[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මෙත් ගඟ ගලයි සතහට සිසිලස පතුරා

මෙත් ගඟ ගලයි සතහට සිසිලස පතුරා

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩබලන මහා නායක, ජාඇළ, උදම්මිට උත්තමාරාම පුරාණ විහාරයේ විහාරාධිපති, අතිගෞරවාර්හ උදම්මිට අස්සජිතිස්ස මහ නාහිමිපාණන් වහන්සේගේ 82 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

විසල් සඳුන් රුක සමිඳුයි උදම්මිට
සිසිල් සෙවණ හද දුක් රැඳි දනන් හට
සුසිල් ගුණැති ඔපගුණ මිහිරකි ලොවට
ළකල් සමිඳු සුදුසුයි නිති වඳින්නට

අසරණ දනගෙ හදෙ වැඩි දේවතාණෝ
එඩිතර හදින් පිරිපුන් සිහ රදාණෝ
ගනඳුර නැසූ ගගනත සොමි සඳාණෝ
පියදසුනකි ය පැණසර සඟරජාණෝ

සසුන් පොකුණ බැබළු බුදුපුත් රුවන
කසුන් මෙහෙය පවතියි අප හද අරණ
දැකුමෙන් පැවැතුමෙන් සඟ පෙළපත පොරණ
සතතින් සිහිකළා අප නා තෙරපාණ

පින්සිත වඩාගෙන පින්කම් කරන්නට
බුදුබණ අසා දැන දහමේ යෙදෙන්නට
හරිමඟ උගෙන පව්කම් හැම හරින්නට
මඟ පෙන්නුවෝ නා සමිඳුය උදම්මිට

සම්බුදු සසුන සුරකින දෙව් කැළ පවර
දිවනෙත් යොමනු මැන නාසමිඳුට නිතර
ගත සිත පෙළන රෝදුක් හඳුනා කවර
නාහිමි රකිත්වා දිව රෑ මඟ නොහැර

අප මඟ ඇති සැම දොරගුලු අසුරා
බුදුබණ දෙසුවෙ දන හද ගුණදම් වපුරා
වියපත් වුව ද හද කරුණාවෙන් උතුරා
මෙත් ගඟ ගලයි සතහට සිසිලස පතුරා

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]