[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සංස්කෘතික දායාද මතු පරපුරට පවරා දීම

සෑම රටකට ම අදාළ වූ සංස්කෘතියක් සහ හර පද්ධතියක් නිර්මාණය වී ඇත. එය එම රටේ අභිමානයට සහ ප්‍රෞඪත්වයට මහත් සේ බලපෑම් කරයි. මහින්දාගමනයෙන් පසු අපේ රට තුළ ද එම යහපත් තත්වයන් නිර්මාණය වූ අතර, එය රැක ගැනීම වෙනුවෙන් මහ සඟරුවන සහ අතීත මුතුන් මිත්තන් මහත් කාර්ය භාරයක් ඉටු කළහ. අතීත ජන සමාජය නිර්මාණය වූයේ “වැවයි දාගබැයි - ගමයි පන්සලයි නිල්වන් ගොයමයි - කහවන් සිවුරයි” යන උදාර සංකල්පය මත ය. එවන් ශ්‍රේෂ්ඨ ආරම්භයක වර්තමාන පිරිස ලෙස එම හරයන්ට වැඩි වටිනාකමක් ලබාදී කටයුතු කිරීම අප සතු කාර්යයකි. විශේෂයෙන් තරුණ ප්‍රජාව මේ පිළිබඳ අවධිකමක් නිර්මාණය කරගත යුතු වේ. සංස්කෘතිය පවරාදීමේ එක් සන්ධිස්ථානයක් ලෙස සිංහල හින්දු නව අවුරුද්ද ප්‍රධාන තැනක් ගනු ලැබේ. මෙය උත්සවයකට එහා ගිය සංස්කෘතිය අනාගතයට පැවරීමේ ඉතා වැදගත් අවස්ථාවකි. මානව පැවැත්මේ සෑම ක්‍රියාකරකමක් ම සංස්කෘතියට සම්බන්ධ වේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපරකණ, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, විශ්වාස, සමාජ සංස්ථා පුද පූජා, ජීවන රටාව, ආර්ථිකය මෙහෙයවීම , සමාජ චර්යා, දේශපාලන ආ ආගමික චර්යා, විනෝද කටයුතු මෙන්ම දේශපාලන හා ආගමික කටයුතු ද පරිසරයට උචිත ලෙස ඔරොත්තු දෙන ජීවන රටාවක් නිර්මාණය කරගැනීම සංස්කෘතිය යි.


  බක් පුර අටවක 

 අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]