[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දිවි මඟ සරු කරන ධර්මානුධර්ම ප්‍රතිපත්ති

සාමාන්‍ය මිනිසකුට ඇතිවන්නේ කරුණාව හා ප්‍රඥාවයි. එහෙත් බුදුවරයකුට ඇතිවන්නේ මහා කරුණාව හා මහා ප්‍රඥාවයි. මහා ප්‍රඥාව හා මහා කරුණාව අනුසාරයෙන් සියලු සත්ත්වයා දුකෙන් මුදවා ගන්නට දිවා රෑ නොතකා, අව්ව වැස්ස නොබලා, වේලාව අවේලාව නොසිතා සියලු සත්ත්වයා දුකෙන් මුදවා ගන්නට කටයුතු කිරීම බුදුවරයකුගේ මූලික අභිප්‍රායයි. බුදු සමයේ මූලික හරය රැඳී ඇත්තේ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය මත ය. සියලුම සත්ත්වයා දුකෙන් වෙළී පැටලී ඇත. එයයි ප්‍රථමයෙන් ම හඳුන්වා දෙන ලද්දේ දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව යථාවබෝධයක් පුද්ගලයාට නියත වශයෙන්ම තිබිය යුතු ය. පුද්ගලයා නිවැරදි මාර්ගයකට යා යුතු නම් ‘මැදුම් පිළිවෙතට’ නැඹුරු විය යුතු ය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් සිරුරට වඩාත් සැපදීම හා අත්තකිලමතානුයෝගය හෙවත් සිරුරට වඩාත් දුක් දීම බැහැර කොට මේ අන්ත දෙකට ම නැති මැදුම් පිළිවෙත උපයෝගී කොට ගත යුතු ය. සසරින් එතෙර කිරීමයි බුද්ධ ආඥාව වන්නේ. අනවරාග්‍ර හෙවත් කෙළවරක් නැති භවයෙන් මුදවා ගැනීමයි මූලික අභිප්‍රාය. කෙළවරක් නැති භවයේ දිගටම රැඳී සිටිනවාද එසේ නැත්නම් එයින් මිදෙනවාද යන්න ගැනත් සිතා බැලිය යුතු ය. කෙළවරක් නැති භවයෙන් මිදෙන්නේ කෙසේද? භවය දිග්ගැස්සෙන්නේ පුද්ගලයා කෙරෙහි පවත්නා, ආශාව, ඇල්ම, තෘෂ්ණාව හේතුකොටගෙන ය. පුද්ගලයා යමක් ඇලී ගැලී සිටීමයි අරමුණ. මේ නියතයෙන් අනිවාර්යයෙන් ම නිරන්තරයෙන් ම දුරස්ත විය යුතු ය. ආශාව පොදි බැඳගෙන යා යුතු ගමන දුරු කළ යුතු ය, යන්න බුද්ධ දේශනාවයි.


  වෙසක් අමාවක 

ජුනි 09 බදාදා අ.භා 13.58 අමාවක ලබා 10 බ්‍රහස් අ.භා 16.22 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]