[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තීරණ ගන්නට පෙර මේ ගැන සිතන්න

තීරණ ගන්නට පෙර මේ ගැන සිතන්න

අප මිනිසුන් පිළිබඳ තීරණ ගන්නා විට ඔවුන්ගේ උගත්කම සාධකයක් කර ගනී. එහෙත් රහතන් වහන්සේ නමක් වු චුල්ලපන්‍ථක හිමියන්ට සතර පද ගාථාවක්වත් මතක තියා ගැනීමට නො හැකි වූ බව අපට අමතක ය.

කෙනෙක් තවකෙනකුගේ ඇඳුම් - පැළඳුම් සාධක කරගනී. විසිතුරු දේ, රාජකීය ආභරණ ආදිය පැළඳ සිටිය ද ඔහුගේ ඇතුළාන්තය අපිරිසුදු නම් ඔහු යහපත් නො වේ. සෝපාකගේ ඇඳුම ඔහු යහපත් වෙන්න සාධකයක් වූයේ නම් අදටත් ඔහු මේ සසරේ ය. දේවදත්තගේ රාජකීය ඇඳුම ඔහු යහපත් වීමට සාධකයක් වූයේ නම් ඔහු දැනටත් නරකාදියේ නො සිටින්නට තිබිණි.

කෙනෙකුගේ බාහිර ස්වරූපයෙන් ඔහුගේ අභ්‍යන්තරය තීරණය කරන්නට ඉක්මන් නො වන්න. අප ජීවත් වන්නේ බොරුව රජ කරන ලෝකයක බව හිතන්න. හදවතට එන සියල්ලත්, මොළයට එන සියල්ලත් සියයට සියයක් නිවැරැදි නො වේ. හදවතත් මොළයත් දෙක ම වෙහෙසා තීරණ ගන්න.

හංසයන් කිරෙන් දිය වෙන් කරන්නා සේ යහපත් අය ළං කර ගනිමින් දුදන පොලා ඉවත් කරන්න. කිසිම විටක බාහිර අයකුට තමන් පාලනය කරන්න ඉඩ නො දෙන්න. ඔබේ සිත දමනය කරගන්න මේ සටහන පාඩමක් කරගන්න.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]