සැනසීම සොයනවා ද? ලද දෙයින් සතුටු වන්න
කොතෙක් ලැබුණත් සෑහීමකට පත් නො වී තව තවත් බලාපොරොත්තු වන, මහත් මහත් දේ
බලාපොරොත්තු වන, කොපමණ ලැබුවත් තව තවත් සොයන ස්වභාවය මහිච්ඡතා නම් වේ.
තමා ගේ ගුණ අනුන්ට දක්වන ස්වභාවය හා පිළිගැනීමේ හා පරිභෝගයේ පමණ නො දන්නා බව
මහිච්ඡතාව ඇති අයගේ ලක්‍ෂණයෝ ය.
ලැබුණ දෙයෙහි සෑහීමට පත් නොවීම, තව තවත් ලබා ගන්නට වෙර දැරීම, ඒ සඳහා විවිධ වූ
උපක්‍රම භාවිතය මෙම ගැටුමට හේතු වෙයි. මහිච්ඡතාව නොමැති නම් මෙම ගැටුම් ඇති නොවෙයි.
මහිච්ඡතාව නැති වන්නට නම් ලද දෙයින් සතුටු විය යුතුයි.
අත්‍රිච්ඡිතා, මහිච්ඡිතා දියුණුවීම තුළ ගොඩනැඟෙන්නේ පාපිච්ඡතාව යි. දැඩි වූ ආශාව
පදනම් කොටගෙන ජීවත්වීම උදෙසා පාපකාරි වූ මං සෙවීම මෙම චිත්ත ස්වභාවය ඇති පුද්ගලයාගේ
ලක්ෂණයි. බොරු සිල්, බොරු ශ්‍රද්ධා, බොරු ගුණ කියන ඔහු ඒ තුළින් ලාභ ප්‍රයෝජන ලබයි.
ස්වර්ණ හංස ජාතකය මීට කදිම නිදසුනකි. එක් බමුණු පවුලක බමුණා මියැදිණි. බැමිණිය හා
ඇගේ දූවරු තිදෙනා පමණක් ජීවත් වෙති. යමක්කමක් තිබූ මොවුන් බමුණාගේ මිය යෑමෙන්
දුප්පත් විය. මියගිය බමුණා හිමාලයෙහි රන් පිහාටු ඇති හංසයෙක් ව උපත ලබා ජාතිස්මරණය
ඇත්තෙක් ව සිටියි. ඌ තමන්ගේ පෙර භවය බලන විට තම බිරිඳ හා දූවරුන් දුක සේ සිටින බව
දැන ඔවුන් ඉන් මුදා ගැනීමට සතියකට වරක් පැමිණ රන් පිහාටුවක් දමා යයි.
එය විකුණා නිවැසියෝ තම අවශ්‍යතා ඉටු කර ගනිති. මෙසේ කිහිප වතාවක් වූ විට යම්
හෙයකින් මේ හංසයා නොපැමිණියොත් අපට කිසිවක් ම නැති වේවි යැයි සිතු බැමිණිය
දියණිවරුන් හා හංසයා අල්වාගෙන පිහාටු සියල්ල ගලවා ගත්තා ය. හංසයාට හිරි හැර කර ලබා
ගත් පිහාටු සියල්ල රන් නොවී ය. හංසයා ද ටික දිනක් ඒ නිවසෙහි ම රැඳී සිට පිහාටු ආ
පසු හිමාලයට ගියේ ය. ඒ නිවසට යළිත් නොපැමිණියේ ය. ලද දෙයින් සතුටු නොවූ නිසා
බැමිණිය ඇතුළු පිරිසට යළි ජීවත්වීමේ ගැටලුවක් මතුවිණි.
අප සමාජය තුළ ද මෙවන් දේ සිදු වෙයි. අධික තෘෂ්ණාව නිසා අපට උපකාරි වන පරිසරය අපි
විනාශ කරමු. එහි අනිටු ප්‍රතිවිපාක අපි ලබමු. අධික තෘෂ්ණාව නිසා පවුල් ආරවුල් ගොඩ
නැඟෙයි. සමාජ ගැටලු සියල්ලම පාහේ අධික තෘෂ්ණාවෙහි ප්‍රතිවිපාක වෙයි. පඤ්චශීල
ප්‍රතිපදාව අපෙන් ගිලිහි යන්නේ අධික තෘෂ්ණාව පදනම් කරගෙන යි. මේ නිසා අප අපේ
ජීවත්වීම උදෙසා , අපේ සතුට උදෙසා කටයුතු කරද්දී භෞතික හා මානව පරිසරයට හිරිහැරයක්
නොවන අයුරින් කටයුතු කළ යුතු යි.
“යම් සේ බමරා මල්වලටත්, ඒවායේ වර්ණයටත්, සුගන්ධයටත් හානියක් නොවන ලෙස මල්වලින් රොන්
ගෙන යන්නේ ද, එසේ කිසිවකුට හානියක් නො වන පරිදි අපගේ ඉපයීම් කටයුතුවල නිරත විය
යුතුයි.” එවිට ජීවිතයට සැමදා සතුට ලැබෙයි. අප ලැබිය යුතු අනවජ්ජ සුඛය එය යි.
ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි |