටිනාමක් එක් කළ බවයි.

නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]