[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

විචිත්‍රභාණි වලවේ හේමසිරි ලොකු හාමුදුරුවන් වහන්සේ

කරාගොඩ ගල්ලමුල්ල මහානාගවනාරාමාධිපති සංඝ ශෝභන ගුණ පූජිත වලවේ හේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ මිදිගම සිරිසුමන පිරිවෙනේ පුරා වසර 15ක් කෘත්‍යාධිකාරී ධුරය දරමින් කළ අපරිමිත සේවය ප්‍රශංසා කටයුතු ය. 1965 දී වලවේ ගල්ගේකන්ද සිරිසුමන චේතිය ලෙන් විහාරයේ විහාරාධිපතිත්වය දරමින් බෞද්ධ ප්‍රබෝධය සඳහා කටයුතු කළහ.

1998 සිට නබදව ගල්ලමුල්ල මහානාගවනාරාමාධිපති පදවියට පත්ව ශ්‍රී ධම්මදින්න දහම් පාසල ආරම්භ කරමින් ගුණ නැණ දෙකෙන් පිරිපුන් දරු පිරිසක් සමාජගත කරමින් කළ මෙහෙවර උදාර ය.

හේමසිරි ලොකු හාමුදුරුවන් වහන්සේ ආගමික සමාජ මෙහෙවරයෙහි යෙදෙමින් පරෝපවාද රහිත පැවිදි දිවියක් ගත කරමින් විචිත්‍රවත් පිරිත් දේශකයන් වහන්සේ නමක් ලෙසත්, ගිහි පැවිදි සැමගේ චිත්තාරාධනයට ලක් වූහ.

පසුගියදා 70වැනි වියට පා තැබූ පූජ්‍යපාද විචිත්‍රභාණී වලවේ හේමසිරි ලොකුහාමුදුරුවන්ට ශත වර්ෂාධි කාලයක් ලෝ සසුන් වැඩ වඩන්න දිරිය ශක්තිය බලය තුණුරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙඅඹ න් ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු.

කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන

සිවුරුපිටියේ සිරිසීවලී නාහිමි

කොත්මලේ, නවතිස්පනේ, තිස්පනේ කන්ද ශ්‍රී සම්බෝධි විහාරාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති සිවුරුපිටියේ සිරිසීවලී හිමිපාණන් වහන්සේ වෙත මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර සානුනායක කාරක සංඝ සභාව මඟින් පිරිනමන ලද ධර්මකීර්ති ශ්‍රී ආනන්ද වනරත ගෞරව නාමය සහිත කොත්මලේ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍රය ලබා ගැනීමේ ශාසනික උත්සවය මෙම 21 දින සවස 2.30ට මහනුවර අස්ගිරි මහා විහාරයේදී සිදුවන අතර, අභිනව නාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කිරීමේ හා අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 29 දින සවස 2.00 ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උන්වහන්සේ ගම්පොළ ජාත්‍යන්තර ධර්මදූත මහ පිරිවෙන මඟින් පිරිවෙන් ගුරු සේවයට ඇතුළත්ව දක්ෂ ගුරුවරයකු හා නියෝජ්‍ය පරිවේණාධිපතිවරයකු වශයෙන් වසර 30ක් පිරිවෙන් අධ්‍යාපනයට කරන ලද සේවාව සුළු පටු නොවේ. සිරිසීවලී හිමියන් ප්‍රදේශයේ ගිහි පැවිදි සෑම දෙනාගේම ගෞරවය දිනාගෙන සිටින සුපේෂල ශික්ෂාකාමී දැන උගත් පැවිදි පඬිරුවනකි.

අප නාහිමිපාණන් වහන්සේට දිගාසිරි ලැබේවා.

ශාසනික අභිවෘද්ධියට කැප වූ වෑත්තෑවේ පඤ්ඤාරාම හිමි

වෑත්තෑවේ පඤ්ඤාරාම හිමිපාණන් වහන්සේ, අපවත් වී වදාළ අතිගෞරවාර්හ දෙදියවල තිලකසිරි අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ජ්‍යේෂ්ඨතම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ යි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි කීර්තිධර ආචාර්යවරයකු වශයෙන් දීර්ඝ කාලයක් විශිෂ්ට සේවාවක නිරත වූ මුන් වහන්සේ සමකාලීනව ම කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආචාර්යවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කරන ලද සේවය අතිවිශිෂ්ට ය.

වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම මත ගණේමුල්ල, ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාමය විහාරස්ථානය උන් වහන්සේට භාර කෙරිණි. එතැන් පටන් උන්වහන්සේ එම විහාරස්ථානය ස්වකීය විහාරස්ථානයක් ලෙසටම සලකා සුවිශේෂ ආගමික ස්ථානයක් බවට පත් කළහ.

ප්‍රදේශයේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙන්ම ශාසනික අභිවෘද්ධිය ඇති කිරීම වෙනුවෙන් ද උන්වහන්සේ සිදු කර ඇති සේවාව ඉතා විශිෂ්ට වූවකි.

දෙදියවල ශ්‍රී සුදර්ශනාරාම ධර්මාරාම පිරිවෙන් විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ධූරයට පත් වැත්තෑවේ පඤ්ඤාරාම හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ඉත සිතින් ප්‍රාර්ථනා කරන අතර, උන්වහන්සේ විසින් සිදු සිදුකරන සියලු ජාතික, ආගමික, ශාසනික කටයුතු චිරාත් කාලයක් යෙහෙන් කරගෙන යන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු.

ගිහි පැවිදි කිත් යසස් ලබමින සසුනඹර පෑයූ සුපුන් සඳ
ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද නාහිමි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද නාහිමි 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පුරා දශක අටක් තරම් තම දිවිය සසුනේ උන්නතියටත්, ඉන් හරි අඩකටත් වැඩියෙන් පමණ ම දහම් පාසල් අධ්‍යාපනයේ පුනර්ජීවනයටත් කැප කළ මහා යතින්ද්‍රයන් වහන්සේ නමක ලෙස වාද්දුව කොරොස්දූව වජිරකොත් පුරාණ විහාරය, බණ්ඩාරගම කිම්මන්තුඩාව දීපාරාමය යන උභය විහාරාධිපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ අවිවාදයෙන්ම සිහිපත් කළ හැකි ය.

ගිහි පැවිදි කිත් යසස් ලබමින සසුනඹර පෑයූ සුපුන් සඳ ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද නාහිමි

ගෝනදූවේ ගුණානන්ද හිමියෝ හම්බන්තොට, නාකුළුගමුව, ගාල්ල, කළුතර ඇතුළු ප්‍රදේශවල විද්‍යාල රැසක ආචාර්ය ස්වාමීන්වහන්සේ ලෙස කටයුතු කළහ.

සමස්ත දිවයිනේ ම දහම් අධ්‍යාපනයේ නියමුවාණන් වහන්සේ වීමට වරම් ලබන උන්වහන්සේ 1978 වසරේ දී කළුතර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස පත් වූහ. 1979 වසරේ දී කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙසින් ළාබාලතම සභාපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස පත්වීම් ලබන ගුණානන්ද නාහිමියෝ එවකට දහම් අධ්‍යාපනය ලද දරුවන් සංඛ්‍යාව විසි පන්දහසක් පමණ වූවත් 1986 වසර වන විට එය ලක්ෂය පමණ දක්වා වර්ධනය කරන්නේ දිසාවේ නව දහම් පාසල් දෙසීයක් පමණ ද දහම් පාසල් පද්ධතියට එක්කාසු කරමිනි.

1982 වසරේ පටන් දහම් පාසල් සිසු දරු දැරියන්ට නොමිලේ පොත් ලබාදීම, දිස්ත්‍රික් දහම් පාසල් අරමුදල හඳුන්වා දීම, දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත අයවැයෙන් දහම් පාසල් අධ්‍යාපනයට ප්‍රතිපාදන ලබා ගැනීම, දහම් පාසල් සතිය ක්‍රියාත්මක කිරීම, දහම් පාසල් කොඩි දිනය ක්‍රියාත්මක කිරීම, දහම් සරසවිය, සසුනෙන් සෙවණ වැඩසටහන ආදිය ඒවායින් කිහිපයක් පමණි.

2002 වර්ෂයේ දී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරයට උන්වහන්සේ පත් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

උන්වහන්සේගේ ශාසනික, සමාජයීය මහා මෙහෙවර අගයමින් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක මහා ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාවේ අනුමැතියෙන් බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලදහ.

නූතනයේ සසුන් කෙත ප්‍රභාවත් කරමින් පැවිදි ගිහි සැමගේ කිත් යසස් ඇතිව වැඩවසන මහා සංඝ නේතෘ අපේ ගෝනදූවේ ගුණානන්ද බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් චිරාත් කල් ලෝ සසුන් වැඩ වඩන්නට උතුම් තෙරුවන් සරණ මෙන්ම සියලු දෙව් රැකවරණ වේවා.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

|   PRINTABLE VIEW |

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]