[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සිතක මහිම

 සිතක මහිම

මහණෙනි, මෙ ලොව ද්වේෂයෙන් (තරහෙන්) දූෂිත වූ සිත් ඇත්තෙක් කලුරිය කරයි නම්, හිසින් ගෙනෙන ලද්දක් ඒකාන්තයෙන් ම බහා තබන්නාක් මෙන් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ම නිරයෙහි උපදින්නේ යැයි මම මගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි.ඒ, කුමක් නිසා ද යත් මොහුගේ සිත ද්වේෂයෙන් දූෂිත බැවිනි.

මහණෙනි සිත දූෂිත වීම් හේතුවෙන් මරණින් මතු (සැපතින් තොර බැවින්) අපාය නම් වූ ද (නපුරු ගති ඇති බැවින්) දුගති නම් වූ ද, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ ය.

මහණෙනි, මම පහන් සිත් ඇති පුද්ගලයකු ගැන මගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පහන් සිත් ඇති පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කරන්නේ නම් හිසින් ගෙනෙන ලද්දක් බහා තබන්නාක් මෙන් ස්වර්ගයෙහි උපදින්නේ ය. එයට හේතුව වන්නේ ඔහුගේ චිත්ත ප්‍රසන්න භාවයයි. මහණෙනි චිත්ත ප්‍රසන්න බව හේතුකොට මෙලොව ඇතැම් සත්වයෝ මරණින් මතු සුගති (සැපතට ගති වූ හෙයින්) නම් වූ ස්වර්ගලෝකයෙහි උපදිති.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සිංහල අංගුත්තර සඟිය ඇසුරිනි.

ඇසළ අව අටවක

 ජුලි 20 බදාදා පූර්වභාග 07.40 අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූර්වභාග 08.16 ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]