[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා 6 වන පෙරහරේ වාසනා හස්ති රාජයාට පෙර ගමන් කළ අවස්ථාව

කතරගම පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර ඇසළ පුර පසළොස්වක පෝදා

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි

රුහුණු රටේ ප්‍රධාන ආගමික පින්කම් මංගල්‍යය ලෙසින් සැලකෙන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පෙරහරේ අවසන් මහ පෙරහර අද දිනට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දින වීදි සංචාරය කෙරේ. ආරම්භක පෙරහර වන මඟුල් පෙරහර වීදි සංචාරය ආරම්භයට පෙර පුරාණ චාරිත්‍රානුකූල ව ආශිර්වාද පිරිත් සජ්ඣායනය ඓතිහාසික කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ජූලි 09 දින රාත්‍රියේ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු කරන ලදී. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ සහ හිටපු බස්නායක නිලමේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඇතුළු විශේෂ ආරාධිත සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මේ ආරම්භක කටයුතු සිදු කෙරිණි. දේවාලයේ පෙරහර මංගල්‍යයේ ආරම්භක පෙරහර 10 වැනිදා පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ වූ අතර එතැන් සිට අද රාත්‍රිය දක්වා පෙරහර සංචාරය කෙරේ. පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට පෙර වත බැදීම හෙවත් දේව ප්‍රතිමාව වැඩම කරවන හස්තිරාජයා පිට වස්ත්‍ර පෙරවීම, විශේෂ අසුන වැඩම කරවීම සහ මුතුකුඩය තැන්පත් කිරීම සිදු කරන ලදී. දුටුගැමුණු රජු කල සිට පැවතෙන මේ පෙරහරේ රජතුමා විසින් දේවාලයට ලබා දුන් මාල 9න් 5ක් දෙවියන් උදෙසා වීදි සංචාරයට යොදා ගනී. එයද චාරිත්‍රානුකූල ව සිදු කරන ලදී. විශේෂයෙන්ම මේ පෙරහර ඇතුළු දේවාල කටයුතු සිදු කිරීම පිණිස දුටුගැමුණු රජ විසින් අතීතයේ සිට පත් කරන ලද කපු මහත්වරුන්ගේ පරපුර මේ දිනවල ඉතාම කාර්ය බහුල ය. එහිදී තේවා කපු මහත්වරුන් 6 දෙනකු සහ පෙරහර කපුමහත්මයෙක් ලෙස කපු මහත්වරුන් 7 දෙනකු සේවයේ යෙදී සිටී. ඔවුන් වෙනුවෙන් කටගමුවේ අක්කර 12,000ක භූමි භාගයක් නින්දගම් ලෙස රජතුමා විසින් වෙන් කර ඇත.


ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]