[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ගමයි පන්සලයි නිවනයි

ඈත ඉතිහාසයේ සිටම ගමේ කේන්ද්‍රස්ථානය වූයේ ගමේ පන්සලයි. එය ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් එකට බැඳී පැවතුණි. මහජනතාව අතිශය ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සිවුපසය ( චීවර/ පිණ්ඩපාත/ සේනාසන / ගිලානප්‍රත්‍ය) භික්ෂූන් වහන්සේට පූජා කරති. භික්ෂූන් වහන්සේගෙන් ප්‍රත්‍යුපකාර වශයෙන් ධාර්මික ව ජීවත් වීමේ ක්‍රමවේද හා මව්පිය දූ දරු සබඳතාවේ වැදගත්කම ආදී සාරධර්ම පිළිබඳ දම් දෙසති. මෙම සම්බන්ධතාව කෙතරම් වටී ද, අගනේ ද කියා සිතා බැලිය යුතු ය. ගමේ යම් කෙනකුට විපතක්, කරදරයක් සිදු වූ විට භික්ෂූන් වහන්සේ සෑමවිටම ආශිර්වාද හා අනුශාසනා කළහ. භික්ෂූන් වහන්සේ අසනීප වූ අවස්ථාවල ගිලන්පස, බෙහෙත් සත්කාර ගමෙන් නොඅඩුව සිදු විය. සනීපයට යෝග්‍ය පරිදි දානය සකස් විය. හැමවිටම සොයා බැලීම් කටයුතු ද සිදු කළහ. විහාරස්ථානයට, භික්ෂූන් වහන්සේට හදිසි විපතක් කරදරයක් සිදු වූ අවස්ථාවක ඝණ්ඨා නාදය ගැසූ කල ගමේ සියලු ම පිරිස එතැනට එක් රැස් වූහ. මව්පිය සහෝදර සහෝදරියන්, නෑදෑ හිතවත් සියලු දෙනාම අතහැර දමා සිදු කරන ආගමික ශාසනික මෙහෙවර ( සේවය) උත්තරීතර පරාර්ථ සේවාවකි. හිතවත්, දායක පිරිසක් සිටිය ද ගමේ ම පිරිස දායක නාමයෙන් සැලකූහ. පුරාතන යුගයේ පන්සලට වර්තමානයේ මෙන් නවීන පහසුකම් කිසිත් නොතිබුණි. එහෙත් ගම සහ පන්සල නොබෙදී ක්‍රමවත් ව රැකුණි. ජාති භේද, ආගම් භේද, කුල භේද, පක්ෂ භේද පන්සල තුළ අරක් ගෙන නොතිබුණි. සෑම දෙනාම උපරිම සහයෝගයෙන් , ශ්‍රද්ධාවෙන් කටයුතු කළහ. පන්සලේ වාර්ෂික ව සිදු කෙරෙන පින්කම් අතර ප්‍රධාන ම පින්කම කඨින පූජා මහ පින්කමයි. එය සෑම දෙනාගේ උපරිම සහයෝගය මැද සිදු කරති. මීට අමතරව විවිධ උත්සව, සමිති සමාගම්, ශ්‍රමදාන වැනි කටයුත්තක දී ලොකු කුඩා වැඩිහිටි සෑම දෙනාම සත්භාවයෙන් යුතුව එකතු වෙති. කටයුතු කරති. ගමේ සිදු වෙන ආගමික සමාජික හා සංස්කෘතික සියලුම කටයුතු විහාරස්ථානයේ මූලිකත්වයෙන් සිදු කෙරෙයි. දානමය පින්කම්, පිරිත් දේශනාමය පින්කම්, ධර්ම දේශනාමය පින්කම් බෞද්ධ නිවෙස්වල බහුලව දක්නට ලැබේ.


පොසොන්
අව අටවක

 ජුනි 20 සඳුදා අ.භා. 09.09 අව අටවක ලබා 21 අඟහරුවාදා අ.භා. 08.38 ගෙවේ.
 21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]