[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී අම්බරුක්ඛාරාම පුරාණ විහාරය

ශ්‍රී අම්බරුක්ඛාරාම පුරාණ විහාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, රඹෑව ගම්මානයේ පිහිටා ඇති, ශ්‍රී අම්බරුක්ඛාරාම පුරාණ විහාරය පෞරාණික වටිනාකමකින් යුක්ත විහාරාස්ථානයකි. පුරාවිද්‍යා ලේඛනවල රන්වැටි අමුණ විහාරය ලෙසද, අතීතයේ ජීවත් වූ බොහෝ දෙනා ගල්ගොඩ විහාර නමින් ද මෙම විහාරය හඳුන්වා ඇත. විහාරස්ථානය ද ක්‍රමයෙන් වල් බිහිවී ඇත. 1960 දශකය පමණ වන විට එම කාල වකවානුවේ ජීවත් වූ උපාසක, උපාසිකාවන්, විසින් නැවත ආරම්භ කර ඇත. ඉන් පසුව උපාසක උපාසිකාවන් සතර පෝයට සිල් සමාදන් වෙමින් මෙම පින්බිම ආරක්ෂා කර ඇත. පොල් අතුවලින් සෙවිළි කරන ලද ආවාස ගෙයක් සකසා ගෙන ආගමික කටයුතු සිදු කරගෙන යන ලදී.

කදුරුගස්දමනේ පුඤ්ඤසාර ලොකු හාමුදුරුවන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ හිඳ ඇත. බෝධි රෝපණය රාජගුරු පරපුරේ පින්වතුන්ලා විසින් සිදු කොට ඇති බව ගම්වැසියන් සිහිපත් කරයි.

2013 වසරේ ගම්වාසීන්ගේ ආශීර්වාදය ඇතිව මෙම විහාරස්ථානය ඓතිහාසික මාංකඩවල රජමහා විහාරාධිපති උතුරු සහ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක මත්තව රතනපාල මා හිමිපාණන් වහන්සේ වෙත ලියවිල්ලකින් භාර දී ඇත. එම භාර දීමෙන් පසු නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඇතිව වර්තමාන විහාරාධිපති බණ්ඩාරගම කොළමැදිරිය පුරාණ රාජමහා විහාරාධිපති යටිපව්වේ ධම්මකිත්ති ලොකු හාමුදුරුවන් වහන්සේ, සූරියවැව විමලරතන පොඩි හාමුදුරුවන් වහන්සේ සමඟ මෙම විහාරස්ථානයට 2014 මැයි 1 දින වැඩම කොට සියලු දායක දායිකාවන් සමඟ සාකච්ඡා කොට මෙම පින්බිමේ දියුණුව ඇති කළහ.

සතර පෝයට සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් තමන්ගේ උපරිම ශක්තිය යොදමින් මෙම පුණ්‍ය භූමිය ආරක්ෂා කර ගෙන යන බව සතුටින් පුණ්‍යානුමෝදනා පූර්වක ව සිහිපත් කරමි.

  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]