[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

උතුම් පැවිදි දිවියේ උසස්තම සම්භාව්‍යයට පත් වූ අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේ

උතුම් පැවිදි දිවියේ උසස්තම සම්භාව්‍යයට පත් වූ අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේ

(සංස්කෘත භාෂා චක්‍රවර්ති ෂඩ් භාෂා පරමේශ්වර දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර මහා නා හිමි ගේ 107 වන ජන්ම දිනය සිහිපත් කරමින් ලියැවෙන ගුණානුස්මරණ ලිපියකි)

අපගේ සංඝ නේතෘ අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සරාභිධාන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1917 අපේ‍්‍රල් 03 දින අපවත් වී වදාරන්නේ සංඝ ශෝභන පැවිදි උතුමකු ලෙස වසර 90 කල් ගෙවීමෙන් අනතුරු ව ය.

එය ද සිදුවූයේ වසර 102 කාලයකට සමීපව ජීවත් වෙමින් ආයු– කම්ම යන උභයක්ඛය ම අවසන් කොට නීරෝගිභාවයෙන් ම ය. මෙදිනට දින 05ට පෙර ද බුද්ධශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති අසුන හොබවමින් දහම් පද විශ්ලේෂණ කාර්යයෙහි යෙදුනේ අනතිමානි සිනහවෙන් යුතුව ම ය.

අප කථානායකයාණෝ තමන් වහන්සේ වැඩ විසූ මුළු ජීවිත කාලය තුළම පැවිද්ද තුළ ලැබිය හැකි උසස්ම සම්භාව්‍යයට පත්වූහ. සම්භාවනා ලැබූහ. සියල්ල භාවිත නොකළත් සමීප ඇසුරෙන් දන්නා පරිදි භාෂාමය, සාහිත්‍යමය, රට දැය, සමය වෙනුවෙන් ලැබු නිපුණත්ව පදවිලාභී තනතුරු 18 ක් පමණ ලබා තිබුණේ සුදුසුකම් ඇත්තකු ලෙසින්ම ය.

මහා නාහිමිගේ ජන්මදිනය නිමිතිකොට උන්වහන්සේ වැඩ විසූ නුගේගොඩ පාගොඩ විද්‍යා විජයාරාමාධිපති දර්ශනපති පූජ්‍ය කරගහ උල්පත සුගතානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පාගොඩ දවුල්දෙණ ඤාණිස්සර නාහිමි මාවතේ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය බණ්ඩාරවෙල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජයවර්ධනපුර රෝහල පාරේ සිළුමිණ සෑය ආරාමයේ අධිපති කෘතවේදී ශිෂ්‍ය මහමෙව්නාවේ මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මහා නාහිමිගේ සමීපතම ඤාතීන් කීපදෙනෙක් ද ගුණානුස්මරණ පින්කම් රැසක් ඉකුත්දා සිදු කරන ලදී.

“නාම ගොත්තං න ජීරති”

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]