[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණිය ඊරියවැටිය සුමනාරාමයට සම්බුදුකුටි හා පූජාසන පූජා කිරීමේ පින්කමෙන්

කැලණිය ඊරියවැටිය සුමනාරාමයට සම්බුදුකුටි හා පූජාසන පූජා කිරීමේ පින්කමෙන්


කැලණිය ඊරියවැටිය සුමනාරාම පුරාණ විහාරස්ථ පින්බිමේ අභිනවයෙන් ඉදිකරන ලද අටවිසි බෝධිඝර අටවිසි සම්බුදුකුටි හා පූජාසන සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පින්කම පසුගිය 27වන දා සිදුකරන ලදී.

අටවිසි බුදුපිළිම වහන්සේලා විහාරස්ථානය වෙත අලංකාර පෙරහරකින් වැඩම කරවූ අතර එම පෙරහරට ඊරියවැටිය සුමනාරාම පුරාණ විහාරාධිපති කුරුදුවත්තේ විමලසීහ නාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නය ද එක්ව සිටියහ. විහාරස්ථානය වෙත වැඩම කරවූ පිළිම වහන්සේ බුදුකුටි වෙත තැන්පත් කිරීම නායක හිමිපාණන් වහන්සේ ගේ උපදෙස් මත කණිෂ්ක පොඩිහාමුදුරුවන් වහන්සේ ද සැදැහැවතුන්ද එක්ව සිදුකළහ.

මෙම පින්කමට ආශීර්වාද කිරීම සඳහා තෛ‍්‍රනිකායික මාහිමිපාණන් වහන්සේ විහාරස්ථානය වෙත වැඩම කර සිටියහ.

සුමනාරාම පුරාණ විහාරස්ථානයේ දියුණුව දකිනවිට විහාරාධිපති හිමියන්ගේ අප්‍රතිහත ශක්තියත් සතර පේරුවේ දායක දායිකාවන් ගේ කැපවීමත් පැහැදිලිව ම අවබෝධ වන්නේ යැයි මුලසුන් දෙසුම සිදුකරමින් අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති ත්‍රිකුණාමලයේ රංගිරි උල්පත විහාරාධිපති අහුන්ගල්ලේ ශීල විසුද්ධි හිමිපාණන් වහන්සේ පැවසූහ.

මාගාල්ලේ ශ්‍රී නාගිතාභිදාන නාහිමිපාණන් වහන්සේ, කඩවත පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරම විහාරාධිපති සියනෑ හාපිටිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක මීවලදෙණියේ අමරවංශ හිමි, පෑලියගොඩ ශ්‍රී රෝහණ විහාරාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක ඌරාපොල පේමසිරි හිමි හා කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ හිටපු ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය පල්ලේගම සමිත හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සඟරුවන මෙම පින්කමට වැඩම කර සිටියහ.

මෙම පින්කම සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන්නේ ගොඩැල්ලහේන පදිංචි ප්‍රියංකා දමයන්ති මහත්මියයි.

එදින සවස අභිනවයෙන් තැන්පත් කළ අටවිසි බුදුන් වහන්සේ උදෙසා මංගල අටවිසි බුද්ධ පූජාව සහ ධර්මානුශාසනාව හෝමාගම සදහම් සෙවණ නිර්මාතෘ ගෝණදෙනියේ සීවලී හිමිපාණන් විසින් පවත්වනු ලැබීය.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]