[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වගකීමේ වැදගත්කම

වගකීමේ වැදගත්කම

කුඩා පිරිමි ළමයෙක් තවත් ළමයින් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටියා. එක්වර ම ඔහු ගේ පාපන්දුව පිට්ටනිය යාබද නිවෙසේ වැදී ජනේලයක් කැඩුණා. තමා කළ වරදට නිවැසියන්ගෙන් සමාව ඉල්ලුවා. එහෙත් ඔවුන් සමාව දුන්නේ නෑ. අලාභය වෙනුවෙන් ඩොලර් 15ක් දෙන්න මේ ළමයා එකඟ වුණා.

ගෙදරට ගිය ළමයා මව්පියන්ට කියා අවශ්‍ය මුදල ඔවුන්ගෙන් ඉල්ලුවා. තාත්තා සිය පුතාට මෙහෙම කිව්වා.

අපේ ගෙදර මුදල් තිබෙනවා. හැබැයි අද ඔයා කළ වරදට වෙන කිසි කෙනෙක් නොවෙයි, පුතා ම වග කියන්න ඕනෑ.

තාත්තා පුතාට නැවත කතා කොට අවශ්‍ය මුදල දුන්නා. එහෙත් එක කොන්දේසියක් මත.

පුතා, මේ මුදල් අලාභය වෙනුවෙන් දෙන්න. ඒත්, මා මේ මුදල් දෙන්නේ ණයට. පුතා හැකි ඉක්මනින් මේ මුදල් මට දෙන්න ඕනෑ.

එදායින් පසු මේ පිරිමි ළමයා පාසල් අධ්‍යාපනය කරමින් විවිධ අර්ධ රැකියා කරමින් මාස කිහිපයක් මහන්සි වුණා. හොයපු මුදල පොරොන්දු වූ පරිදි තාත්තාට දුන්නා. පුතා ආදරයෙන් වැළඳ ගත් තාත්තා මෙහෙම කිව්වා.

මගේ හොඳ පුතා. පුතා කළ වරද ක්‍රියාවෙන් හදා ගත්තා. තමා කළ වරදට අවංක ව වග කියන්න පුළුවන් කෙනාට කවදාවත් වරදින්නේ නෑ. මට ඔයා ගැන ආඩම්බරයි.

මේ දරුවා වෙන අන් කිසිවෙක් නොව එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙක් වූ ඩොනල්ඩ් රේගන් ය.

නිකිණි අමාවක

  සැප්තැම්බර් 06 සඳුදා පූ.භා 07.38 අමාවක ලබා 07 අඟහරුවාදා පූ.භා 06.21 ගෙවේ සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]