[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේ පැවැති මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයෙන්...

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ රාජ්‍ය පොසොන් මහා පින්කම හා මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමී ව පොසොන් පොහෝදා (24) ලේක්හවුස් ආයතනය මගින් ආගමික වැඩසටහන් රැසක් සිදු කෙරිණ.‍ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්.දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමන්ලාගේ සහභාගිත්වයෙන් සිල් සමාදන්වීම සිදු කෙරිණි. ධර්ම දේශකයාණන් වහන්සේ වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන්ට පොහෝදා බුදුසරණ පුවත්පත හා දිනමිණ පුවත්පත පිළිගැන්වීම ද සිදු කෙරිණි. අනුබුදු මිහිදු මාහිමියන් සිහිකරමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ රාජ්‍ය පොසොන් මහා පින්කම හා මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පසුගිය පොහෝදා (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද පුණ්‍ය මහෝත්සවයට සහභාගි විය. පනස් නවවැනි වරටත් පැවැත්වූ මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජාව ‍ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණි. රට තුළ පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවිමත් සමඟ මෙවර පොසොන් මහා පින්කම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතා සහභාගිත්වයෙන් තොරව සිදු කිරීමට කටයුතු යොදා තිබිණ. මේ අනුව මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍යමහෝත්සවය සඳහා තෛ‍්‍රනිකායික මාහිමිපාණන් වහන්සේලා අනුශාසනා සිදු කරමින් ආශිර්වාද කිරීම සිදුවිය. තෙදිනක් පුරා පැවැත්වූ මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පින්කම පසුගිය 23 දා ආරම්භ වූ අතර එය (24) සහ (25) වන දිනයන්හි පැවැත්විමෙන් අවසන් විය.


පොසොන්
අව අටවක

ජූලි 01 බ්‍රහස් අ.භා 14.01 අව අටවක ලබා 02 සිකුරා අ.භා 15.28 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]