[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේ පැවැති මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයෙන්...

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේ පැවැති මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයෙන්...

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ රාජ්‍ය පොසොන් මහා පින්කම හා මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමී ව පොසොන් පොහෝදා (24) ලේක්හවුස් ආයතනය මගින් ආගමික වැඩසටහන් රැසක් සිදු කෙරිණ.‍ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්.දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමන්ලාගේ සහභාගිත්වයෙන් සිල් සමාදන්වීම සිදු කෙරිණි. ධර්ම දේශකයාණන් වහන්සේ වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන්ට පොහෝදා බුදුසරණ පුවත්පත හා දිනමිණ පුවත්පත පිළිගැන්වීම ද සිදු කෙරිණි.

අනුබුදු මිහිදු මාහිමියන් සිහිකරමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ රාජ්‍ය පොසොන් මහා පින්කම හා මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පසුගිය පොහෝදා (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද පුණ්‍ය මහෝත්සවයට සහභාගි විය.

පනස් නවවැනි වරටත් පැවැත්වූ මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජාව ‍ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණි. රට තුළ පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවිමත් සමඟ මෙවර පොසොන් මහා පින්කම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතා සහභාගිත්වයෙන් තොරව සිදු කිරීමට කටයුතු යොදා තිබිණ.

මේ අනුව මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍යමහෝත්සවය සඳහා තෛ‍්‍රනිකායික මාහිමිපාණන් වහන්සේලා අනුශාසනා සිදු කරමින් ආශිර්වාද කිරීම සිදුවිය. තෙදිනක් පුරා පැවැත්වූ මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පින්කම පසුගිය 23 දා ආරම්භ වූ අතර එය (24) සහ (25) වන දිනයන්හි පැවැත්විමෙන් අවසන් විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් පැවැත්වූ ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍යමහෝත්සවය සඳහා ඩයලොග් ආයතනය බැතිබර දායකත්වය ලබා දුණි. සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්.දයාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කෙරිණි.

මිහින්තලා පුදබිමේ මැදමලුවේදී පැවති ආලෝක පූජා පුණ්‍යමහෝත්සවය සඳහා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඉඩම් ඇමැති එස්.එම් චන්ද්‍රසේන, වෙළෙඳ කටයුතු ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්.දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීහුද සහභාගි වුහ.

***

අප රට ශිෂ්ඨාචාරය,සංස්කෘතිය,සිරිත් විරිත්, කලාව, සාහිත්‍ය, ගෘහ නිර්මාණයන් ඇතුළු සියලු අංශයන්ගෙන් පෝෂණයවු ශිෂ්ට සම්පන්න ජාතියක් බිහිවන්නේ මහින්දාගමනය නිසා බව ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ.

වසර 2329ට පෙර මිනිසාට මෙන්ම සියලු සත්වයාට අභය ලැබේවා, සෙත ශාන්තිය ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කළ මේ ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භුමිය අද වනවිට පවතින කොරෝනා වෛරසය දුරුවී අභය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නට හැකි හොඳම ස්ථානය බව ද උන්වහන්සේ පැවසුහ.

පනස් නවවැනි වරටත් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණ රාජ්‍ය පොසොන් මහා පින්කමෙහි මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය උත්සවයේ අවසන් දින (25) අනුශාසනාව සිදු කරමින් උන්වහන්සේ මේ බව පැවසුහ. ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්.දයාරත්න මහතාගේ උපදෙස් පරිදි ආලෝක පුජා පුණ්‍ය උත්සවය සිදු කෙරිණ.

තෙදිනක් (03) පුරා පැවැත්වුණ මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පින්කමෙහි අවසන් දින(25) අනුරාධපුර මහා දිසාපති ආර්.එම් වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණි.

පොසොන්
අව අටවක

ජූලි 01 බ්‍රහස් අ.භා 14.01 අව අටවක ලබා 02 සිකුරා අ.භා 15.28 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]