[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් පොහොය වර්ණනාව

වෙසක් පොහොය වර්ණනාව

තිලොවට තිලක වූ සම්බුදු පියාහට
හදවත දෙව්රමක් විලසට පුදා සිට
තිසරණ බලය මත පිහිටා මනාකොට
දෙසවන යොමමු පොහොදින වර්ණනාවට

බුදුවරුන්ගෙන් විවරණ ලැබ පෙරදාක
පුරමින් පාරමි කප් ගණනක් නේක
ලුම්බිණි සාලවනයෙ දි අදවැනි දාක
බෝසත් කුමරුවාණෝ ඉපදුණු සේක

සුදොවුන් රජු මහාමායා දරු සැපත
වැඩ සත් පියුම් මත කළ අයුරින් සපත
වෙසඟේ පොහෝ දින නවතා භව විපත
සිදුවිය බෝසතුන් ගේ අන්තිම උපත

මවගෙන් බුදුරදුන්ගෙන් විවරණය ලද
බෝසත්තුමාණෝ පාරමි පුරන ලද
බඹසුර නරන් ගෙන් ලැබ ගෙන නොයෙක පුද
බුදුබව ලැබූ උත්තම පොහො දිනය අද

පෙන්වා දී සතට නිවනයි ගිහි විනයයි
සක්වලට ම ඇසුනේ දම් දේශනයයි
ඇරඹුන තෙරුවනයි සම්බුදු ශාසනයයි
වැදගත් පෝ දිනය වෙසඟේ පෝ දිනයයි

නිවමින් ජනී ජන සංසාරික සෝක
පන්සාළිස් වසක් වැඩ සදමින් නේක
වැඩසිට බුදුපියා වෙසඟේ පෝ දාක
දියදම අනුව පිරිනිවනට වැඩි සේක

ඉපදී ගසක් යට බුදුවී ගසක් යට
සමවත් සුවෙන් පිරිනිවී සල් රුකක් යට
මහිමිගේ බුදු සිරිත ඔප කළ නොයෙක් විට
සලකති වෙසක් පොහෝ දින බොහො උසස් කොට

ඉපැදුම බුදුවීම සහ පිරිනිවන කියා
තෙමඟුල සිදුවු දින මුල්කොට තිලොව පියා
වෙසඟ පොහෝ දින දී පින් දහම් පුරා
සමරති බොදුනුවන් උත්තම පොහොය කියා
සුන්දර වෙසක් පොහො දින සිත් පහන් කොට

පුද දී පිළිවෙතින් සම්බුදු රදුන් හට
පැතුමන් පතාගෙන සසරින් මිදෙන්නට
අදිටන් කරමු අපි නිවනින් නිවෙන්නට
වාද්දුව සමුද්‍රාරාම සිරි මිහිඳු පිරිවෙනේ

- වේලිඔය සිරිවජිර හිමි

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]