[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමේ යථාර්ථය පසක් කළ තවත් එක් මොහොතක්

බුදු දහමේ යථාර්ථය පසක් කළ තවත් එක් මොහොතක්

උතුරේ දූ දරුවන්ගේ අවශ්‍යතාවක් සපුරාලන්නට කටයුතු කළ දකුණේ කතාවක් ගැනයි මේ කියන්නට සුදානම. මේ දරුවන් අකුරු කරන්නේ පේදුරුතුඩුව කට්කෝවලම් මෙතෝදිස්ත මිෂනාරි දෙමළ පාසලේ. ඔවුන්ගේ පාසලේ අඩුපාඩු බොහොම යි. මේ දරුවන් සුහුරු පංති කාමර නැත්තම් ස්මාට් පංතිකාමර ගැන දැනගෙන හිටියත් එවන් පහසුකමක් ඔවුන්ට තිබුණේවත් නැහැ. පාසලේ විදුහල්පති සෙල්වියා ජයමෝහන් මහතා මේ සම්බන්ධයෙන් යාපනයේ යුද හමුදාවේ නිලධාරීන් හමුවෙලා ඒ ගැන ඉල්ලීමක් කළා. යුද්ධය අවසන් වීමෙන් පස්සේ උතුරේ ජනතාවගේ බොහෝ අවශ්‍යතා සපුරා දුන්නේ යුද හමුදාව විසින්. ඒ නිසයි විදුහල්පතිවරයා ඒ ඉල්ලීම් කළේ.

විදුහල්පතිවරයාගේ මේ ඉල්ලීම යාපනයේ 551 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහට යොමුවුණා. ඒ හරහා 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහතා වෙත ක්‍රියාත්මක වී පාසල් දරුවන්ගේ මේ ඉල්ලීම් ගැන ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ට සැලකළා. වහාම මේ සම්බන්ධව අවධානය යොමු කොට සිසු දරුවන්ගේ අවශ්‍යතාවන්ට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන උන් වහන්සේ වෙන් කර දුන්නා. යුද හමුදාව පාසලේ ඉඳි කිරිම්වල පෙරමුණ ගත්තා. ඒ අනුව 55 වන සේනාංකාධිපති මේජර් ජනරාල් ප්‍රසන්න ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි 551 බලසේනාධිපතිවරයා විසින් එහි ශ්‍රම දායකත්වයට පියවර ගත්තා.

ස්මාට් පංති කාමරය විවෘත කිරීමේ උත්සවය පසුගියා දා පැවැත්වුණා. එම අවස්ථාවට මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්, ගෝපාල ක්‍රිෂ්ණන් කුරුක්කල්තුමා, 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න, වඩමාරච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. සත්‍යපාලන් මහතා ද සහභාගි වුණා.

උත්සව සභාවේ දී විශේෂ අනුශාසනාවක් කළ අනුරුද්ධ හිමියන් වදාළේ් උතුර දකුණ එක්කරන්නට පාලමක් ලෙස පන්සලත්, කෝවිලත් එක්ව කටයුතු කළ යුතු බවයි. බුදු දහමේ උගන්වා ඇත්තේ ද ජාතිය, කුලය, වතගොත ගැන සෙවීම නොව සියලු දෙනාට එක් සේ මෛත්‍රී කිරීම බව ද උන්වහන්සේ පෙන්වා දුන්නා. මේ කටයුත්ත සුළු කරුණක් ලෙස පෙනුණත් ඒ හරහා උතුරේ ජන සමාජයට ගිය පණිවුඩය නම් සුළු නැහැ. එය උතුරේ සමස්ත ජනතාවගේ ම අවධානය යොමු කර ගන්නට සමත් වුණා. මෙහිදී සිසු සරණ 288 යටතේ පාසල් උපකරණ බෙදා දීමත් සිදු කෙරුණා.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 16 බදාදා
පූ.භා. 05.51 අව අටවක ලබා 17 බ්‍රහස්පතින්දා පූ.භා. 07.57 ගෙවේ 16 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]