[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථ දුරුතු මහ පෙරහර

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථ දුරුතු මහ පෙරහර

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරය ලුණුගම්වෙහෙර ශ්‍රී අශ්වත්තාරාම විහාරය ඇතුලු විහාර ගණයේ ආධිපත්‍ය දරන ස්‍යාමෝපාලි මහා විහාරවංශික මල්වතු විහාර පාර්ශවයේ කර්මවාගාචාර්ය ස්වරභඤ්ඤ විශාරද ලේල්වල ඉන්ද්‍රජෝති ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තෙල්ලඹුර දුරුතු පෙරහර හා පින්කම් මාලාව 2023 ජනවාරි 01 වැනි දින සිට 06 දින දක්වා උත්කර්ශවත් ලෙස පැවැත්වේ.

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරය නුවර යුගයට අයත් ඉපැරැණි විහාරයකි. මෙහි ආදි කර්තෘන් වහන්සේ වන්නේ සිරිමල්වත්තේ ගුණරතන මා හිමියන් ය. උන්වහන්සේගෙන් පසු කාලයත් සමඟ විහාරාධිපතින් වහන්සේ කිහිපනමක් වැඩසිට ඇත. ඉන්පසු වැලිගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක කොක්මාදුව ශ්‍රී පූර්වාරාමාධිපති තෙල්ලඹුරේ ආරියවංස නා හිමි, සද්ධර්මවාගීශ්වර කර්මාචාර්ය කොක්මාදුව සරණපාල නා හිමි, ඛෙත්තාරාම පුරාණ විහාරයේ විහාරාධිපති පදවිය දරන ලද අතර ප්‍රදේශයට සම්බුද්ධ ශාසනයට විශාල සේවයක් උන්වහන්සේ විසින් සිදු කරන ලදහ.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු විහාරාධිපති පදවියට පත් ස්වරහඤ්ඤ විශාරද කර්මවාගාචාර්ය ලේල්වල ඉන්ද්‍රජෝති මා හිමියන් වහන්සේ තෙල්ලඹුර ඛෙත්තාරාම පුරාණ විහාරය දර්ශනීය රමණීය විහාරයක් බවට පත් කිරීමට දිවා රාත්‍රී නොබලා ක්‍රියා කළහ.

තෙල්ලඹුර දුරුතු මහා පෙරහර ලේල්වල ඉන්ද්‍රජෝති මා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරමින් 1969 දුරුතු පෝය දින මල් පෙරහරක් ලෙසින් ආරම්භ කර වසරින් වසර උඩරට, පහතරට නැටුම් ගැයුම් සහිත, අලි ඇතුන් සහිතව දුරුතු පෙරහර අලංකාරවත්ව වීථි සංචාරය කරන්නට විය. සතර දේවාල පෙරහර ද ඒ සඳහා එක්වීමෙන් තවත් එය අලංකාර වන්නට හේතු විය.

තෙල්ලඹුර දුරුතු මහා පෙරහර ආරම්භ කර වසර 53 කි. මේ සා විශාල කාල පරාසයක් තුළ මෙම සංස්කෘතික මංගල්‍යය වර්ෂයෙන් වර්ෂය සාර්ථකත්වයට පත්වන්නට විහාරාධිපති පූජ්‍යපාද ලේල්වල ඉන්ද්‍රජෝති ලොකු හාමුදුරුවන්ගේ නොසැලෙන ශක්තියත්, අනුශාසකත්වයත් තෙල්ලඹුර දුරුතු මහා පෙරහර කමිටුවේ කැපවීමත්, මෙහිදී අගය කළ යුතු වේ.

වැලිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්මාදුව පූර්වාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර නා හිමි, අකුලහේන සරණගිරි ආරණ්‍ය සේනාසනයේ වටරැක නාගිත හිමි, උඩුමලගල ගංගාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රවේදී පනන්ගල චන්ද්‍රවංස හිමි, වලවේ ශ්‍රී ශ්වේත බිම්බාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී බඹරවානේ රතනජෝති හිමි, කොට්ටවගම ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රවේදී තල්ගම්පල සද්ධානන්ද හිමි, අලුත්වත්තේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති හම්මැලියේ මහින්ද හිමි, සූරියවැව නන්දජෝති හිමි, කැලණිය කිත්සිරිමෙවන් රාජමහා විහාර කෘත්‍යාධිකාරී අඹේපුස්සේ අමරජෝති හිමියන් ඇතුළු හිමිවරුන්ගේ තෙල්ලඹූර පෙරහර සාර්ථක කර ගැනීමට දක්වන කැපකිරීම ද ප්‍රශංසා කටයුතු වේ.

මෙවර තෙල්ලඹුර දුරුතු මහා පෙරහර අද දුරුතු පෝය දා පස්වරු 1.30 ට උඩරට පහතරට සබරගමු නැටුම් හා ගැයුම් සහිත අලි ඇතුන් සමඟ වීථි සංචාරය කරනු ලබයි.

පෙරහර ගමන් මාර්ගය වන්නේ තෙල්ලඹුර ඉහළ මීගහවිල, නැවුන්ගල, කොට්ටව, මාකුඹුර, දඩපිටියවත්ත, තෙල්ලඹුර මංසන්දියෙන් සතර දේවාල මාවත ඔස්සේ ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරයට පස්වරු. 6.30 ට ගෙවදීමට නියමිත ය.

තෙල්ලඹුර දුරුතු මහා පෙරහර අනුහසින් මුළුමහත් ලෝකවාසීන්ට උදා වූ නව වසර සෞභාග්‍යමත් වේවා'යි ප්‍රාර්ථනය කරමු.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]