[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දුරුතු පුරපසළොස්වක පුන්පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් හා අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුළඟණ සමිතිය හා විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ දී සංවිධානයෙන් සෞඛ්‍ය උපදෙස් පරිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත.

දුරුතු පුරපසළොස්වක පුන් පොහොය දින අලුයම 05.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම හා සිල් සමාදන්වන සියලු පින්වතුන් අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති පූජ්‍ය සීදුවේ සුමනවංස නා හිමිපාණන් වහන්සේ සිදුකරනු ඇත. රට තුළ පවතින කොරෝනා වසංගතය දුරුවී සැමට ආශිර්වාද කිරීම සඳහාත් විශේෂ ආශිර්වාද අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කමක් ද පැවැත්වේ. විශේෂ ගුණසමරු ධර්ම දේශනාව කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වති.

****

කළ්‍යාණි රාජ මහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය විසින් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය රන්දිලිගම මහින්ද හිමි ගේ මූලිකත්වයෙන් පෙ.ව. 6.00 ට සීල සමාදානය සිදු කෙරෙයි. පෙ.ව. 8.00 විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ සුමුදුර ධර්ම දේශනාව පැවැත්වෙන අතර ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය අති ගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි භාවනා වැඩසටහන මෙහෙයවනු ඇත.

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී විචිත්‍ර භාණක පූජ්‍ය ගොඩපොල නන්ද හිමි විසින් දිවා බුද්ධ පූජාව සිදු කරන අතර පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමි හා පූජ්‍ය කහගොල්ලේ සෝමවංස හිමිවරු ධර්මදේශනා පවත්වති.

ප.ව. 5.00 සිට 6.00 දක්වා මහාචාර්ය අතිගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි පවත්වන භාවනා වැඩසටහන පැවැත්වෙන අතර ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි ගිලන්පස පූජාවත් පූජ්‍ය රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි සන්ධ්‍යා ධර්මදේශනාවක් ද පවත්වති. රාත්‍රී 8.00 සිට පසුදා අලුයම පහන්වන තුරු ගුවන්විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

ජනවාරි 28 දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විහාරාධිපති විතාරන්දෙණියේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන පින්කම් මාලාව උදේ 06.30 ට සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පූජ්‍ය විතාරන්දෙණියේ වජිර හිමි, උදේ 8.00 ට ධර්මානුශාසනාව පූජ්‍ය බඳගිරියේ සුමන හිමි, උදේ 9.00 ට බුදුගුණ කවි ගායනාව පූජ්‍ය සූරියවැවේ රාහුල හිමි, උදේ 10.00 ට භාවනා වැඩසටහන පූජ්‍ය හම්බන්තොට ආනන්ද හිමි, දහවල් 11.00 ට බුද්ධ පූජාව පූජ්‍ය රන්නේ අමාධාර හිමි, දහවල් 1.00 ට කොරෝනා උවදුර මඩිමු දේශනය කේ.ඒ. විජේසිංහ මහතා, සවස 2.00 ජාතක කතා දේශනාව, පූජ්‍ය සූරියවැව නන්ද හිමි, සවස 3.00 ට ගිහි ජීවිතයට බුදුදහම දේශනය ඩබ්ලිව්.ඒ. විදේෂ් විජේදාස මහතා, සවස 4.00 කවිබණ පූජ්‍ය ඕපනායක සිරි සුජාත හිමි, සවස 6.00ට අටවිසි පූජාව පූජ්‍ය හම්බන්තොට ආනන්ද හිමි

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]