[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

උදාර යුග මෙහෙවරක අත්‍යුදාර යතිවර නාමය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි

උදාර යුග මෙහෙවරක අත්‍යුදාර යතිවර නාමය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි

දැයේ දරුවන් ගුණ නැණ බෙලෙන් පෝෂණය කිරීමේ උදාර අරමුණෙන් හා මනා පෞරුෂත්වයකින් යුත් පිරිසක් බවට පත් කිරීමේ අත්‍යුදාර අදහසින් පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මෙයට දහනව වසරකට පෙර ආරම්භ කෙරිණි.

ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති, අමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියේ නියමුවාණන් වහන්සේ ය.

දැයේ දරුවන් ලක්ෂ ගණනක් දෛනිකව අකුරු කරන විදුබිම් රැසක මේවන විට පාසල් ගොඩනැඟිලි 36ක් පමණ ඉදිකර ඇත.

උන්වහන්සේගේ අනුස්මරණීය ඓතිහාසික සේවාවන් නිසා යුග ගණනාවක් පුරා අපමණ ජනතාව සැනසීමට පත්වනු ඇත. පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර මෙහෙවර එක් අංශයකට පමණක් සීමා නොවීම ද සුවිශේෂී ය. එමෙන්ම එම ආදර්ශවත් මෙහෙවර තුළ ජාති ආගම් ආදී පටුවාද භේද කිසිවකට සීමාවී නොතිබීම ද සුවිශේෂී වෙයි.

ස්වභාවික විපතක්, උවදුරක්, කරදරයක්, පැමිණි සෑම මොහොතකම පන්නිල ශ්‍රී.ආනන්ද නාහිමියන් ඒ මොහොතෙහිම ඉදිරිපත්වී ශක්ති පමණින් ඔවුනට පිහිටවීම උන්වහන්සේගේ දිවිමග පුරා දුටු මහඟු මෙහෙවරකි. සුනාමි උවදුර පැමිණි මොහොතේ තෙල්වත්තේ පල්ලිය ඇතුළු ප්‍රදේශ රැසක නිවැසියන් වෙත දහසකට ආසන්න නිවාස ඉදිකරදීමට පියවර ගත්තේ ඒ මහඟු ගුණ සමුදාය නිසා ය. ප්‍රදේශයේ රෝහල්වල දෛනික පහසුකම් වර්ධනයට ද සහාය වෙමින් රෝහල් උපකරණ පිරිනැමීම ද උන්වහන්සේගේ තවත් මහඟු මෙහෙවරකි. මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් කීපයක නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙත ගිලන් සංග්‍රහ සිය දහස් ගණන් පිදීමට මුල්වී ක්‍රියා කිරීම ද තවත් සුවිශේෂී මෙහෙවරකි.

දැයේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආර්ථික වශයෙන් ඔවුන් දිරි ගැන්වීමට ද පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිහිටවීමට අමතක නොකිරීම ද ආදර්ශවත් තවත් එක් මෙහෙවරකි. ඒ අතර මාසිකව එක් දහස් පන්සියයකට ආසන්න වෛද්‍ය හා පාසල් සිසු පිරිසක් වෙත මූල්‍යමය ශිෂ්‍යාධාර ප්‍රදානය අගනා උදාර මෙහෙවරකි.

මහායුග මෙහෙවරක නිරතව වැඩ සිටින පන්නිල ශී‍්‍ර ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත ආලෝකවත් කරනු පිණිස අත්තනගල්ල, රාජමහා විහාරස්ථ පතිරාජ පිරිවෙන ස්ථාපිත කළහ. ඊට අවශ්‍ය තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාර ඇතුළු විවිධ පහසුකම් සලසා එහි අධ්‍යාපනය ලබන හිමිවරුන් වෙත ත්‍රිපිටක දහම මෙන්ම විදේශීය භාෂා ඤාණයන් ලබාදීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබේ.

ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජාතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය ආදී විවිධ සේවාවන්ට උදව් උපකාර ලබාදෙති.

මෙබඳු යුග මෙහෙවරක නිරතව ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි නමින් පාසල් ගොඩනැඟිලි ඉදිකරවීම පමණක්ම මෙරට දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කළ හා දැනුදු සිදුකරන අත්‍යුදාර මෙහෙවරකි. මෙවන් උදාර යුග පුරුෂයන් වහන්සේ නමක් වන ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට තව තවත් ලෝ සසුන් වැඩ සලසන්නට තෙරුවන් සරණින් නීරෝගි චිර ජීවනය පතමු. 

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]