[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝවාමහාපාය

රිදී නඟුලකින් මායිම් සලකුණු කළ බිමේ ඉදිවූ ලෝවාමහාපාය

මිහිඳු මහ රහතන් වහන්සේ මහමෙවුනාවේ මහා සීමාව පිහිටුවා අටමස්ථානයන් සලකුණු කරමින් “මහා මූචල මාලක“ නම් ස්ථානයේ දී මල් මිටක් පතිත කළේ යැයි සඳහන් වේ. එම මල් පතිත වූ ස්ථානයේ දී මහා සංඝයා වහන්සේ රැස්ව විනයකර්ම සිදු කරන උපෝසථාගාරයක් අනාගතයේ දී පිහිටවන බව දේවානම් පියතිස්ස රජතුමාහට පවැසූ බව සඳහන් වේ. දේවානම් පියතිස්ස රජතුමා එම බිම්කඩෙහි රිදියෙන් කළ නගුලකින් හාරා මායිම් සලකුණු කළ බව ඉතිහාසයේ සඳහන් ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි අනාගතයේ දී තම මුණුබුරෙකු වන්නා වූ දුටුගැමුණු නම් රජතුමා විසින් මෙහි ලෝවාමහා ප්‍රාසාදයක් කරවන බව රන්පතක සටහන් කොට මාළිගාවේ තැන්පත් කොට තැබුවේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාළ මෙම අනාවැකිය ඒ පරිද්දෙන් රජ මැදුරෙහි කරඬුවක බහාලන ලද රන්පතෙහි ලියා තිබූ සටහන අනුව මෙම ලෝවා මහාපාය ගොඩනැංවූ බව මහා වංශයේ සඳහන් වේ. “මා විසින් දිව්‍ය විමානයක් සදිසි මහා ප්‍රසාදයක් කරවන්නෙමියි පවසා, සැලසුමක් ලබා දුන මැනවැ‘යි දුටුගැමුණු මහ රජතුමා මහා සංඝරත්නයට සැළ කර සිටි බව සඳහන් වේ. රහතන් වහන්සේලා අට නමක් තව්තිසා දෙව්ලොවට වැඩම කොට එහි “භරණී“ නම් දිව්‍යාංගනාවගේ රත්න ප්‍රාසාදය නම් නව මහල් දිව්‍ය විමානය දැක එහි සැලැස්ම සිවුරක් මත සටහන් කරගෙන පැමිණි බව මහාවංශය සඳහන් කරයි.


  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]