[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිහින සටනක සැබෑ හැඩරුව

සිහින සටනක සැබෑ හැඩරුව

අපි අකුරු ඉගෙන ගත්තා. පෙර පාසල් ගියා. පාසල් ගියා. ඔන්න අපට ඇහෙන්න ගත්තා පන්තියේ පළවැනියා වෙන්න කියලා. අපි ඒ වෙනුවෙන් මහන්සි වුණා. ශිෂ්‍යත්වය පාස් වෙන්න කිව්වා. ඒකටත් මහන්සි වුණා. හොඳ පාසලකට යන්න හොඳට ප්‍රතිඵල ගන්න කිව්වා.

සාමන්‍ය පෙළ ඉවර වෙද්දි උසස් පෙළ පටන් ගත්තා. එතැන ඉදන් බොහෝ ජීවිත වෙනස් වුණා. පිරිසක් උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. කොටසක් රැකියාවක් සොයා ගත්තා. සමහරු විවාහ වුණා. සමහර අයගේ ජීවිත පීඩාවට පත්වුණේ විවිධ බාධක කරදර නිසයි. එකක් ඉවර වෙද්දි තව එකක් ප්‍රශ්න වශයෙන් පීඩා වින්ඳා.

මේ විදිහට කාලය ගෙවුණා. දැන් ගෙයක් දොරක් හදා ගන්න ඕනෑ. වාහනයක් ගන්න, ඉඩම් කැබැල්ලක් ගන්න ඕනෑ. මුදල්වලින් කළ යුතු කටයුතු අධික යි. ඒ නිසා දවල් රෑ නොබලා මුදල් උපයන්න සිදුවුණා. ලස්සන ගෙයක් හදන්න, කොහොමහරි වාහනයක් ගන්න, ඉස්තරම් විදියට අඳීන්න පළඳීන්න. ආදී ලෙස තම තමන්ගේ හිතේ ඉල්ලන තැන්වල අපේ ඉලක්ක නතර වුණා. එක ඉලක්කයක් අත්පත්

කර ගන්නත් කලින් තව තවත් අපේ ජීවිතවලට බලාපොරොත්තු එකතු වුණා.

අප අපිව ම හෙව්වා. සිත ඉල්ලන හැම දේම පස්සේ අපි දිව්වා. හොඳට කල්පනා කරලා බලන්න. ජීවිතේ වැඩිම වාර ගණනක් අපි කළේ හිත කැමති වූ දේ, ආශා කරන දේ හොය හොයා වෙහෙස මහන්සි වීමයි.

ජීවිතයේ එක් කාලයක හැම දේම අපි ශක්තිමත් ව කළා. අපි ශක්තිමත් කියා අපට දැනුණා. ඒ කාලයේ තව කෙනෙක්ගේ උපකාරයක් නැතුව අපේ වැඩ කර ගත්තා. ඒ හැකියාවට දැන් මොකද වුණේ? කායික හැකියාව වගේම මානසිකවත් අපි ටික ටික පිරිහුණා. සියලු දේ නැතිවෙලා යනවා අපි දැක්කා.

ඒ වගේ ජීවිතය නොනවත්වා සිදු වන මේ වෙනස් වීම අපට පෙනෙන්නේ නැත්තේ ඇයි? එක පාරට ම කෙස් පැහිලා කියලා අපි දැක්කත් සෑහෙන කාලයක් තිස්සේ කෙස් පැහෙන්න පටන් අරන්. ඇස් පෙනීම අඩු වෙලා කියලා අපට තේරෙන්නේ හිටිහැටියේ. හැබැයි ඇස් පෙනීම අඩු වූයේ හිටි හැටියේ නෙමෙයි. ඒ හැම එකක් ම කාලයක් පුරා සිදුවුණ දේ. හැබැයි අපි එවැනි සීමා හඳුනාගන්නේ ප්‍රමාද වෙලා.

මේ ශරීරය තරම් අපි ආදරය කරන ආදරයෙන් රැකබලා ගන්නා වෙනත් දෙයක් නැති තරම්. වෙලාවට කවනවා, පොවනවා, පෝෂණය කරනවා. පරිස්සම් කළ තරමට එය වෙනස් වෙනවා අපි දැක්කේ නැහැ. හේතුවක් අපට පෙනුණෙත් නැහැ. එහෙම වුණේ ඇයි? ඇත්ත, ඇත්ත ලෙස නො දුටු නිසයි. අපට අප ගැනත්, අපේ ජීවිත හා බැඳුණු අනෙක් අය හෝ අනෙක් දේ ගැනත් තිබුණේ තද බැඳීමක්. ජීවිතය ජරා මරණ කරා ඇදෙනවා දැක්කේ නෑ. නැවතිලා තමන් දිහා බලන්න. අපි වයසට ගිහින්. දිරා ගිහින්. විපරිණාමය කියන ධර්මයට ගොදුරු වෙලා. මේ කෝටි ගණනක් ජීවත් වන මනුස්ස ලෝකයේ ඒ බව තේරුම් ගෙන කටයුතු කරන්නේ කීයෙන් කී දෙනා ද?

අප කරන පාප කර්මවල විපාක කර්මය ගෙවන්න තිබෙන්නේ බොහෝ දුක් සහිත ස්ථානවල යි. කටුක ස්ථානවල යි. සසරේ බොහෝ දුර ගමනක් යන අපි සසර දුකෙන් නිදහස් වූ මුනිවරුන් වැඩමකළ මාවතේ පිය සටහන් මතින් පිය නඟන්නට උත්සාහ කරමු. සැනසීම ලැබෙන එකම ඉලක්කය එය නිසා.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]