[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බොදු උරුමයෙහි අභිමානය යාපා පටුනේ කදුරුගොඩ විහාරය

"මෙකල යාපනය ප්‍රදේශයේ ඇති පැරණි බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන රාශියක් අතුරෙන් කදුරුගොඩ විහාරය අයත් පුදබිම ඉතා පැරණි පුදබිමක් ලෙස පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇති බව ඉතා ප්‍රකට ය. කදුරුගොඩ විහාරය ආශි‍්‍රත වූ මෙම පැරණි බෞද්ධ සිද්ධස්ථානය පිහිටියේ හුණුගම (චුන්නාකම්) මිනිපේ (මානිපායි) පාරේ චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කදුරුගොඩ නම් ග්‍රාමයෙහි ය. " මහනුවර රාජධානි සමයේ දී ලියන ලද “නම්පොත” නම් වූ පොතෙහි කදුරුගොඩ යන නාමය සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ඒ කාලයේ දී පවා සිංහල බෞද්ධ ජනතාවගේ පූජනීය පුදබිමක් ලෙසින් එය පැවති බව ය. දෙමළ භාෂාවෙන් කන්නරෝඩෙයි යන නාමයෙන් ද මේ පුදබිම හැඳින් වුණි. කදුරුගොඩ පුරාණ පුද බිමෙහි පැරණි වටදාගෙවල්, දා ගැබ්, බුදු පිළිම අවශේෂ සහ සිරිපතුල් ගලක් ද හමු වී ඇත. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය) කදුරුගොඩ විහාරය පිළිබඳ මුලින්ම මෑත භාගයේ දී කැණීමක් සිදු කළේ පෝල් ඊ. පීරිස් මහතා විසින් 1917 - 1919 කාලයේ දී ය. එම අවස්ථාවේ දී විහාර ගෙයක නටබුන්, බුදු පිළිමවලට අයත් කුඩා කොටස් ද, කුඩා දාගැබ් 60 ක පමණ නටබුන් ද, උළු කැට හා කාසි වර්ග රැසක් ද හමු වී ඇත. මෙම දාගැබ් සංරක්ෂණය කර ඇති අතර, දාගැබ්වලට අයත් පාර්මිකා හා කොත් කැරලි ද හමු වී තිබේ. මේවා අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයට අයත් සේ හඳුනාගෙන ඇත. මෙම සියලුම දාගැබ් හුණුගල්වලින් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.


  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]