[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පලාබත්ගල සඟ පරපුරෙහි මූලස්ථානයක් වූ කරන්ගොඩ පොත්ගුල් රාජ මහා විහාරය

පොළොන්නරු යුගයෙන් පසු පලාබත්ගල ධර්මකීර්ති සංඝරාජ මාහිමියන්ගේ පරපුරට අයත් විහාරස්ථානයක් වශයෙන් පොත්ගුල් විහාරය සම්භාවනාවට පත් විය. පොත්ගුල් විහාරය, පැල්මඩුල්ල සහ පලාබත්ගල විහාර ත්‍රිත්වය පලාබත්ගල සඟ පරපුරෙහි මූලස්ථාන වශයෙන් සැලකෙයි. අනුරාධපුර යුගයේ ආරම්භ ව අනුක්‍රමයෙන් මහා විහාරස්ථානයක් වශයෙන් සංවර්ධනය වී පළාබත්ගල සංඝ පරපුරෙහි මූලස්ථානයක් වශයෙන් පැවති, මහනුවර අවධියේ දී ද සුවිශේෂී වැදගත් සිදුවීම් සමුදායකට හිමිකම් කියන්නා වූ විහාරස්ථානයක් ලෙස හැඳීන්විය හැකි පොත්ගුල් විහාරය රත්නපුරට නුදුරින් කරන්ගොඩ ග්‍රාමයේ පිහිටා තිබේ. සතුරු උවදුරු හමුවේ පසු බැස ගිය වළගම්බා රජතුමා සපරගමුවේ සේනා සංවිධානය කිරීම ආරම්භ කළේ මෙම ගල්ලෙන් ආශ්‍රිත ව නැවතී සිටිමින් බවත්, සතුරන් පරදවා මෙහි සතිස් රියන් සැතපෙන පිළිම වහන්සේ, කුඩා වෙහෙර වහන්සේ සහිත ව විහාරස්ථානය තනවා තමාට උපකාර කළ කුප්පිකල තිස්ස තෙරුන්ට පූජා කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මාතලේ අලුවිහාරයේ දී ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය සපරගමුවේ හා රෝහණයේ විහාරස්ථාන සඳහා බෙදා හැරීමට පිටපත් කරන ලද්දේ සහ ගබඩා කරන ලද්දේ පොත්ගුල් විහාරයේ සිට ය යනු තවත් මතයකි. පුස්කොළ පොත් පිටපත් කිරීමේ සංසිද්ධි සමඟ බැඳී තිබීම නිසා විහාරස්ථානයේ නම පටබැඳී ඇතැයි සැලකිය හැකි ය.

නිකිණි අමාවක

  සැප්තැම්බර් 06 සඳුදා පූ.භා 07.38 අමාවක ලබා 07 අඟහරුවාදා පූ.භා 06.21 ගෙවේ සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]