[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මහා මායා දේවිය

මහාමායා දේවිය උපත ලැබුවේ දෙව්දහ නුවරදී ය. මව වූයේ යශෝධරා දේවියයි. පියා අංජන රජුයි. රාජධානිය වූයේ කෝලිය රාජ්‍යයයි. එතුමියට ප්‍රජාපතී ගෝතමී නම් සහෝදරියක් සිටියා ය. මහා මායා දේවිය විවාහ වූයේ සුද්ධෝදන රජු සමඟයි. එතුමියගේ දරුවා වූයේ ‘සිද්ධාර්ථ කුමරුයි’ එතුමිය ‘බුද්ධ මාතාව ලෙස ද සලකයි. සිදුහත් කුමරුගේ උප්පත්තියෙන් දින හතකට පසු මහාමායා දේවිය කළුරිය කළා ය.

****

ප්‍රාර්ථනාව

සිල්වත් පින්වතුන් ලක්බිම ඉපදේවා
දුසිල්වතුන් කිසිදින මුණ නො ගැසේවා
ගුණ ණැන දනන් සැම මෙලොවට බිහිවේවා
සෙනසුන මගෙ සැම තැන ලොව බැබළේවා

****

ඇසළ පෝය දවසේ

අප බෝසත් උතුමාණන්
පෙර කළ පින් බල මහිමෙන්
මවු කුස පිළිසිඳ ගත්තේ
ඇසළ පෝය දවසේ

සිදුහත් බෝසත් කුමරුන්
සංසාරෙන් එතෙර වන්න
ගිහිගෙය අතහැර ගියේ ද
ඇසළ පෝය දවසේ

****

තුන් සරණේ

සරණේ සරණේ
බුද්ධං සරණේ
සරණේ සරණේ
ධම්මං සරණේ
සරණේ සරණේ
සංඝං සරණේ
ලෝ වැසි අප සැමට ම
තුන් සරණේ
වසංගත දුරු වී
මේ තුන් සරණින්
සුව සෙත ලොව පැතිරේවා...

****

සැනසීම

අනෙකාට ගරහමින්
දුවන මේ ජීවිතේ ....
තණ්හාව දරාගෙන
බදාගත් ජීවිතේ...
මදක් නැවතී සිතනු
හැඩය මේ ජීවිතේ...
නිවන වැනි සැනසුමක්
හිමි වේ ද අවසනේ...

****

සංවර වෙමු

“කට නිසයි මාළුවත් නහින්නේ”” ඉතින් ඇයි දන්නවද මෙහෙම කියන්නේ. අපේ වචනය නිසාමයි අපිටත් වරදින්නේ. අපේ කටට එන වචන කියන්න හොඳ නැහැ. මොකද ඒ වචනයෙන් හොඳක් වෙන්නත් පුළුවන් වගේම නරකක් වෙන්නත් පුළුවන්.

වචනය සංවර කර නොගෙන තමන් සිටින තැනත් අමතක කර, හැමදේම කියන කොට අපට වගේම අනිත් අයට අයහපතක් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවද? අපි කියන සමහර වචන නිසා තව කෙනෙකුගේ හිත රිදෙන්නත් , ජීවිතයක් නැති වෙන්නත් පුළුවන් කියලා. නොසිතා කියන හිස් වචන නිසා අප බොහෝ පව් පුරවා ගන්නවා. ඒ නිසා අපි හැමදාම හොඳ වචන කතා කරමු. අනිත් අයගේ හිත් නොරිදවන, තමන්ටත් හානියක් නොවන වචන කතා කරමු.

****

ගහට කොළට පාට දෙන්න අතු අග මල් පිපෙනවා

අහසට එළියක් දෙන්නට ඉරු හඳ තරු පායනවා
මුහුදට තනියක් නොවන්න හෝ ගා රැළි නැඟෙනවා
වනයට පාළුව නොදෙන්න වනේ සතුන් සිටිනවා
ගහට කොළට පාට දෙන්න අතු අග මල් පිපෙනවා

කැලේ සතුන් ගහට කොළට ඉන්න තැනට ආදරෙයිලු
ඒ නිසාම හැමදාමත් කැළේ හරිම සුන්දරයිලු
අප සතුන්ට ආදරේ නම් සතුන් අපට ආදරෙයිලු
නොමරා උන් රැක ගත්තොත් සොබා දහම අගෙයි යහලු

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]